Friday,
Dec
31,

සුභ නව වසරක් වේවා......

ඔන්න යාලුවනේ  2010 වසරෙ අවසානයේදීම,  ලියන අවසාන බ්ලොග් ලිපිය ලියන්න තමා  මගේ සූදානම…..
2010 ආරම්භයේ පටන් අද වනතුරු මගේ ජීවිතේ  වටිනාම සිදුවීම් කිහිපයක්ම තියෙනවා.ඒ හැමදේම මගේ අනාගතේට හුගාක් වටින දේවල්, ඒ වගේම මට සතුටු වෙන්න පුලුවන් අනාගතේ තීරණය කරන වි‍‍ශේෂ සිදුවීම් කීපයකුත් තියෙනවා.  
ඉතින් යාලුවනේ,,,,  
උදාවන 2011 අලුත් අවුරුද්දට පියනගන්න ඉන්න මගේ බ්ලොග් මිතුරු මිතුරියන් හැමෝටම සිනහවෙන් පිරුන බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පුංචි මලිති එක සිතින්ම  ප්‍රාර්ථනා කරනවා…….
එහෙනම් අලුත් අවුරුද්දෙදි  නැවත හමුවෙන්න හිතාගෙන, පරණ අවුරුද්දට සමු දෙන්නම්…...

Sunday,
Dec
26,

බලාපොරොත්තුව,,,

නෙතේ කදුලැලි,
 අදුරේ සගවා,,,
හිරු නැගෙන විට සිනහ වෙන හැටි,
ලොවට පෙනෙන්ට……
සෙනෙහෙ උතුරන සිතක අරුමය,
සිහිවෙයි මතක සේයාවන්……
දග කළ සිත් පොඩිය ගසාගෙන ගියද සුළගට,
ඉතිරිව ඇත සිත නුඹ ළගයි…….
බලාපොරොත්තු පොදි බැදගෙන,
දෑසේ කදුලු සගවාගෙන,
බලා සිටිමි පවසන තුරු සිතේ ඇති ආදර හැගුමන්……

Monday,
Dec
20,

අවසර දෙනුමැන..........


නිමා කළ නොහැකි සසර ගමනේ
සරණ යමි බුදු හිමිගේ සෙවණේ
අවසර දෙන්න බුදු හිමියනේ
විදින්නට දහම් සිහිල ඔබගේ සෙවණේ

දෑසේ කදුලු තිබුණත් මාගේ
සැනසුමක් ඇත බුදු හිමිගේ සෙවණේ
අවසර දෙන්න බුදු හිමියනේ
දෙපා නැමදුමට බුදු හිමිගේ

Saturday,
Dec
18,

අසීමිතයි ආදරේ.....



අහස දෙස බලා 
අප පැතු පැතුමන්
පෙනෙන තරු තරමට....

මුහද දෙස බලා 
අප තෙපලූ වදන්
ආ ගිය රැළි තරමට....












අසීමිතයි මට ඔ‍බෙන්
ලැබෙන මේ ආදරය....

සම කළ නොහැක මෙලොව 
කිසිවක් අපේ ආදරය....


Sunday,
Dec
12,

අපේ ගෙදර ඉන්න හුරතලා තමා මගේ බලු පැටියා. පැටියා කිව්වට මොකෝ දැන්නම් එයා ගොඩක් ලොකුයි. එයාගෙ නම ෂැගී. නම දැම්මෙත් මමයි. මේ බලු පැටියා අපේ පොඩි අයියට එයාගේ අක්කගෙන් හම්බ වුනු තෑග්ගක්. ඇත්තටම මම හුගාක් අසාවෙන් හිටියේ ගෙදර බලු පැටියෙක් ඇති කරන්න, එයත් එක්ක සෙල්ලම් කරන්න.මොකද කියනවනම් මම ගෙදර බාලයා. ඉතින් අනිත් අය එයාලගේ වැඩනේ. මට සෙල්ලම් කරන්න කෙනෙක් හිටියෙ නෑ. ඉතින් ඔය කාලේ තමයි අයියා පුලුන් බෝලයක් වගේ මාස තුනක බලු පැටියව ගෙනාවෙ.
          “නංගියෝ මෙන්න යාලුවෙක් එක්කන් ආවා කියාගෙන අපේ පොඩි අයිය ගෙට ගොඩ වුනා. ඒ වෙලේ මම ටී වි බල බලා හිටියේ, ඒක පැත්තක දාලා එක පයින් ගියේ මොකද්ද මේ අයියා ‍ගෙනාපු යාලුවා කවුද බලන්නයි.

          “අනේ……ලස්සන බලු පැටියෙක්මට ඉබේටම වගේ කියවුනා. සුදුම  සුදු පුලුන් ගොඩක් වගේ.
අනේ දැක්කම හරි ආස හිතෙනවා මේ පුංචි පැටියව.   එහෙම කියල ගේ ඇතුලෙන් තියලා….දුවගෙන ගි‍යේ කුස්සියට කිරි එකක් හදන් එන්නයි.
 අනේ පව් දුන්න කිරි එක ගමන් බීගෙන බීගෙන ගියා. පුදුම පෙරේතයෙක්…. ඒත් පව් කියලා හිතුනා.
අපි ආදරේට නමකුත් දැම්මා සුදු පුංචා කියලා.
           
 එදා රැ….සුදු පුංචා කෑගහන්න ගත්තා, නිදා ගන්නෙ නැතුව. මං ලංගට අරන් නිකමට කකුල තිබ්බා ළං කරලා, අනේ කෑගැහිල්ල නවත්තලා මගේ කතුල  උඩින් බෙල්ල තියාගෙන නිදා ගත්තා නේද මේ හොර බලු පැටියා. තාම කිරි බොන වයසනේ මේ, අම්මා නැති අඩුව දැනෙනවා ඇති තදින්ම.
       ඉතින් මම එදා රැ මගේ පුලුන් බෝලෙ නිදි කළා මිසක් මට නිදන්න උනේ නැහැ. කිරි බොන දරැවෙක් අම්මාගෙන් වෙන් කළා හා සමානයි නේද මේ වැඩේ කියලා මගේ හිත කියනවා. පව් පොඩි එකා. ඔන්න ඔය විදියට ටික දවසක් ගෙවුනා……..
          මෙන්න මෙයා පුංචි දගයෙක් වෙලානේ…… දුවනවා, පනිනවා වෙලාවකට මාවත් හූරනවා, ඒ වුනාට හරිම හුරතල්  වෙලානේ බලු පුංචා. මේ දාංගලේට දවසක් පාරට ගිහින් අපිටත් හොරෙන්ම. මෙන්න බොලේ එක පාරටම පාර පැත්තෙන් පුංචා කෑගහනවා ඇහුනා. ගෙයි ඇතුලෙ හිටපු මමයි අම්මයි පාරට දිව්වෙ පුදුම වෙලා..
අනේ මගේ සුදු පුංචා හැප්පිලා…… :'(  කකුලක් නමාගෙන පාරේ එහාටයි මෙහාටයි දුවනවා. මට ආව දඩස් ගාලා අදහසක්. පැන්න පාරට…… නැවැත්තුවා වාහන ටික, නැත්නම් ආයිමත් හැප්පෙනවනේ……..දුවමින් හිටපු පුංචව අල්ලගෙන වඩා ගත්තා. ඒ වෙනකොටත් නහයෙන් ලේ එනවා, මම හොදටම බය වෙලා හිටියේ. මම අම්මට කෑගහල කිව්වා එක්ක යමු දැන්ම දොස්තර ගාවට කියලා. අම්මත් ඉක්මනටම වාහනේ අරගෙන ආවා. තුරැල් කරන් හිටපු මගේ පුංචවත් අරගෙන මමත් ගොඩ වුනා වාහනේට. අලි කදක් වගේ බර පුංචාව අරන් මම දුවලා ගිහින් දොස්තරට  අනේ බල්ලා හැප්පුනා ඉක්මනින් බලන්න මෙයාව කියලා කිව්වා. ඊට වඩා දෙයක් කියන්න ම දැනන් හිටියේ නැනේ…..
          දොස්තර බලලා කිව්වා කකුල කැඩිලා ඔපරේෂන් කරලා කම්බි දාන්න ඕනේ කියලා. ම්….. මට හීනෙන් වගේ ඇහුනා මෙයාට වෙන මුකුත් නම් වෙලා නෑ කියලා ”, මං සැකේට ආපහු ඇහුවා එක එත්තකද කියලා තහවුරැ කර ගන්න. හම්….. එවෙලෙ තමා ඇගට ලේ ඉනුවේ. ඔන්න ඔක්කොම ඉවර  කරලා බොන බෙහෙත් ටිකත් අරගෙනම ගෙදර අවා අලි බරක් ඇති පුංචාව උස්සගෙන. බෙහෙත් පොවලා පැටියව මම හොදට බලා ගත්තා මාස ගානක්,,,,,,
දොස්තර ඔන්න ආයිමත් පුංචා එක්ක එන්න කිව්වා කම්බිය අයින් කරන්න. අනේ මගේ පුංචා කපනවා කොටනවා මටත් බලන්නන උනානේ, මම එයා ළගමයි එදා හිටියේ. හරි ඒ වැඩෙත් ඉවරයි……..ඒත් එයාගේ කකුලේ පොඩි ඇදයක් තියෙනවා. අනේ මගේ පුංචි බලු පැටියා……….
ඒත් මට දුක නෑ, මම හොද කරගන්න ගත්තු මහන්සිය නිසා කෙලින් හිටගෙන ඇවිදින්න හරි පුලුවන් වුනානේ මගේ පුංචාට……...


හ්ම් පේනවද ඉන්න උජාරුව? දැන්නම් මෙයා ලොකුයි.. ඒ වගේම හරිම ආඩම්බරයි.. 

Saturday,
Dec
11,

කදුලක්.......


උදෑසනම හිරැ පායා එන විට,
නෙත් විකසිත වූයේ ඔබගෙන් පණිවිඩයක් දැක ගැනීමට,

එය නොදුටු මගේ නෙතු අයා සිටියා එය ලැබෙන තුරා…..
පසුව හෝ එවූ පණිවිඩය මගේ නෙතු අග කදුලක් ඇති කළේ පෙර ලෙස එහි ආදරයක් ගැබ් නොවී තිබූ  නිසාවෙනි,
කියන්න මා කළ වරද,,,,,
රිදවන්න මේ තරමට,

කවදා හෝ දැනුනොතින් ඔබටත් මෙවන් දුකක්
තේරැම් යාවි මගේ වේදනාව,

ඒත් මම හැමදාමත් පතන්නෙ, මගේ සුදු අයියාගේ සතුට පමණයි……….

ᵯᵰᵱᵲᵳᵴᵵᵶᵷᵸᵹᵺᵻᵼᵽᵾᵠᵠᵠᵠᵠ……….


Friday,
Dec
10,

අපේ ආදරේ ඇරඹුම......

 පෙර දිනක හැමුවා ආදරයේ සුළි කුණාටුවක්,

එය දැක මා බිය වුනි දස දහස් වරක්,

සිතුවෙම නෑ එය මිතුරු වෙයි කියා
වෙනස් කරන්නට මගේ මුළු දිවියම,

අපි අද අපේම වී සිටින්නෙමු ආදරයෙන් වෙලී සදාකාලිකවම………


Friday,
Dec
3,

ඉතින් කොහොමද යාළුවනේ….

    ඔන්න මේ පුංචි මලිති අද ඉදන් බ්ලොග් එකක් ලියනවා. මම මේ බ්ලොග් කලාවට තාම අලුත්, ඉතින් ඔය ලොකු ලොකු බරසාර දේවල් නම්  තාම තේරෙන්නැ  මට. මේ හැම දේම කරන්න කියලා දෙන්නෙ මගේ හෙවනැල්ල වගේ ඉන්න මගේ සුදු අයියා.
   හැමදේටම කලින් මං ගැන විස්තර කියන්න එපැයි. මලිති කියන්නෙ කදුළු වලට අකමැති, හුඟාක් සතුටින් ඉන්න කැමති, අහිංසක පුංචි කෙල්ලෙක් කියලා තමා මගේ සුදු අයියා නම් කියන්නෙ. මං හැමදාම කැමති හිනා වෙලා ඉන්න, ඒත් ඒක අමාරු දෙයක් කියලා  මං දන්නවා.  මගේ සුදු අයියා මාව නිතරම හිනාවෙන් තියන්න උත්සහ කරනවා.
   කොළඹින් තරමක් ඈත තැනක උසස් අධ්‍යාපනය ලබන මලිතිගේ එකම බලාපොරොත්තුව, උපාධිය ගත්තට පස්සෙ එයාගේ සුදු අයියා ගාවට යන්නයි ඉක්මනට.
එහෙනම්…..
එන්න අද ඉදන් මගේ  බ්ලොග් එකට…….
 අදට මම නවතින්නම්.