පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රියම, රසවත් බෙදා හදගෙන කන්න පුලුවන් (සමහරු බදාගෙන තනියමත් කනවා...:D) අහාරයක් තමා චොක්ලට් කියන්නේ. වයස් බේදයක් නැතුවම ආසවෙන් කන්න පුලුවන් පෝෂ්‍යදායි ආහාරයක් කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. අපි ඒ ගැන පසුව කතා කරන්න තියලා මේ චොක්ලට් කොහෙන්ද එන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලමු.

 ම්.............

කොකෝවා ගසේ ඵලයේ ඇටවලින් තමා මේ චොක්ලට් නිපදවන්නේ. මේ නිසා එය ශාකමය ආහාරයක් විදියට තමා සලකන්නේ.


මුලු ලෝකෙම තියෙන චොක්ලට් වර්ග ගැන කථාකලොත්, චොක්ලට් වර්ග 10ක් විතර තියෙනවා.
ඩාර්ක් චොක්ලට්(Dark chocolate)



වයිට් චොක්ලට්(White chocolate)



මිල්ක් චොක්ලට්(Milk chocolate)



ස්විස් චොක්ලට්(Swiss chocolate)



නටි චොක්ලට්(Nutty chocolate)



ඔරේන්ජ් චොක්ලට්(Orange chocolate)



මින්ට් චොක්ලට්(Mint chocolate)



බෙරි චොක්ලට්(Berry chocolate)



හෝල්සම් චොක්ලට්(Wholesome chocolate)



බේකින් චොක්ලට්(Baking chocolate)




බොහෝ රටවල්, චොක්ලට් වලින් විවිධ අදුම්, පාවහන්, අත් බෑග් වැනි      දේවල් නිශ්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, පසුගියදා ආමේනියා‍වේ ග්‍රෑන්ඩ් කැන්ඩි කර්මාන්තශාලාව විසින් ලොව විශාලතම චොක්ලට් කුට්ටිය  නිපදවා එය ගිනස් වාර්ථාවට එක්කරලා තියෙනවා. එහි බර 4410 kg ක්, 5.5 m කට වඩා වැඩි, 2.7 m කින් පළලකින් සහ එහි ඝනකම 25cm ක් පමණ වෙනවා. කොහොමද සයිස් එක...............2007 වාර්ථාව කැලේ  :)



මම මුලින් කිව්වනේ චොක්ලට් කියන්නේ පෝෂ්‍යදායි ආහාරයක් කියලා. මම එහෙම කිවවේ හෘද රෝග, පිළිකා වැනි රෝග වළකන ප්‍රති - ඔක්සිකාරක ගුණ මේ චොක්ලට් වල අඩංගු වෙලා තියෙනවා කියලා විද්‍යාඥයන් ඔප්පු කරලා තියෙනවා. සමහරු මේදය බහුල නිසා චොක්ලට් ආහාරයට ගන්න පුංචි බයක් ඇතිකරගෙන තියෙනවා. කොකෝවා වල මේදය සතෘප්තව තිබුණද මෙහි ස්ටියරික් අම්ලය තියෙන නිසා කිසිසේත්ම කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමක් සිදුවන්නේ නැහැ. තව  දෙයක් තමා රැධිරය කැටි ගැසීමේ හැකියාවයක් තියෙන නිසා, එම ක්‍රියාවන් නිසි ආකාරයට සිදුකිරීමට උපකාරී වෙනවා. ඒත් හැබැයි සීමාවක් නැතුව චොක්ලට් කෑවොත් ශරීරය තරබාරැ වීම තමන්ටම පාලනය කරන්න බැරි වේවි. චොක්ලට් කෑල්ලක් දෙකක් වගේ කෑවොත්නම්, එහි පෝෂණයන් ඒ ආකාරයෙන්ම හිතකර ලෙස විදින්න පුලුවන් :) කොයි දේත් පමණට වඩා බාවිතයෙන් අයහපත් ප්‍රතිඵල ලැබෙනවානේ ඉතින්........

දැන් ඉතින් චොක්ලට් කන්න ආසාවෙන් ඉදලා....... බයට නොකාපු අයට, බයෙන් සැකෙන් තොරව චොක්ලට් කෑල්ලක රස බලන්න පුලුවන්....... :D

22 අදහස්:

~ChAnDiKa~ said...

මට දෙන්න ප්‍රොමිස් වුන චොකලට් එක තාම දුන්නෙ නෑ...:(

kanishka dilhan said...

කික්ස් අහ්! අපිටත් චොකො ඔනි

මලිති said...

@..ChAnDiKa..
:O මම කවද්ද චොකලට් දෙනවා කියලා ප්‍රොමිස් උනේ ????? :O

@kanishka dilhan
O කැමති වර්ගයක් ඕඩර් කරන් කන්න අවුලක් නෑ ;)
;) හි හි...

ලහිරු said...

දුන්නොත් අපිත් නොකා ඉන්නේ නෑ ඕං.............

hare :-) said...
This comment has been removed by the author.
hare :-) said...

සමාවෙන්න කලින් කමෙන්ටුව මකන්න වුණාට. වෙන අඩවියකට දාන්න ගිය කමෙන්ට් එකක් වැරදිලයි වැටුණේ.

චොකලට් වලට ආස නැති කෙනෙක් නම් හොයාගන්නවත් බෑනේ... ඒ තරම්ම රසවත් ආහාරයක්.. අපේ යාළුවෙක් චොකලට් හදන්නය කියල කොකෝව ඇට වේලමින් හිටිය පහුගිය දවස් වල. හැදුවද දන්නෙ නෑ...

චොකලට් වලට කැමති අය මෙන්න මේ චිත්‍රපටියටත් ගොඩක් කැමති වෙයි...

http://www.imdb.com/title/tt0241303/

ජීවිතේ මල් said...

අපූරු ලියමනක්... ප්‍රොෆෙශනල් ආටිකල් එකක් කියල කියත හෑකි. එක් දෙයක් සම්බන්ධයෙන් හොඳ රිසර්ච් එකක් කරලා අපූරු ආරම්භයක්, හොඳ සාරවත් සටහනක් සමග ඉතා ලස්සන අවසන් කෙරුමක් සමග ලියලා තියනවා. ලිපිය ලියන්න වෙච්චි මහන්සිය ඉතාමත් අගය කරනවා....
ඒ වගෙම සිත් ඈදගන්න විදියටත් ලියල තියනවා... අපූරුයි නගා....

මලිති said...

@ලහිරු
ඉන්නකෝ මම චොකලට් කඩයක් දානවා :D

@hare :-)
ඒකට කමක් නෑ... යාළුවා හදන්න කලින්ම ඒවා ටික කාලා දැම්මද දන්නැ :D මේ චිත්‍රපටියට ස්තූතියි බලන්නම ඕනේ...

@ජීවිතේ මල්
බොහෝම ස්තූතියි අක්කේ....:)

ගිනි අව් සහ ගිනි කෙලි said...

අක්කෙ i love you i love you ප්‍රශ්නයක් ද!!!!!1

Anonymous said...

චොකලට් වලට ආස ඉතින් ගෑනු පරානනේ, අපි නම් ආස නෑ ඕං

මලිති said...

:O ඒ උනාට පිරිමිත් ආසයි දෙතුන් දෙනෙක් ඇරෙන්න :)

සෝරෝ said...

ඊයා චොකලට්.............. :D

කස්ස said...

අම්මෝ කටට කෙලත් ඉනුව.ඉතා හොඳ ලිපියක්.

මලිති said...

@සෝරෝ
:O ඊයා....චොකලට් පාටියක් සෙට් කලොත් ඊයා කියපු අයට නෑ ඕන්...

@කස්සා
හි හි... ස්තුතියි

ටී.බී. හේරත් said...

ඉදුනු කොකෝවා මදත් හරිම රහයි...

මලිති said...

මම ඒවා තාම කාලා නෑනේ :(

ටී.බී. හේරත් said...

කොකොවා මදත් මැංගුස්ටින් වගේ තමා, ලංකාවෙ වැඩියෙන්ම කොකෝවා වවන්නෙ කුරුණෑගල, මහනුවර, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්ක වල. ඒ පලාත් වල ගියොත් කොකෝව කන්න පුලුවන්, කුරුණෑගල ආවොත් මට කියන්න ;)

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

‘ජීවිතේ මල්‘ කියලා තිබුනා වගේ හොඳ ලිපියක්. මේ වගේ ලිපි තමයි අපේ බ්ලොග් අවකාශෙට ඕනෙ. අනෙක් අනන් මනන් වැඩක් නෑ කියනවා නෙවී. ඒත් ඉතින් මේ වගේ ලිපි සදාකාලිකයි. තව අවුරුදු 10 ක් ගියත් මේ ලිපිය කියවන කෙනාට ගොඩාක් ප්‍රයෝජනවත්. අනෙක කරුණු හොයලා රූප හොයලා ලිපය කරන්න විඳින දුකට වටිනාකමක් ලැබෙන්නේ එතකොටයි. දිගටම මේ වගේ වැදගත් හරවත් ලිපි කරන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ජයවේවා සහෝදරී !!!

මකුළුවා..... said...

හ්ම් චොකලට් කියන්නේ ඇත්තටම පෝෂ්‍යදායී ආහාරයක්...මගේ බෑග් එකේ හැමවෙලේම චොකලට් එකක් තියාගෙන ඉන්නේ මම.හදිස්සියකට කාලා දාන්න.වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන අයට සෑහෙන්න හොඳ කෑමක් තමා චොකලට්.ඒවගේම තමා පහුගිය කාලේ ඔය මරාගෙන මැරිච්ච කොටි ත්‍රස්ථවාදීන්ගේ ගමන් මළුවලත් ආහාර විදියට තිබිලා තියෙන්නේ චොකලට්.මොකද ඒක ශක්තිජනක ආහාරයක් නිසා...

මලිති said...

@ටී.බී. හේරත්
ම් ම් අපේ නෑදැයොන්ගේ ගෙවල් තියෙනවා කුරුණෑගල කන්න ඕනේ ගියාම :D

@චතුරංග පෙරේරා
ගොඩාක් ස්තූතියි අයියේ...

මලිති said...

@මකුළුවා.....
ෂා මරුනේ :) කොටිත් එසේ මෙසේ අය නෙමේ නේද???

මේලක said...

මමත් වැඩියෙන්ම කන්න කැමති චොකලට් තමා :D

Post a Comment