මාසයක් නිදිමරාගෙන පාඩම් කරලා දෙයියනේ කියලා විභාගෙ නම් ගොඩ දාගත්තා. ප්‍රතිඵලේ දෙයියන්ටම බාරයි. දැන් ඉතින් කටු ගැහිලා ඉන්නේ. මේ දවස් වල පාරේ යන්නත් බයයි, ධාරානිපාත වැසි ඇද හැලෙනවනේ. බැරි වෙලාවත් වැස්සත් එක්ක එන හුළගකට මාව ගහගෙන ගියොත් කෑල්ලක්වත් හොයාගන්නම් හම්බවෙන්නෙ නැනේ :-D කොහොම වුනත් විභාගය අපිව ඉවර කරලා මේ දවස් වල පොඩ්ඩක් නිදහසේ ඉන්නවා :)
ඉතින් ඔහොම ඉන්න අතරේ එක දවසක් මම මගේ සහයට ඩැනියෙල් ෂැගී එක්ක වත්ත පහළට බැහැලා පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඉතින් වෙන කරන්න දෙයකුත් නෑනේ :-D ඇවිදින ගමන් වත්තෙ තිබුණපොල් කටුවකට පයින් පාරක් ගහගෙනම ගිහින් එතන ඉස්සරහ තිබුණු බංකුවෙ පොඩි වාඩියක් දැම්මා. එතකොට තමයි දැක්කෙ එතන බිම මදුරු කීටයෝ බිම වැටිලා දඟලනවා. අර පොල් කට්ටේ ඉඳලා තියෙන්නේ :(
ඒක දැක්කාම මට මගේ අතීතයේ පොඩි සිදුවීමක් මතක් උනා.2004 දෙසැම්බර් මාසේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයත් කට උඩ තියෙද්දී මට හොඳටම උණ හැදුණා. සුපුරුදු පරිදි දොස්තර කෙනෙක් ගාවට ගියා බෙහෙත් ටිකක් ගන්න. මට තියෙන ලෙඩ ටික අහලා එයා කිව්වනේ ලේ චෙක් කරන්න කියලා. (එයාටනම් මොකද මටනේ රිදෙන්නේ :( ඊට කලින් ලේ අරන් තිබුණේ නෑ මම). ඉතින් ටිකක් බයෙන් තමයි ගියේ ලේ ගන්න කාමරය ඇතුලට. නර්ස් අක්කා මගේ අතේ තිබුණු කොළේ අරගෙන මගේ ඇඟිල්ල අරන් කට්ටකින් විද්දා....දවල් තරුත් දැක්කා වගේ පොඩි මතකයක් තියෙනවා :-D නර්ස් එක්ක මට තද වෙලා හිටියේ x-(

කොහොම හරි ලේ වාර්ථාව අරගෙන ගියා ආපහු දොස්තර ගාවට. වාර්තාව බලපු දොස්තර එකපාරටම කිවුවනේ මට ඩෙංගු හැදිලා කියලා :'( හත්දෙයියනේ එක ඇහුනාම මම හොඳටම බය උනා. මම බයවුණා කියල දැකල ඩොක් කියනව "හැබැයි බර පතල නෑ". දෙන බෙහෙත් ටික හරියට බීලා ගෙදරට වෙලා හොඳට විවේක ගන්න" කියලා. වාසනාවකට වගේ මට විභාගයට කලින් හොඳටම සනීප උනා :)

මේ ඩෙංගු රෝගය පැතිරෙන්නේ ඊඩ්ප්ස් ඊජිප්ට්යිස්, ඊඩ්ප්ස් ඇල්බොපික්ටස් හා ඊඩිප්ස් පොලිනේසියන් යන මදුරු වර්ගයන් මඟින්. ඩෙංගු රෝගියෙකුගෙන් ලේ රුධිරය සමඟම ඩෙංගු වයිරසය ඇතුළු වෙනවා. ඒ මදුරුවා තවත් නීරෝගි පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට වයිරසය කේඨය සමඟ සිරුරට ඇතුලු වෙලා ඩෙංගු රෝගය වැළදෙනවා. ඩෙංගු මදුරුවා දිවා කාලයේ තමා දෂ්ඨ කරන්නේ.

පසු ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද තුල ඩෙංගු රෝගයේ ව්‍යාප්තියේ වැඩි වීමක් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාෂයක් නිකුත් කරලා තියෙනවා. ජනවාරි මාසය තුල රෝගීන් 893 ක්, මේ මාසයේ 20 දාට රෝගීන් 352 ක් හදුනාගෙන තියෙනවා.
මෙම මාරාන්තික ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් මර්ධනය කරන්න නම් මැලතියන් වැනි කෘමි නාශක මදුරුවන් ගැවසෙන තැන් වලට ඉසින්න ඕනේ. ඒ විතරක් මදි මදුරුවන්ට බිත්තර දාන්න පුලුවන් ස්ථාන සියල්ලම විනාශ කරලා පරිසරය පිරිසිදුව තියාගන්නත් ඕනේ. සතියට එක දවසක් වැය කරල තමන්ගෙ වටපිටාව සුද්ද කරගත්තොන් ඒකෙ වාසිය තමන්මයි. මොකද කියනවනං මේ මදුරුවාගේ ක්‍රියාකාරී ප්‍රදේශය සාමාන්‍යෙයන් අඩුයි.
ඩෙංගු මාරයාගෙන් බේරෙන්න නම් අපි හැමෝම එකතු වෙලා උන්ට ඉන්න හිටින්න තැනක් නැති කරමු. තමන්ගේ වත්ත තම තමන් පිරිසිදු කර ගත්තනම් මේ පුංචි ශ්‍රී ලංකාව ඇතුලේ ඩෙංගු මාරයට ඉන්න තැනක් නැති වේවි :)
11 අදහස්:
අනිවාර්යයෙන්ම තම තමන් එකතු වෙලා තමන්ගේ අවට ප්‍රදේශය පිරිසිදුව තියා ගත්ත නම් හරි.. ඒත් මේක අපේ කට්ටියට මතක තියෙන්නෙ ටික කාලයයි.. එකයි වැඩේ.. මේ ගැන ලියල කට්ටියට ආපහු මතක් කරාට ස්තූතී !
දැන් පිරිසිදු වතුරෙත් ඔය ඩෙoගුවා බෝ වෙනවලු :\
කරන්න තියෙන හොදම දේ තමයි වතුර එකතු වෙන තැන් විනාශ කිරීම හෝ, මාලු ඇති කිරීම :D
අපේ ගෙවල් දොරවල් අවට සුද්ද කරගන්න එක තමන්ගෙ වගකීම. ඒ වගේම වටේ පිටේ ගෙවල් වල අයත් පොඩ්ඩක් දැනුවත් කරන්න ඕන.
අපේ ගෙදරට එහා ගෙදර අයගෙත් වත්තෙ පුරාම වතුර පිරිච්ච එක එක කුණු ගොඩවල් වැහිවැහැලා. අනේ මන්දා.. :(
සුව කිරීමට වඩා වලක්වා ගැනීම නෙ වැදගත්...
වැදගත් ලිපියක් නංගියෝ.............!
හ්ම්ම්ම්ම් කිව්වට වැඩක්යැ....... අපිම දැන ගන්න ඕනා අපේ වත්ත පිරිසිදුව තියා ගන්න. හැමෝම එහෙම කරනවනම් ඕක වලක්වා ගන්න පුලුවන්.........
@Yohan Kanishka | යොහාන් කණිෂ්ක
ඔව් හැමෝටම මතක් වෙන්නේ තමන්ට හරි දන්න කෙනෙක්ට හරි හැදුනාම තමා,තමන් වත්තේ බෝ කරගත්තොත් විදවන්න වෙන්නෙත් තමන්ටම තමා,ඒ විතරක් නෙමේ තවත් ජීවිත හානි කොයිතරම් වෙයිද...
@DarKneT | ඉෂාර
උන් බිත්තර දාන්නේ පිරිසිදු වතුර රැදිලා තියෙන තැන්වල තමා මමත් දන්න තරමින්.
.ChAnDiKa..
එහා ගෙදර තියෙනවා කියන්නේ ඉතින් තමන්ටත් ඒක අනිවාර්යෙන්ම බලපානවා,,,:( එයාලට පොඩ්ඩක් කියන්න මේදවස්වල හුඟාක් දරුණුවට මේක බෝ වෙනවා.
@ටී.බී. හේරත්
අනිවාර්යෙන්ම ඒක තමා වෙන්නෙ ඕනේ :)
@හසී
ස්තුති අක්කේ...
@හා පැටික්කි
තම තමන් වත්ත පිරිසිදු කරගන්නේ නෑ කියන්නේ තව ජිවිත කීපයක්ම අනතුරේ වැටෙනවා:(
මටත් හැදුනා දැන් අවුරුදු 2කට විතර කලින් අම්මෝ ......... එලොව ගිහින් මෙලොව ආවේ මම
@shanu
ම්.... ඒක තමා දැන් සනිපයි නේද?
wadagath lipiyak akke
wadagath lipiyak akke
Post a Comment