අපි හැමෝම ටෙලි නාට්‍ය චිත්‍රපටි බලනවනේ, ඒවයේ ඉන්න නළු නිළියන්ගේ මූණු දිළිසෙනවා. ඒවා දකිද්දි හිතෙනවානේ අපිටත් ඒ වගේ දිළිසෙන සමක්  තිබුණ නම්…… ඒත් බහුතරය ඒ වගේ ඉන්නේ මේකප් කරගෙනනේ. මම නම් පෞද්ගලිකව නම් මේකප් කරනවට වැඩි කැමැත්තක් නැහැ. ඒවාට හුරු වුනොත් ඒවා භාවිතයෙන් බැහැර වෙන්න අමාරු වෙනවා, කෙටියෙන්ම කිව්වොත් මේකප් වලට ඇබ්බැහි වෙනවා.

           අපේ මුහුණ දීප්තිමත්ව ලස්සනට තියාගන්න පුලුවන්නම් අපි හැමෝම කැමති නේද.... ඉතින් අපි මේ කතා කරන්න හදන්නේ මේකප් නැතුව, ලස්සන බැබලෙන පැහැපත් සමක් ඇති කරගන්නේ කොහොමද කියලා.

          අඩුම තරමින් දවසට වතුර වීදුරු 8ක්වත් බොන්න කියලා තමා  විශේෂඥයන් බොහෝ දෙනෙක් නිරදේශ කරලා තියෙන්නේ.  නමුත් වර්තමානයේ නවතම සොයා ගැනීම් වලට අනුව, පුද්ලයෙක් බොන්න ඕන වතුර ප්‍රමාණය තීරණය කරන්නේ එම පුද්ගලයාගේ බර අනුවයි. පුද්ගලයාගේ බර මැනලා එන අගය හතෙන් බෙදලා ලැබෙන අගයට සමාන වතුර වීදුරු ප්‍රමාණයක් බොන්න ඕනේ. මේ ආකාරයට වතුර ප්‍රමාණවත්ව ශරීරයට ලැබුණාම අපේ පද්දතියේ තියෙන සියලුම විෂ සහ අපවිත්‍ර දෑ මුත්‍රා මගින් ඉවත් වෙනවා. ඒ වගේම සම වියලීම වළකා සමේ තෙතමනය රදා පවතීමටත් උපකාරී වෙනවා.



          තවද විටමින් C අඩංගු ආහාර, වැඩිපුර ආහාරයට ගැනීමද වැදගත්. විටමින් C නිසා අකාලයේ වයසට යෑම ප්‍රමාද වෙනවා වගේම සමේ තරුණ බව ආරක්ෂා කරනවා. දොඩම්, ජමනාරං සහ විශේෂයෙන්ම දොඩම් කුලයේ පලතුරු වර්ග, තවද අර්තාපල් වලද විටමින් C අඩංගු වෙනවා.




          මීට අමතරව සින්ක් බහුල අහාර වර්ග වැඩිපුර භාවිතා කිරීමෙන් ‍සමේ ඇති වෙන තුවාල කැපිම් සීරිම් සුව විමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වෙනවා. බිම්මල්, වට්ටක්කා, ධාන්‍ය වර්ග, බිත්තර, චීස් වැනි අහාර වල සින්ක් බහුල වශයෙන් අඩංගු වෙලා තියෙනවා.



          ආහාරමය දේවල් වගේම මෙන්න මේ අධ්‍යාත්මික කරුණු ගැනත් සැලකිලිමත් වීම වැදගත් …
    
1. තමන් තමාටම අවංක පුද්ගලයෙක් වෙන්න
2. ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න, අන්අයට වඩා තමාව විශ්වාස කරන්න
3. හැම විටම මුහුණ මද සිනහවක් මතු කරගන්න
4. තරහ ගැනීම අවම කරගන්න
5. නිවරදි මග පෙන්වීමක් යටතේ භාවනාවේ යෙදෙන්න

          මේ කරුණු  ගැන සැලකිලිමත් වුනොත් ලස්සන පැහැපත් සමක් වගේම සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුලුවන් වේවි.




15 අදහස්:

Amila Chathuranga said...

හොඳ පිස්සු කතා ටිකක් හොඳයි හොඳයි...
මිනිස්සු සතුටින් ඉන්න කොට ඇත්තටම ලස්සනයි...නැත්තං කොච්චර මේක් අප් කලත් මල මිනී මේකප් කරපු වගේ..

~ChAnDiKa~ said...

මොනවද බං අමිලයෝ පිස්සු කතා? මට නම් පේන්නේ වෙන මොකක් හරි අවුලක් වගේ?

Anonymous said...

වතුර ලීටර් 1 ක වතුර වීදුරු කීයක් තියනවද ?

priyantha said...

හොඳ පෝස්ට් එකක්. ඒ වගේම හොඳ උපදෙස් ටිකක්. විශේෂයෙන් අපේ කෙල්ලන්ට වැදගත් වෙයි.
@ ඇනෝ නිමස්. වීදුරුවක් කියන්නේ මිලිලීටර් 200ක්. ඒ කියන්නේ ලිටරයකට වීදුරු 5යි.

Dinesh said...

ලස්සන වෙන්න කැමති අයට හොද ලිපියක්..

The තරුවා said...

සෑහෙන්න වටින පෝස්ටුවක්...

හසී said...

වැදගත් පොස්ට් එකක්.. ඇත්තටම මේකප් නිසා සමහරු කොච්චර විකෘති වෙලා තියෙනවාද, මේකප් නැතුව හොඳයි ඊට වඩා..

Anonymous said...

hapooi mekeup gana nam katha karala wadak na,mama inna rate gahanu mekeup dana tharama dakkama baya hithenawa.

hadissiye e ganu kenek magadi wassakata ahu unoth ehema,hawasata gedara aya ahai"ude gedarin giya ganimada me enne??" kiyala :D

මකුළුවා..... said...

හි හි හි....කාන්තාවනි මේ පිළිබඳ විශාල අවධානයක් යොමු කරන්න....නැත්තම් තට්ටු වෙන්නේ අපේ පොකට් වලට..... :D

මලිති ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කරාට.....

Unknown said...

මේක ප්‍රින්ට් කරං යන්න ඕනේ ගෙදර යනකොට...

මලිති said...

@amila chathuranga
සතුට තමා නිරෝගී බවේ රහස :)

@priyantha
ස්තුතියි ප්‍රියන්ත අයියේ :)

@Dinesh
නිරෝගී වෙන්නත් පුලුවන් :)

@මකුළුවා.....
හි හි ෂේප් වෙනවා නේද මේක පිට දාලා. ස්තුතියි මකුළු අයියේ :)

@ඔබ නොදු‍ටු ලොවක්
:) බිත්තියේ අලවගන්නද?

@Anonymous2
අපෝ ඔව් මේකප් කරපු කෙනයි නැතුවඉද්දි හරියට පුද්ගලයෝ දෙන්නෙක් වගේ :D

Sabith said...

මේකප් කරපු කෙල්ලො නම් මටත් අරහං!

සංකල්ප said...

වතුර කිලෝ හතක වීදුරු කීයක් විතර තියෙනවද බං ???

ටී.බී. හේරත් said...

"කය නම් අසාර ය - භව නම් භයංකාරය ය"

....ජනියා.... said...

ලස්සන බ්ලොග් එකක්.... ඔන්න මාත් එකතු වුණා,...

ශරීරය දියුණු කරලා නම් වැඩක් නෑ.. මෙකප් නම් අජුතයි. මන් දැක්කා කෙල්ලෙක් චොකලට් කේක් එකක් අයිසීන් කරලා වගේ :D

Post a Comment