මුළු රටපුරාම විසිර සිටින සියලුම බෞද්ධ ජනතාව සාමකාමීව ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් පසු ගිය 16 වැනි දින 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවා. තොරන් දන්සල් වෙසක් කූඩු හරි හරියට ගමපුරාම තිබුණා. ඒ වගේද පන්සලකට ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ සු….. ගාලා සෙනග.

          අපිත් ඉතින් වෙසක් උත්සවය සමරන ජනතාවනේ…..වෙසක් කූඩු හදන්නත් ඕනේ නිසා වෙසක් පෝයට කලින් දවසේ කූඩු හදන්න අවශ්‍ය කරන කලමනා ටික අරන් එන්න පොඩි වෙසක්  කඩේකට ගියා. මේක ඇතුලට ගියපු ගමන් මගේ ඇස් දෙකනම් ගියේ වෙසක් කාඩ් පැත්තටයි. ම්…..ලස්සන ඒවා තිබුණා අනේ :-D ඒවා අල්ලලා දාලා ආපු වැඩේ කරගෙන යන්න එපැයි.

          පාට හතරක සව්කොළ දොලහකුයි , බල්බ් වැලකුයි තෝර තෝර ඉන්න අතරේ……ඉටි කොළයක් ඇතුලේ ප්ලාස්ටික් කෑලි වගයක් පැක් කරලා තිබුනා. ඒකට ආපු මිනිස්සු වැඩි පිරිසක් ඒවා තමා ගත්තේ. මමත් පොඩ්ඩක් බැලුව ඒවා මටත් ඕන වෙන දෙයක්ද කියලා. ෂා……ප්ලාස්ටික් කැලි එකතු කරලා හදන්න අටපට්ටමක් :-D ඒත් මටනම් ඒවා අරගෙන ගිහින් කූඩු හදන්න හිතුනේ නෑ L මම නම් කැමති මගේ අතින්ම මගේ මහන්සියෙන්ම එක කූඩුවක් හරි හදලා වෙසක් දවසට එල්ලලා ඒකේ ලස්සන බලන්නයි. මේ වගේ දවසක් අපිට එන්නේ අවුරුද්දට එකපාරයිනේ, ඒ දවසෙත් අපේ මිනිස්සු ලේසියට බිල්ඩින් බ්ලොක්ස් හදනවා වගේ වෙසක් කූඩු හදන්න පුරුදු වෙලා. ඇයි මේ වගේ දවසකවත් ගෙදර කට්ටිය එකතු වෙලා ළමයි එක්ක එක වෙසක් කූඩුවක් හදන්න බැරි. මේ වගේ දේවල් නිසා අපේ අනාගත ළමා පරපුර අටපට්ටමක් හදන විදිය නොදන්න, නොදැකපු පිරිසක් බවට පත්වෙනවා. මේ නිසා ඒ ළමයින්ට වෙසක් අසිරිය හරි ආකාරයෙන්ම වින්දන්න ලැබෙන්නෙනම් නැහැ. අවුරුද්දට එක වරක් පමණක් ලබන්නා වු මේ පින්බර වෙසක් මංගල්යේදි තමන්ගේ ගෙදර කට්ටිය එකතුවෙලා හදපු වෙසක් කූඩුවක් එල්ලුවනම් නියම වෙසක් අසිරිය විදින්න පුලුවන් වේවි.


          ම්……ඉතින් ඔන්න මමත් එදා හවසම ඇවිල්ලා රෑ වෙද්දි අටපට්ටම්  කූඩු හතරක්ම හැදුවා ගෙදර කට්ටියත් එක්ක එකතුවෙලා :-D මෙන්න මෙහෙම තමා මගේ කූඩු ටික වෙසක් පොහෝ දින තිබුණේ J

සැබෑ නොවු පැතුමක්......


කවදාවත් අප මිතුරන් සේ හමු නොවුනත්
දැනුනා ඔබේ වේදනාවන් විදවපු
දැසට කදුළු ඉනුවා ඔබ ගැන කියවු විට
පැතුමක් එක්කලා සිතින් සුවපත් වෙන්න කියා
ඒ දැනුනු නිසා ඔබ මිතුරෙක් අපේ කියා


ලැබුණු විට අසන්නට ඒ පැතුම් සුළගට පාවි ගිය බවක්
දැනුනා මිතුරෙක් අප අත්හැර දැමු ලෙසින්
ඉතිරිව ඇත්තේ දැන් එක පැතුමකි පතන්නට
උපදින ආත්මයකදී මෙවන් දුකක් නොවී ඔබ හට
එන්න අප අතරට හැඬවු අප සනසන්නට


ජීවිත ගමනේ අතරමංව බලා සිටියදී....
මිතුරන් විය අප දෙදෙනා නොසිතු ලෙස....
සිනා සිසී කල් ගෙව්වා සඟවාගෙන නෙතු පියන් යට කඳුලු කැට,
නොසිතු ලෙස ඔබ සිත පියමන් කළා මගේ හද කුටිය වෙත,
සැගෙව්වද ආදරය දැනුනි මහ මෙරක් බරට,
දරාගත නොහැකි විය සිත පුරා ආදරය.....
හෙලි කළා සිතේහි හැඟුමන්, 
රැ අහසේ පෑයු තනි තරැවක් මෙන්
දිදුලමින්.....
දිස්වුනි ඔබේ සිත තුල හිර කළ තිබු ආදරයේ 
පෙම් සමරුව,
පැවසුවා ආදරය ඔබේ මුවින් පිනි කඳුලු සමගින් මෙවන් 
ආදරණීය මොහොතක........