අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා කොහේ හරි ගමනක් යනකොට වතුර බෝතලයක් අරගෙන යන්න, එහෙම නේද??? අපි ගෙනියන මේ වතුර බෝතලය ගැන පොඩ්ඩක් හිතල බලමුද. ම්....විවිධ ආකාරයේ බෝතල් වලට නේද අපි වතුර පුරවගෙන යන්නේ. වෙළදපොලේ තියෙන නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරලා තිබුණු බොහෝමයක් ප්ලාස්ටික් බෝතල් අපි විසිනොකර නැවත නැවත පාවිච්චි කරන්නවා නේද ලේසියටයි පහසුවටයි.

මේ බෝතල් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වර්ගය අනුව තමයි අපිට ඒවා නැවත පරිබෝජනයට සුදුසුද නැද්ද කියලා තීරණය වෙන්නේ. අපි කොහොමද ඉතින් දැනගන්නේ නේද??? 




මෙන්න මෙහෙමයි ඔය බෝතල් වල පතුල පොඩ්ඩක් බලන්න....ඔයාලාට දකින්න පුලුවන් මේ පහතින් තියෙන රූපයේ වගේ ලාංජනයක්....... තියෙනවද????



අන්න ඒකේ මේ වගේම ත්‍රිකෝණය ඇතුලේ අංකයක් ඇති. මේ අංකය     
භාවිතයෙන් තමා ඒවා ප්‍රතිචක්‍රීකරනයේදී ප්ලාස්ටික් වර්ග වෙන් කරලා අඳුන ගන්නෙ. 


ඊට අමතරව මේ අංකයෙන් අපිට තීරණය කරන්න පුලුවන් නැවත භාවිතයට සුදුසුද නැද්ද යන වගත්. ඒ අංකය 1 නම්....... දැන්මම ඔය බෝතලය දුවලා දුවලා ගිහින් කුණු ගොඩට දාන එක ඇඟට ගුණයි....:) හෝව් පොඩ්ඩක්....පරිසරයට හානියක් නොවෙන විදියට ඉවත දාන්නත් අමතක කරන්න එපා.....මොකද දන්නවද  අංකය 1 සඳහන් බෝතල් එක් වතාවයි පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන්නේ. අංකය 5 සඳහන් කරලා තියෙන බෝතල් තමා  නැවත භාවිතයට සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙන්නේ.

බොහෝමයක් පානීය ජලය සහ බීම ඇසුරුම් සහිත බෝතල් වල අංක  1 තමා සදහන් වෙලා තියෙන්නේ. මේවා එක් වරකට වඩා භාවිතයෙන්, එම බෝතල් හිරු එළියට නිරවරණය වීමේන් ජලය සමඟ එම ප්ලාස්ටික් වර්ගය නිපදවලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා විවිධ විෂ වර්ග එම බෝතලය ඇතුලේ තියෙන ජලයට මිශ්‍ර වෙනවා. 

වැදගත්ම දේ තමා, අංකය ඉහළ අගයක් තිබුණත් මේවා භාවිතා කිරීමේදී බෝතලය සීරීම, හිරු එළියට නිරාවරණය වීම වගේම උණු වතුර රස්නෙන් බෝතලයට දැමීම වගේ හේතු නිසා මේ විෂ නිපදවීමේ සීඝ්‍රතාවය වැඩිවෙනවා. මේ නිපදෙවෙන විෂ, පිළිකා කාරකයක් බව අනාවරණය වෙලා තියෙනවා.

හැබැයි පුංචි ළමයින් නම් මම හිතන්නේ මේ බෝතල් භාවිතයෙන් තොරයි. මොකද කිව්වොත් එයාලට කුක්කු බෝතල් වගේ සූප්පුවක් තියෙන බෝතලයක් ඕනෙමනේ.....ඒ වුනාට අපි ඒ වගේ බෝතල් වුනත් මිලදි ගන්න අවස්ථා වලදී අංකය බලලා තමයි ගන්න ඕනේ.....පුංචි අයට විතරක් නෙමේ අපි වගේ ලොකු පොඩ්ඩන්ටත් වතුර බොන්න බෝතල් වෙනම මිලදී ගන්න පුලුවන් (සූප්පු රහිත ඒවා  ;)  )

පුංචි පොඩ්ඩන්ට(කැමතිනම් ලොකු පොඩ්ඩන්ටත් භාවිතා කළ හැක ;) )

 ලොකු පොඩ්ඩන්ට


අද ඉදන් ඔයාලා මාස ගනන් පාවිච්චි කරපු වතුර බෝතලේ වගේම, ගෙදර ගොඩ ගහගෙන ඉන්න බෝතල් වල අංකය බලලා ඒක තවදුරටත් භාවිතයට සුදුසුද නැද්ද කියලා තීරණය කරලා,  නුසුදුසු ඒවා ඔක්කෝම ටික එකතු කරලා පරිසරයට හානියක් සිදු නොවෙන විදියට ක්‍රමවත් ලෙස භාවිතයෙන්  ඉවත් කරන එක අපි හැමෝගේම වගකීමක් බවත් හොඳින් මතකයේ තියාගන්න.....  








25 අදහස්:

~ChAnDiKa~ said...

හැබෑමයි. මමත් ඔයාව බලන්න එද්දි වතුර ගේන්නෙම ඔය බෝතල් වලනේ. දැන් මොකද කරන්නෙ. මං කියන්නද? ඔයා මට වතුර බෝතලයක් අරන් දෙන්න ;)

පන්සල් හංදිය said...

ඔන්න චන්දික මලයා තමා මේ පැත්තට එන්න පාර කිව්වෙ ...

ඇත්තටම වැදගත් පෝස්ට් එකක්, මම අදයි ඔය නොම්මර කතාව දන්නෙ .......

බොහොම ස්තුතියි ..

ලකී සිරි said...

///අන්න ඒකේ මේ වගේම ත්‍රිකෝණය ඇතුලේ අංකයක් ඇති. ඒ අංකය 1 නම්....... දැන්මම ඔය බෝතලය දුවලා දුවලා ගිහින් කුණු ගොඩට දාන එක ඇඟට ගුණයි....:///)

සමා වෙන්න මම දන්න තරමින් මේ කතාව වැරදියි..මේක වර්ගීකරණය පිළිබඳ වූ අංකයක්...තව ටිකක් සොයලා බලල මේ ගැන කිව්වොත් හොඳයි..අවශ්‍ය නම් මේ ගැන ඔබට තව විස්තර දෙන්න පුළුවන්...ඒත් ගූගල් දෙයියො ඕන කෙනෙක් ළඟ ඉන්නවනෙ...

පන්සල් හංදිය said...

පරණ පෝස්ට් බලන කොටයි දැක්කෙ මම මීට කලින් මේ පැත්තෙ ඇවිත් තියනවා ........

ලකී සිරි said...

ඇත්තටම මේ අංකය අපට ප්‍රයෝජනවත් වෙන්නෙ මේවා ප්‍රතිචක්‍රිකරණය කරන ක්‍රියාවලියෙදි..ඔබ කියන අනික් සමහර කාරණා ගැන නම් මමත් එකඟයි...

සිතුවිලි නිහඬයි said...

අඩේ..මගේ බෝතලේ ඔය 1 වෙනි වර්ගෙට අයත් එකක්....වහාම ක්‍රියාත්මක වන පරිදි daspin දැමුවෙමි..බොහොම ස්තුතියි අක්කා දැනුවත් කළාට ...කොච්චි අයියේ ලින්ක් එක දුන්නට ස්තුතියි

මලිති said...

@Luckey
ගොඩක් ස්තුතියි මට මඟහැරුනු තැන පෙන්නලා දුන්නට. ඔන්න මම වැරද්ද හැදුවා තව පුංචි වැරැද්දක් තියෙනවා ඒකත් හදනවා මේ දැන් :)

මලිති said...

@Luckey
ඔන්න දැන් වැරද්ද නිවැරදි කළා එකතු විය යුතු දේවල් එකතු කළා.
ස්තුතියි මගේ පෝස්ට් එකේ අඩු පාඩු පෙන්නලා දුන්නාට ...:)

මලිති said...

@..ChAnDiKa..
මාව එක්කන් යන්නකෝ බෝතල් තියෙන කඩේකට මම අරන්දෙන්නම් ඕකත් වැඩක් ද??? :D

@පන්සල් හංදිය
ස්තුතියි අයියේ ,,,ඔව් ඔව් ඇවිත් තියෙනවා මීට කලින් :)

@සිතුවිලි නිහඬයි
හි හි නියමයි :) ස්තුතියි ඇවිත් ගියාට

ලකී සිරි said...

නිවැරදි කිරීමට උත්සාහ ගැනීම ගොඩක් හොඳයි..ඇත්තටම ඔබ බොහොම සිත් ගන්නා ලිවීමේ හැකියාවක් තියන කෙනෙක් .අර ඊ තල තුනක් ඇති ලකුණ කළ හැකි බව දන්වනවා වගේම ඊට හිමි අංකය අදාල අමුද්‍රව්‍ය ගැන අපට අදහසක් දෙනවා. ඒ අනුව අපට ඒවා වර්ග කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යවන්න පුළුවන්...

මටනම් පොස්ට් එක අප්ඩේට් වූ බවක් පේන්නෙ නැහැ...

ලකී සිරි said...

correction
.///අර ඊ තල තුනක් ඇති ලකුණ RECYCLE කළ හැකි බව දන්වනවා වගේම/////

රුචක said...

බෝතල් වල යට ඔය ත්‍රිකෝනෙ (ඊතල තුනේ ලකුන ) දැකල තියනව ඒත් අද තමයි ඒකෙ හරි තේරුම දැනගත්තෙ.
හොද දැනුවත් කිරීමක්

චතුමිතු said...

මහමෙව්නාවේ මාසික සගරාවේ ඔය ගැන ලිපියක් තියනවා දැකලා මාත් හිතුවා යාළුවෝ දැනුවත් කලොත් හොදයි කියලා... මටත් කලින් ඔයා එක ලියලා නේ.. මොනවා උනත් ඉක්මනින්ම දැනුවත් කරන එක හොදයි නේ.. වැදගත් ලිපියක්... :)

හා පැටික්කි (MS) said...

මට ඔය එක එක එව්වා භාවිතේ හාවා විසින් තහනම් කොරානේ. ඊට පස්සේ අර සූප්පු රහිත චුට්ටි එකක් ගත්තා. හැබැයි උණු වතුර දැමෙන වාර ගණන නම් වැඩියි. ට්‍රේනිං එකේදි දවසට තුන් පාරක්ම ගිනි ගිනි උතුරණ වතුර දැම්මා දවස් 21 පුරාවටම. දැනටත් උණු වතුර දානවා. ඒකත් බලන්ට ඕනි.

බොහොම වැදගත් ලිපියක් මලිති...... කාලෙකින්ද මංදා මං මේ පැත්තේ ආවේ........

ලහිරු said...

මමත් හැමදාම හිතාගෙන ඉන්නවා අයින් කරන්න ඕන කියලා, හ්ම්ම්ම්.. දැන්වත් අයින් කරන්න ඕන! ස්තූතියි දැනුවත් කළාට

DISHAN said...

thank's for this post friend it's very valuable notify for us

මුදී said...

නොම්මරේ දැන ගට්‌තේ අද ගොඩාක්‌ ස්‌තූතී....

Anonymous said...

godak watina article ekak

Anonymous said...

ඇත්තටම වැදගත් ලිපියක්.ගොඩාක්‌ ස්තුතියි මේ ගැන දැනුවත් කළාට.

Anonymous said...

thanxx.... :):)

Anonymous said...

thanks for the valuable msg dr

සංකල්ප said...

ගොඩක් වටින ලිපියක්.
මේ ගැන ටීවී එකෙන් කිව්වට පස්සේ මම් රට පීරලා වීදුරු බෝතලයක් හොයාගත්තා වතුර බොන්න. වීදුරු බෝතල් ඒ අතින් හොදයි.

සෝරෝ said...

Tkz malithiyo....

ටී.බී. හේරත් said...

පහ හොඳයි කියල ඒ කාලෙ ඉඳලම දැනගෙන හිටිය... :)

ජීවිතේ මල් said...

මලිතියා ඉතින් ලියන්නෙම සමාජෙට වැදගත් දේවල්. මම මේක කියෙව්වෙ ටිකක් පරක්කු වෙලා.

හරි හොඳයි නන්ගි... තව තව මේ වගෙ දේවල් ලියන්න....

Post a Comment