දගකාර කමට ,
රිදෙව්වත් ඔබේ සිත මගේ වදනින්,
ආදරය පිරී සිත තුල,
ඉකි බින්දි තනිවම,
නිවෙන තෙක් ඔබේ දුක,

ඔබ දකින්නට දෙනෙතට  වරම් නැත,
ඔබෙන් වදනක් අසන්නට සවනට වරම් නැත,
නමුදු දෙනෙත් වැසු විට පෙනෙන්නේ ,
මට හිමි වු ඔබේ රුව පමණි....
සවනේ රැව් දෙන්නෙ ඔබේ වදන් පමණි....
හිතෙනවා දිව එන්න ඔබේ තුරුලට,
බිද දමා වැට කඩුලු....

එදත් අදත් හැමදාමත් මා ඔබේ ආදරයයි ...

13 අදහස්:

හසී said...

හ්ම්ම්ම් ලස්සනයි, ගොඩාක් ලස්සනයි :D

නෙරංජි සුලක්ඛනා said...

ලස්සන කවියක්....ද? නැහැ නිසඳැසක්...මොකෝ වුණේ වලියක් වත් දා ගත්තද?

~ChAnDiKa~ said...

හේ හේ.. මටත් පේන්නේ වලියක් දාගෙන වගේ... ;)

ජීවිතේ මල් said...

ආව්... මේ කා ගෑනද ආ කිව්වෙ ?

෴ හසියා ෴ said...

වලියක් නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ....ඕවා ඔහොම තමාලුනේ....හැම රණ්ඩුවක්ම බත් හැලිය ඉදෙනකන් විතරලුනේ....

මලිති said...

@හසි
ස්තුති අක්කා...

@නීනු
වලියක් නම් නෑ....නැත්ෙතමත් නැ :)

@Gehan
:P

@ජීවිතේමල්
පුලුවන්නම් ෙහායා ගන්න බලන්න,ඔට්ටුයි පුලුවන් :)

@෴ හසියා ෴
ඒකනම් අැත්ත....:)

අනුරාධ said...

පුංචි වලියකින් පස්සෙ ආද‍රේ තිබ්බට වඩා වැඩි වෙනවලු. ඒ නිසා යන වලිය සුන්ද‍රව යන්න.
කවුද කින්ද මන්දා කියලා හදුනාගෙන ආවෙ සුභ පතලා යන්න. එහෙනම් යන්නම් ඈ... :D

හිස් අහස said...

ලස්සනයි ලස්සනයි ....

සෝරෝ said...

මේක මරු..!!

මලිති said...

බොහෝම ස්තුති ....

මලිති said...
This comment has been removed by the author.
මලිති said...

@අනුරාධ
ම්... බොහෝම ස්තුති මේ පැත්තට ඇවිත් ගියාට.:)

@හිස් අහස
බොහෝම ස්තුති .....:)

@සෝරෝ
බොහෝම ස්තුති .....:)

Anonymous said...

ලස්සනම ලස්සන අදහසක් ජිවිතය ගැන

Post a Comment