මේ දවස් වල හරිම වැස්ස, කෙයි වෙලෙත් චුරු චුරු ගගා වහිනවා. ඉතින් ඔන්න මේ වැස්සෙම උණු උණු නිව්ස් එකක් ආවා මලිතිගෙ කැම්පස් එක වහනවා කියලා. මලිතිලාගෙ යාලුවන්ටත් පුදුම තරම් සතුටුයි ඉතින්. ගෙදර යන්න පාරට යන අතර මගදි තමා මලිතිට ආරංචි වුනේ කැම්පස් එක ආසන්නයේම නගරයකට ගංවතුර තත්වයක් ඇති වෙලා කියලා.

එවෙලෙනම් මලිති බය වුනා පොඩ්ක් විතර, මොකද කියනවනම් බස් නැති වුනොත් කියලා. ටික වෙලාවකින් බස් එකක් නම් ආවා. නැගලා ටිකක් දුර යනකොට , මිනිස්සු එහාට මෙහාට කලබලයකින් වාගේ දුවනවා දැක්කා. වාහන තද බදයකුත් තිබුණා. වට පිට විපරම් කරලා බැලුවා මොකද්ද මෙතන වෙන්නෙ කියලා. එවෙලේ තමයි මං දැක්කෙ අපේ බස් එක අඩි 3ක් විතර වතුරෙ තමයි තිබුණෙ.

ඒත් එක්කම වගේ ගැහැණු කෙනෙක්  “අපේ ගෙවල් සේරම ඉවරයි, ඔක්කෝම විනාස වුනා…….” කියාගෙන බස් එකට ගොඩ වුණා.  මිනිස්සු කොච්චර දුක් මහන්සිවෙලාද ගෙවල් දොරවල් හදාගෙන ජීවිතේ ගැට ගහගන්න ඇත්තේ, එක මොහතකින් ඒ හැමදේම තමන්ගේ ඇස් ඉදිරියේම වතුරට ගහගෙන යනවා දකිද්දි, ඒ හිත්වලට මොනතරම් දුකක් වේදනාවක් දැනෙනවා ඇද්ද…..

මේ මලිති දැකපු දේවල්, ඒත් හැමදාම අහන්න ලැබෙන දේවල් කොයිතරම් කියෙනවද. නායයෑම නිසා ගෙයක් විනාශ වෙලා ගෙදර හිටපු කීපදෙනෙකුත් යටවෙලා තිබුනා. මේ වගේ අනතුරුදායක තත්වයන් නිසා රටේ ජනජීවිතය එහෙම පිටින්ම අඩාල වෙලා. දෛනික ජිවිතවලටත් ලොකු තර්ජනයක් වෙලා තියෙන්නෙ. දැනට, ජිවිත හානි වගේම බොහෝ පිරිසක් අවතැන් වෙලා, ඒ වගේම ඔවුන්ට උන් හිටි තැන්, පවුලේ සාමාජිකයන් අහිමි වෙලා තියෙනවා.

මේ තරම් අපේ ජිවිත වලට මිතුරු පරිසර සම්පත්, හතුරෙක් වෙලා ඉන්න හිටින්න තිබුණු තැන් නැති කරන්න තරම් නපුරු වෙලා….මේ හැම දේටම වග කියන්න ඕනෙත් මිනිස්සුම තමා. මිනිස්සුන්ට ජිවත් වෙලා ඉන්න හුස්මක් ලැබෙන මේ ගස් කොළ වලින් කියලා දැන දැනම , කැළෑ එළි කරන්නෙත්, ගංගා වැව් වලින් වැලි ගොඩ දාන්නෙත්, තමන්ගේ බඩ කට පුරව ගන්න. මිනිස්සු හුගාක් ආත්මාර්තකාමී වෙලා. ‍මේ වගේ ක්‍රියාවන් නිසා පරිසරයට විශාල හානියක් සිද්ද වෙනවා කියලා හිතන්න තරම්වත් හැකියාවක් සමහර මිනිස්සුන්ට නැති එක ගැන මලිතිට නම් දුකයි.
සුළු පිරිසකගේ මේ වගේ නොහොබිනා ක්‍රියා නිසා මුළුමහත් සත්වයාටම සොබාදහමෙන් දඩුවම් විදින්න කාලේ ඇවිත් කියලයි මටනම් හිතෙන්නෙ. කොයිතරම් නායයෑම්, ජල ගැලීම් නිසා දවසකට මිනිස්සු කීදෙනෙක් නම් විපතට පත් වෙනවද? මොළයක් නැති සුළු පිරිසකගේ වැරදි නිසා අහිංසක මිනිස්සු විශාල පිරිසක් ඒවට වන්දි ගෙවනවා. දැන් පරිසරයට වෙන හානි උහුල ගන්න බැරුව, ස්වභාවධර්මයා අපිට අකීකරු වෙලා තියෙන්නෙ. ස්වභාවධර්මයා දඩුවම් කරන්නේ තරාතිරම බලලා නෙමේ පොදු සත්වයාටම…… මිනිස්සුනම් කොහොම හරි අනුන්ගෙ උදව්වෙන් හරි බේරේවි. එත් අහිංසක සත්තු කී දාහක් මේ වන විට විපතට පත්වෙලා ඇද්ද? අපි පරිසරයට හිතකාමී විදියට සම්පත් පරිබෝජනය කරලා….අනාගත පරපුර වෙනුවෙනුත් මේ මිහිපිට යමක් ඉතිරි කරලා තිබුනොත්, ස්වභාවධර්මයා අපිව ආරක්ෂාකරනවා නියතයි.

මේ වෙලාවෙ අපට කරන්න පුළුවන් වටිනම දේ තමයි විපතට පත් වී අසරණ වුණු අයට පුළුවන් හැම විදියටම අපි උදව් කරන එක. වියළි ආහාර, පානීය ජලය, ඇදුම්, දත් බුරුසු, සබන් වැනි අත්‍යවශ්‍ය දේවල් ඔවුනට ලබා දිම අපි හැමගේම යුතුකමක් වගේම වගකීමක්. ඒ වගේම ලොකු පිනක්. 
(තව දෙයක්, අදුම් පරිත්‍යාග කරනවානම් හැකි සෑම විටම ඔවුනට අලුත් ඇදුම් පමණක් ලබා දීමට හැකිනම් එය වඩාත් සුදුසුයි කියල තමයි මලිතිට නම් හිතෙන්නෙ.)

4 අදහස්:

~ChAnDiKa~ said...

අහ් ඒ කියන්නෙ මලිතිවත් ගංවතුරට අහුවෙලා.
:D

ඇත්තටම මේ මිනිස්සුන්ට අපේ උපකාරය අවශයම මොහොත තමයි මේ....

හිස් අහස said...

අපට තවම වහිනවා .මමනම් එපා වෙන්නම ගං වතුරට අහූනා. මොනවා කරන්නද ?

මලිති said...

@chandika
ඔව් මාවත් තවපොඩ්ඩෙන් අහුවෙනවා. අපිට පුලුවන් උපරිමෙන් උදව් කරමු.

@හිස් අහස
ඒකනම් ඇත්ත එපා වෙනවා මේ වගේ දේවල් වෙද්දි :(

නෙරංජි සුලක්ඛනා said...

මලිති අක්කා අහු වෙන් නෑ...අපෙ අයියා ඉන්නකං... එයා මූද නේ

Post a Comment