මා නිවසට ආ විගසම දුව එන්නේ ඉහ වහ ගිය සන්තෝ‍සෙනි
දෙන්නේ ටොකු දෙකකි බේරන්නට බැරිම තැන
ආදරෙන් හිස පිරිමදින්නේ ඒ දුක නිවන්නයි

අපි සෙල්ලම් කළ මිදුලේ අද වෙනකෙකු දුව පනින හැටි
දුටු විට සිහිවෙනවා ඔබේ දඟ වැඩ මිදුලේ සැරි සරමින් කළ
අද ඔබ නැතිමුත් ඒ බොඳ වු මතකයන් සැරිසරනවා
තවමත් මා සිත් අහස වටා

ඔබ සිර කළේ කරදරයක් නොම වෙන්න
ගත හැර දමා කුටියෙම 
ගියේ සදහටම යලි නොඑන්නම

ඔබේ සිරැර පොහොරක් වී
දිනෙන් දින දලුලනවා සමන් පිච්ච පැලේ
ඔබේ සොහොන් කුටිය මත හිද

ඔබට දුන් ආදරය වෙනකෙකු කෙරේ ඇති නොවේ
ඒ ආදරය ලැබු එකම, අවසාන බලු පැටියා ඔයා විතරමයි....




10 අදහස්:

Gehan Chandika said...

ඇතිවෙන හැමදෙයක්ම නැතිවෙනවනේ :(

නාඩියා නාඩිරත්න said...

ලස්සන අකුරි ටිකක්...
//ගත හැර දමා කුටියෙම
ගියේ සදහටම යලි නොඑන්නම//
මම ආසම පද දෙක...

දිනෙල්ක said...

මටත් ඔය දුකම තියෙන නිසා දැන් කිසිම සතෙක් හදන්නේ නෑ !

දයියා said...

මලිති,
ඇත්තමයි අපේ ගෙදරත් දැන් අවුරුදු 27 ක් තිස්සෙ කිසිම සතෙක් හදන්නෙ නෑ. කොහොමද හැමෝටම ඇතිවෙච්ච දුක.
ජය වේවා.

අවතාර් said...

හරිම දුකක් හිතට දැනේ
ඔය විදිහේ අත්දැකීම් මටත් තියේ

මධුරංග said...

ඇතිවීම්... නැතිවීම්... !

මලිති said...

@Gehan Chandika
ඒ ගැන හිතලා තමා මන් හිත හදන් ඉන්නේ.

@නාඩියා නාඩිරත්න
ස්තුතියි :)

@දිනෙල්ක
මාත් හදන්නේ නැහැ, ඒත් අයියගේ බල්ලා ඉදල හිටලා අපේ ගෙදර එනවා :/

@දයියා
හම්...මම කාටවත් දුක පෙන්නුවේ නැහැ, හොරෙන් අඬුවා.
ස්තුතියි.

@අවතාර්
හම්... දුකයිනේ.

@මධුරංග
ඇත්ත, ලෝක ස්වභාවයනේ.

Make Money said...

http://emoney.freeforums.org/

රවින් said...

:O පව්..
මගේ මෙහෙම එක්කෙනෙක් ඉඳලා වයසට ගිහිල්ලම මැරිලා ගියා..
(හැබැයි දුක් විඳලා මැරුනේ )

මලිති said...

@රවින්
ඒක තමයි :( කොහොම උනත් දුකයිනේ නැති උනාම

Post a Comment