අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා කොහේ හරි ගමනක් යනකොට වතුර බෝතලයක් අරගෙන යන්න, එහෙම නේද??? අපි ගෙනියන මේ වතුර බෝතලය ගැන පොඩ්ඩක් හිතල බලමුද. ම්....විවිධ ආකාරයේ බෝතල් වලට නේද අපි වතුර පුරවගෙන යන්නේ. වෙළදපොලේ තියෙන නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරලා තිබුණු බොහෝමයක් ප්ලාස්ටික් බෝතල් අපි විසිනොකර නැවත නැවත පාවිච්චි කරන්නවා නේද ලේසියටයි පහසුවටයි.

මේ බෝතල් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වර්ගය අනුව තමයි අපිට ඒවා නැවත පරිබෝජනයට සුදුසුද නැද්ද කියලා තීරණය වෙන්නේ. අපි කොහොමද ඉතින් දැනගන්නේ නේද??? 




මෙන්න මෙහෙමයි ඔය බෝතල් වල පතුල පොඩ්ඩක් බලන්න....ඔයාලාට දකින්න පුලුවන් මේ පහතින් තියෙන රූපයේ වගේ ලාංජනයක්....... තියෙනවද????



අන්න ඒකේ මේ වගේම ත්‍රිකෝණය ඇතුලේ අංකයක් ඇති. මේ අංකය     
භාවිතයෙන් තමා ඒවා ප්‍රතිචක්‍රීකරනයේදී ප්ලාස්ටික් වර්ග වෙන් කරලා අඳුන ගන්නෙ. 


ඊට අමතරව මේ අංකයෙන් අපිට තීරණය කරන්න පුලුවන් නැවත භාවිතයට සුදුසුද නැද්ද යන වගත්. ඒ අංකය 1 නම්....... දැන්මම ඔය බෝතලය දුවලා දුවලා ගිහින් කුණු ගොඩට දාන එක ඇඟට ගුණයි....:) හෝව් පොඩ්ඩක්....පරිසරයට හානියක් නොවෙන විදියට ඉවත දාන්නත් අමතක කරන්න එපා.....මොකද දන්නවද  අංකය 1 සඳහන් බෝතල් එක් වතාවයි පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන්නේ. අංකය 5 සඳහන් කරලා තියෙන බෝතල් තමා  නැවත භාවිතයට සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙන්නේ.

බොහෝමයක් පානීය ජලය සහ බීම ඇසුරුම් සහිත බෝතල් වල අංක  1 තමා සදහන් වෙලා තියෙන්නේ. මේවා එක් වරකට වඩා භාවිතයෙන්, එම බෝතල් හිරු එළියට නිරවරණය වීමේන් ජලය සමඟ එම ප්ලාස්ටික් වර්ගය නිපදවලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා විවිධ විෂ වර්ග එම බෝතලය ඇතුලේ තියෙන ජලයට මිශ්‍ර වෙනවා. 

වැදගත්ම දේ තමා, අංකය ඉහළ අගයක් තිබුණත් මේවා භාවිතා කිරීමේදී බෝතලය සීරීම, හිරු එළියට නිරාවරණය වීම වගේම උණු වතුර රස්නෙන් බෝතලයට දැමීම වගේ හේතු නිසා මේ විෂ නිපදවීමේ සීඝ්‍රතාවය වැඩිවෙනවා. මේ නිපදෙවෙන විෂ, පිළිකා කාරකයක් බව අනාවරණය වෙලා තියෙනවා.

හැබැයි පුංචි ළමයින් නම් මම හිතන්නේ මේ බෝතල් භාවිතයෙන් තොරයි. මොකද කිව්වොත් එයාලට කුක්කු බෝතල් වගේ සූප්පුවක් තියෙන බෝතලයක් ඕනෙමනේ.....ඒ වුනාට අපි ඒ වගේ බෝතල් වුනත් මිලදි ගන්න අවස්ථා වලදී අංකය බලලා තමයි ගන්න ඕනේ.....පුංචි අයට විතරක් නෙමේ අපි වගේ ලොකු පොඩ්ඩන්ටත් වතුර බොන්න බෝතල් වෙනම මිලදී ගන්න පුලුවන් (සූප්පු රහිත ඒවා  ;)  )

පුංචි පොඩ්ඩන්ට(කැමතිනම් ලොකු පොඩ්ඩන්ටත් භාවිතා කළ හැක ;) )

 ලොකු පොඩ්ඩන්ට


අද ඉදන් ඔයාලා මාස ගනන් පාවිච්චි කරපු වතුර බෝතලේ වගේම, ගෙදර ගොඩ ගහගෙන ඉන්න බෝතල් වල අංකය බලලා ඒක තවදුරටත් භාවිතයට සුදුසුද නැද්ද කියලා තීරණය කරලා,  නුසුදුසු ඒවා ඔක්කෝම ටික එකතු කරලා පරිසරයට හානියක් සිදු නොවෙන විදියට ක්‍රමවත් ලෙස භාවිතයෙන්  ඉවත් කරන එක අපි හැමෝගේම වගකීමක් බවත් හොඳින් මතකයේ තියාගන්න.....