ප්‍රේමවන්තයින් ආදරේ කරන කාලයේ  නිතරම හමුවීමට හෝ නිතර කතා කිරීමට ප්‍රිය කරනවා. මෙහිදී ඔවුන් එකිනෙකා ‍තේරුම් ගැනීමක් සිදු කරනවා. මේ විදියට ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන විවාහ දිවියට එළඹෙන පෙම්වතුන්ට හැමදාමත් ‍ප්‍රේමවන්තයන් වෙලා ඉන්න බැරිද??? අවුරුදු කීපයක් ආදරය කරලා විවාහ වෙලා ටික කාලයකින් දෙදෙනාගෙම සිනාසුනු නෙත් වෙනුවට කඳුළින් පිරි ජීවිතයක් ගතකරන්න වුනොත් කොයිතරම් අවාසනාවන්තද….

          දෙදෙනෙක් අතර බැඳීම් ශක්තිමත් වෙන්නේ එකිනෙකාගේ අදහස් හුවමාරුව මත සහ අදහස් අවබෝධ කර ගැනීම මතයි. වර්ථමානයේ සැමියා රූපවාහිනිය බලමින් හෝ අන්තරජාලයේ නිකරුනේ කාලය ගත කරනව නම්, බිරිඳ උදේ පටන් රාත්‍රී වනතුරුම නිවසේ වැඩ සියල්ලම තනිවම කිරීමටත් සිදු වෙනව නම්, අඹු සැමි සබඳතාවය එකිනෙකාට දුරස් වීමක් සිදුවෙනවා

           දවසේ වැඩ සියල්ලම අවසානයේ සැමියා සමඟ බිරිඳ නිදහසේ පරිසරයේ සිසිල විදිමින් ඇවිදිමින් හෝ තමන්ට හිතට නිදහසක් ගෙන දෙන ඕනෑම ස්ථානයක දෙදෙනා එකතුවී එදිනෙදා සිදුවීම්, හෙට දවස ගැන සතුටින් කතා කිරී‍ම දෙදෙනා අතර තියෙන බැඳීම් ශක්තිමත් වීමට උදව් වෙනවා. විවිධ සැක සහිත සිතුවිලි වගේම අවබෝධය අඩු කමින් ඇති වන ගැටලු බොහෝමයක් ඇති වෙන්නේ පිළිසඳරක් නොමැතිව ජීවත් වන විට බව මතක තබා ගන්න.
          දෙදෙනුකුගේ ආදරයට බලපාන තවත් දෙයක් තමා, කෙනෙක් අනිකාට කතා කරන විලාසය. ප්‍රිය මනාපව එකිනෙකාට ගෞරවයෙන් කතා කිරීමෙන් එම පුද්ගලයා කෙරෙහි ගෞරවයක්, ආදරයක් ඇති වෙනවා. කෙනෙක් ගෞරවයෙන්, හැගීමෙන් කතා නොකිරීම නිසා අනෙක් පුද්ගලයාට ද පීඩාවක් ඇති කරන අතරම අප්‍රසන්න ලෙස ජීවත් වීමට සිදු වෙනවා. ඒ වගේම තමයි ප්‍රිය වචන වලින් සුහදව හැගීමෙන් කතා කරන්න නිරවුල් මනසක් අවශ්‍ය වෙනවා. ප්‍රේමවන්තයින් හෝ අඹුසැමියන් මෙය දියුණු කරගත යුතු ලක්ෂණයක්.

          සහයෝගීතාවය ගැන කතා කලොත්, බොහෝ කාන්තාවන් විශාල කාර්‍ය්‍යක් නිවසේ සිදු කරනවා. ඒ වගේම රැකියාවක් කරන කාන්තාවකට වගකීමක් සමඟ නිවසේ සියලු දේ තනිවම හැමදාම සිදු කිරීමෙන් ඔවුන් මානසික පීඩනයකට ලක් වෙනවා. උදේ පටන් රාත්‍රී වනතුරුම නිවසේ වැඩ කටයුතු, සැමියාගේ වගේම ළමයින්ගේ සියලු දෑ තනිවම කරන අතර තුරදී සැමියා නිවසට පැමිණීමෙන් පසුව ඔහු නිකරුනේ කාලය ගතකරනවා නම්, ඔවුන් අතර සහයෝගීතාවයක් නොමැතිකම නිසා අසමගියක්  මෙන්ම සබඳතාවන් දුර්වල වීම සිදු වෙනවා.

          ඒ නිසා සැමියෙක්, තම බිරිඳ සමඟ පුලුවන් හැම විටකම සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් ඔවුන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට වග බලාගත යුතුයි.

          අපි හැමෝටම ජීවත් වෙන්න ආදරය කරුණාව අවශ්‍යයි, ඒත් ඒ ආදරය දැනෙන්න ආදරේ කරනව නම් තමා ජිවිතේ, ආදරේ රස විදින්න පුලුවන්. තමාන්ගේ ආදරය තමන් ආදරය කරන කෙනාට දැනෙන්න නම් ඔහුව/ඇයව ඒ ඒ අවස්ථාවන් වලදී අගය කළයුතුයි, ඒ ඒ අවස්ථාවන් වලදී ඔහුට/ඇයට කෘතවේදීතාවයක් දැක්විය යුතුයි. තමන්ගේ කැපවීම් ආදරවන්තයා/සැමියා අගය නොකිරීමෙන්‍ හිත් රිඳවීම් සිදුවෙනවා.(ආදරවන්තිය/බිරිඳ විසින් ද මෙවැනි දෑ සිදුවෙනවා.) ඔහු/ඇය ව අගය කිරීමේදී හදවතින්ම හදවතට දැනෙන වචන කතා කළ යුතුයි.


          ඕනැම යුවලක් අතර ගැටුමක් ඇති වෙන්න පුලුවන් තවත් එක් කරුණක් තමා සැකය කියන්නේ. මෙවැනි  ජීවිත වලට ආදරය දැනෙන්නේ නැහැ. සැකයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ දෙදෙනාට දෙදෙනා විවෘත නොවීමයි. විවෘත ජීවිතයක් ගත නොකිරීමෙන් දෙදෙනා අතර දුරස්ථ බවක් ඇති කිරීමට හේතුවක් වෙනවා. ආදරේ කිරීමට හෝ විවාහ දිවියට එළඹුනු දෙදෙනෙක්  මම යන වචනය වෙනුවට අපි යන්න භාවිතා කිරීමෙන් ඔවුන් අතර ශක්තිමත් බැඳීම් ගොඩනැගෙනවා.

          තව දෙයක් තමා අපි බොහෝ අවස්ථාවලදී සිත තුල ඇති වෙන ආවේගී හැඟීම් තවත් කෙනෙකු පිට යවනවා, ඒ පුද්ගලයා ආදරවන්තිය/ආදරවන්තයා හෝ බිරිඳ/සැමියා වෙන්න  පුලුවන්. මෙවන් අවස්ථා වලදී ආදරවන්තයා/ සැමියා  නිකරුනේ දෝෂාරෝපණයන් එල්ල කරනවානම්, ආදරවන්තිය/ බිරිඳ හිත පාලනය කරගනිමින් නිශ්ශබ්දව සිටීම නුවණට හුරුය. ඔහුට ආවේගය පිට කරන්න ඉඩ දිය යුතුයි. (ආදරවන්තයා/ සැමියා ටත් මේක වලංගුයි) පසුව දෙදෙනා නිදහසේ සිටින විටක ඒ කාරණය ගැන හෙමින් සීරුවේ සාකච්චා මාර්ගයෙන් විසදගන්නවා නම් ගැටුම් ඇති වීම වලක්වා ගන්න පුලුවන් වේවි.

තවද යුවලක් අතර ගැටලු ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වන කරුණු කීපයක් සලකා බලමු.


·       විද්්‍යුත් මාධ්‍යය වලට වගේම අන්තර් ජාලයට(ෆේස් බුක් වැනි) අනවශ්‍ය ආකාරයට ඇබ්බැහි වීමෙන් වැළකිය යුතුයි.

·       ලද දෙයින් සතුටු වීමෙන් තමන්ට හැකි පමණින් කටයුතු කළ යුතුයි, තමන්ට නැති දේවල් ගැන සිත්තැවුලෙන් කාලය ගත කිරීමෙන් වළකින්න.

·       දරදඬු අදහස් හා තීරණ යහපතක් නොව අයහපතක් සිදු කරයි.

·       තමන්ගේ සහකරු සහකාරිය අව ප්‍රමාණ නොකළ යුතුයි.

·       අතීතයේ සිදු කළ වැරදි සිදු වු සියල්ල, අතීතයේ කසල සියල්ලම පුළුස්සා දමන්න.

·       තමන් වාසය කරන ස්ථානය වගේම තමන් ද පිරිසිදුව ජීවත් විය යුතුයි.

·       ගමන් යැමේදී ඒ පිළිබඳව දෙදෙනාම දැනුවත් විය යුතු අතර, හැකි සෑම විටම දෙදෙනාම එකට ගමන් බිමන් යන්න.

·       එකිනෙකාගේ සතුට සඳහා එකිනෙකා කෙරේ සුහදශීලීව කටයුතු කිරීම අවශ්‍යයි

·       එකිනෙකාට ගෞරව කිරීමට පුරුදු විය යුතුයි. ගෞරව ලැබීමට නම් අනෙකාට ගෞරව කළ යුතුයි.

·       තමා අතින් වරදක් සිදු වුයේ නම් එය පිළිගැනීමට තරම් නිහතමානී වීම.

·       දියුණු විය හැක්කේ මට නොවේ අපි දෙදෙනාට යැයි සිතීම, මමත්වය නැති කළ යුතුයි.

·       රහස් තබා ගැනීමෙන් සැකය උපදින්න මාවත සලසා දෙයි. හැම විටම තමන් ආදරය කරන කෙනාට විවෘතව කතා කරන්න. එවිට විශ්වාසයන් ගොඩ නැගේ.

          ආදරයේ සැබැ රසය විඳින්න, අර්ථාන්විත ජීවිතයක් ගත කරන්න, ආදරය තමන් ආදරය කරන කෙනාට දැනෙන්න දෙන්න….. එවිට සාර්ථක දිවියක් ගත කරන්න පුලුවන් වේවි. අද පටන් සතුට ජීවිතයට ළං කරගන්න ආදරය දැනෙන්න ආදරය කරන්න










22 අදහස්:

සිතුවිලි නිහඬයි said...

නියම පෝස්ට් එකක් අක්කා.....

Anonymous said...

niyamai maath hugak deval igena gatta

Dinesh said...

අන්තිමේ දාපු කරුණු ටිකනම් නියමයි...

~ChAnDiKa~ said...

දැන් ඔක්කොටම කලින් හොයල බලන්න වෙනවා මෙහෙම එකක් ලිවුවෙ ඇයි කියලා... ;)

Anonymous said...

හික් හික්... අන්න ඒක මුලින්ම හොයල බලන්න ගෙහාන් :D
෴නිපුන දොඩන්තැන්න෴

Randika Sedara said...

"ආදරය දැනෙන්න ආදරය කරන්න "
මේ කතාවට සියට සියක් එකගයි.

නදී said...

ගොඩක් දේවල් ඉගන ගත්තා ස්තූතියි.

බස්සා said...

අපුරැයි.... හොඳ අදහස් ගොනුතිරීමක්.... කැමති අය මේකත් බලන්න...ජය !!!

http://jbasnayaka.blogspot.com/2011/11/blog-post_18.html

සංකල්ප said...

ගොඩක් වටින ලිපියක් මලිති !!
මරු !

Indranama said...

අන්‍යොන්‍ය අවබෝධයද මොකක්ද එකක් තියෙන්න ඕනෙලුනේ.

නන්ඳු said...

ආදරය දැනෙන්න ආදරය කරන්න..
වටින කරුණු ගොඩක්..! :)

Madhawa Habarakada said...

godak watina adahas ha upades tikak. godakma wadagath.

මලිති said...

@සිතුවිලි නිහඬයි
ස්තුතියි නංගි...

@Anonymous
එහෙනම් සතුටුයි.

@Dinesh
:) හම්....ස්තුතියි!

..ChAnDiKa..
හැමෝගෙම හිත් වල මේ වගේ කියා ගන්න බැරි, කිව්වත් තේරුම් ගන්න අකමැති හෝ අමාරු දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ කියලා තේරුම් කරන්න බැරි දෙයක් මේ විදියට හැමෝත් එක්කම අදහස් බෙදා ගන්න හිතුනා.

@Anonymous2
මං හිතන්නේ පිළිතුර ලැබුණා නේද ??? ;) :)

@සහෝධරයා
ඔව් මමත් :) ආදරය කළාට ඒක අනිත් කෙනාට දැනෙන්නේ නැතිනම් එතන ආදරයක් උපදින්නේ නැහැ.අනිත් කෙනා කැමති අකමැති දේවල් තේරුම් අරගෙන ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ දෙන්නාම.

@නදී
:)ස්තුතියි!

@බස්සා
නියමයි ඒ පෝස්ට් එක , අත්තටම මමත් දැනුවත් වුනා තවත් :) ඊයේ දෙපාරක්ම මං කමෙන්ට් කළා error එකක් ආවා ඒක පබ්ලිෂ් කරද්දි :/

@මධුරංග
ස්තුතියි මධුරංග අයියේ :)

@Pravin Indranama
ඔව් ඒක ඇති වෙන්න නම් දෙන්න අතර හොඳ සන්නිවේදනයක් තියෙන්න ඕනේ :)එතකොට එකිනෙකාගේ හැසිරීම ගැන ඈතක හිටියත් තේරුම් ගන්න පුලුවන්, හැබැයි අවංකව විවෘතව කතා කරන්න ඕනේ :D

@නන්දු
ස්තුතියි :)

@Madhawa Habarakada
:D මටත් ඕන වුනේ ආදරය කරන අය මේ දෙවල් දැනගෙන හැමදාමත් ආදරෙන් ජීවත් වෙනවා දකින්නයි :) අපි ආදරේ කරන්නේ ටික කාලෙකට නෙමේනේ. සමහර ආච්චිලා සීයලා ඉන්නවා එයාලා කවමදාවත් තනියම කන්නෙවත් තනියම නිදා ගන්නෙවත් නැති අය.එයාලා වයසට ගියාට ඒ ආදරේ වෙනසක් වෙලා නැහැ.එහෙම අය දැන් ගොඩක් අඩු පිරිසක් ඉන්නේ.:)

සීතල අයියා said...

මගෙ අම්මේ අමූලික ඇත්ත කියලා තියෙන්නෙ :D

මලිති said...

@සීතල අයියා
:D :D :D

Anonymous said...

hemadama oyage blog eke igenaganna deyak thiyenava.. patta!

මලිති said...

@Anonymous3
බොහෝම ස්තුතියි.... :)

හිතුවක්කාර කෙල්ල said...

නියමයිනෙ... හොඳම හොඳ ලිපියක්... ඇත්ත කියලා තියන කරුණු එක්ක සම්පූර්ණවම එකඟයි...

Anonymous said...

puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

The තරුවා said...

බොහොම වටිනවා...ලස්සනයි..

වැසි දැරිය - The Rain Girl said...

godak kalekin aaye ave.passe oyage post okkoma kiyavanava akkio.suba aluth avuruddak!

මලිති said...

@ටී.බී. හේරත්
සුභ අලුත් අවුරුද්දක් වේවා!!

@~~තරූගේ ලෝකය~~
ස්තුතියි....

@වර්ෂා..
‍ඔයාටත් එසේම වේවා!!! ඇවිත් යන්න එන්න :)

Post a Comment