කාන්තා පිරිමි කුඩා ළමයින් අපි හැමෝම වගේ ගමනක් යන්න පිටත් වෙද්දි පාවහන් යුගලක් පලඳින්න අමතක කරන්නේ නම් නැහැ නේද???? ඉතින් මේ පාවහන් පලඳින නිසා අපි නොදැනම අපිට හානිකර දෙයක් වෙනවා කියලා කිවිවොත් :D බය වුනා නේද??? ඔව් අනිවාර්යෙන්ම බය වෙන්න ඕනේ මෙන්න මේ වගේ වර්ගයේ පාවහන් භාවිතා කරන කාන්තාවන්…..අනික තමා මේවා භාවිතා කරන ගැහැණු ළමයි අයිතිකාර පිරිමි ළමයි J

මෙන්න මේකයි කතන්දරේ…..හුඟාක් කාන්තාවන් නවීන විලාසිතා කරන්න හුරු වෙලා තියෙනවා. ඒක හොඳයි, නමුත් විලාසිතා කරන්නෙ අපේ සෞඛ්‍ය තත්වය ගැන නොහිතානම්, ඒක ටිකක් බරපතලයි


දැන් බොහෝ කාන්තාවන්ගේ විලාසිතාවක් තමා අඩි උස පාවහන් පැළදීම. මේ නිසා තමන්ගේ ශරීරයට වෙන හානිය ගැන දැන ගන්න එක හොඳයි නේද????



මේ පින්තූර දෙකේ පෙන්නුම් කරන්නේ අඩි උස පැලඳ විට සහ නොමැති විට පිටින් පෙනෙන ආකාරය.

පැතලි අඩි පාවහන් යුගල

උස අඩි පාවහන් යුගල

මේ විදියට සිරුර ඉදිරියට නැමෙන නිසා කොඳුනාරටියේ කශේරුකාවේ ස්නායුවලට තෙරපුමක් ඇති වෙනවා. මේ නිසා තමයි අපේ කාන්තවන්ට වැඩි පුරම කොන්දේ අමාරු හැදෙන්න හේතුව.

උස අඩි නිසා දණහිස් වලට අසාමාන්‍ය තෙරපුමක් , පීඩනයක් ඇතිවෙනවා. මේ නිසා සාමාන්‍ය පීඩනයට වඩා 26% කින් පීඩනය වැඩිවීමක් සිද්ද වෙනවා. ඒ වගේ මේ පවහන් වලින් ඇති වෙන ආනතිය නිසා කකුලේ ගැස්ට්‍රොක්නිමියස් පේශිය(GASTROCNEMIUS MUSCLE) සංකෝචනයක් සිදුවෙනවා. එවිට ගැස්ට්‍රොක්නිමියස් මාංශ පේශිය කොට වෙනවා වගේම තද වීමක් වෙනවා.

ගැස්ට්‍රොක්නිමියස් පේශිය(GASTROCNEMIUS MUSCLE) 


ගැස්ට්‍රොක්නිමියස් පේශි‍යේ වෙනස් වීම


අනිත් බලපෑම සිද්ධ වෙන්නේ කකුලේ බල නහරයටයි(Tendon). කකුලේ ඉදිරිපස කොටස පහතට තල්ලු වෙනවා විලුෙඹ් සම්බන්ධයත් ඒක්කම. ඒනිසා  බල නහරය තද වීමක් හෝ  තෙරපීමකට ලක්වෙනවා. මේ නිසා විලුඹ කැක්කුම, කකුලේ අමාරුව ඇතිවෙනවා.

බල නහරය(Achilles Tendon)

ඒ විතරක් නම් මදැයි, මොළයට සම්බන්ධ රුධිර නාලවලටත් ස්නායුවලටත් හානි වීමෙන් මානසික සෞඛ්‍යයටද බලපෑම් ඇතිවෙනවා.

හැබැයි සම්පූර්ණයෙන් අඩි නැති පාවහන් තෝරා ගැනීමත් ඒ තරම්ම සුදුසු නැහැ. අඟල් එකහමාරක් හෝ අඟලයි තුන්කාලක් උස පාවහන් බාවිතයට ගන්නවානම් වඩාත් සුදුසුයි.

අඩි උස පාවහන්වලින් බාවිතය,  ශරීර සෞඛ්‍යයට හානි වීම නිසා අපේ එදිනෙදා කටයුතු අඩාල වෙනවා වගේම දීර්ඝ කාලීන රෝග රැසකට අත වැනීමක් නේද......  විලාසිතා කරාට කමක් නැහැ, ඒත් මේ වගේ අහිත කර දේවල් බාවිතයෙන් ප්‍රවේසම් වෙන්න අමතක කරන්න එපා.......



17 අදහස්:

Kasun said...

ඕව කිව්වට කෙල්ලෝ ඔය වැඩේ නවත්තන්නේ නෑ සහෝදරී...:)

~ChAnDiKa~ said...

සහතික ඇත්ත. මොන නැවැත්තිල්ලක්ද? :D

ලහිරු said...

ඒක ඇත්ත, මොකද ඔය අසනීප දීර්ඝකාලීන ව ඇතිවෙන ඒවා නිසා කාටවත් ඒතරම් ගාණක් නෑ! :P

Test Profile said...

අත්දැකීමෙන් ලබපු ප්‍රතිඵලද මේ...??

සෝරෝ said...

ගූඩ් පෝස්ට්..

මේ වගේ තව සිද්ධි ටිකක් එක්ක මම දාන්න හිටියේ...

Purmerend said...

මෝඩ කෙල්ලෝ :P

මලිති said...

@Kasun & @..ChAnDiKa..
හම් වෙන්න පුලුවන් හුඟාක් අය පිළිගන්නම් අකමැති, දැන් හොඳට ඉදල පස්සේ කාලෙක මොනා වුනත් කමක් නැ කියලා තමා බොහෝ දෙනා හිතන්නේ.....

@ලහිරු
හම්...ඒ වගේම හැමදාම මේවා පලඳිනකොටනම් ඒකේ අමාරුව දිනපතා දැනෙනවා. අපේ අක්ක දින පතා මේවා කාලයක් පාවිච්චි කළා.හැමදාම ඇවිත් කියනවා කොන්ද රිදෙනවා, දණිස් රිදෙනවා කියලා.එපා කිව්වට ඇහුවෙත් නැහැ ඉතින් :/

@Prasanna
අපෝ නැහැ, මං මේවා බාවිතයක් ඇත්තෙම නැහැ. මේ අවුරුදු 22ටම දෙපාරක් දාලා ඇති.

@සෝරෝ
අහ් මරු අයියත් දාන්න, මේ නිසා ඇතිවෙන බලපැම් තව තියෙනවනේ :)

priyantha said...

සයිබරයේම සැරිසරන අයට හරිම වැදගත් වෙයි. එයාලා වැඩිය මේවා කියවන්නේ නැති අයනේ. හරිම වටිනා පෝස්ට් එකක්. මේවා නොදැන කරන අයට ප්‍රයෝජනවත් වෙයි කියා හිතනවා...

පූසා said...

අපෝ ඕවා කොච්චර ලිව්වත් වැඩක් නෑ... දැන් මේක ගිහින් කෙල්ලෙක්ට කිව්වොත් එයාලා කියයි
"අනේ යනවා යන්න ඔය ඊරිසියාවට කියන කතා" කියලා :D

Kavindya said...

හෆු.. ඇතුවත් බෑ නැතුවත් බෑ.. කොන්දත් ඔනි.. ඒත් අපි වගේ කොට අය මොනා කරන්නද කොටට මහතට ඉන්න එතේ තව ප්ලැට් දැම්මම??? හෆු.......

මලිති said...

@Dishan Rajapaksha
හම් තමන්ටමනේ හොඳ නිරෝගිව ඉන්න පුලුවන් වෙන එක.

@priyantha
ස්තුතියි ප්‍රියන්ත අයියේ.ප්‍රයෝජනවත් වේවි කියලා මාත් හිතනවා. :)

@පූසා
එයාලා හිතල වැඩ නොකලොත් අමාරුවේ වැටෙන්නෙත් එයාලමනේ :/

@සුදු හංසි
ම් ම් මොකො ඉතින් කොලන්නේ....:/ ප්‍රෙව්සමේන් අක්කියෝ.....

සංකල්ප said...

ඔහොම නෙමේ නංගි. ඔලුවෙන් හිටගෙන කිව්වත් නාහෙන නාහන කෙල්ලෝ ඉන්නවා. ඒ අයට පවු කියලා කිඅන එක විතරයි කියන්න පුලුවන්. :)

ටී.බී. හේරත් said...

කොහෙද ඉතිං ගෑණුංගෙ නුවණ හැඳි මිටේ තරමටනෙ, ;)
ඔව්ව මොනවද වද කහ සුදියත් බීපු එකේ... :D

මලිති said...

@මධුරංග
ඔව් ඉතින් එහෙම තමා කියන්න වෙන්නේ :/

@ටී.බී. හේරත්
ඒ වුනාට හැම කෙනාම එහෙම නැහැනේ :D ;)

ටී.බී. හේරත් said...

@ මලිති,
මොකද නැත්තෙ, හැමෝම අඩු-වැඩි වශයෙන් එහෙම තමා... :D

Anonymous said...

www.cinelanka.net

in4gate-sayuri said...

කතාවනම් සම්පූර්ණ ඇත්ත.....
ඒත්අද සරල ජීවිතේකට හුරැ වුණු අය ගොඩක් අඩුයි dear.....

Post a Comment