හදිසියේම ඇස ගැටුනු පුංචි සිදුවීමක්......
මේ පහු වුණු කාලේ හුඟාක් වැඩ තිබුණු කාලයක් අනේ....අද තමා ගෙදර ආවේ. මේ වැඩ අතරේ පුංචි හදිසි වැඩකට අපේ කැම්පස් එකට යන පාරේ දුවගෙන යන ගමන් මගේ යාළුවෙක්ව මුණගැහුණා එයාගේ බොයියා එක්ක :)
දෙන්නා එක්කම හිනාවක් දැම්මා මම, කෙල්ල හිනා වුණා කොල්ලත් හිනා වෙනවා ලාවට ඒත් මාත් එක්කනම් නෙමේ කියලා මට තේරුනා. මම නිකමට පිටිපස්ස හැරිලා බැලුවා කවුද ඉන්නේ කියාලා. "කෙල්ලෙක්" ...... මීට කලින්නම් දැකලා නැහැ. මේ කොල්ලගේ බලපු බැල්මට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ :(
කොල්ලෙක් තමනගේ කෙල්ල ළඟ ඉද්දිම..... වෙන කෙල්ලෙක් දිහා මද සිනහවකින් ඇස් දෙක පුංචි කරලා ඇස් පිල්ලම් ගහලා බලන්නේ ඇයි?????
*ඒක දැකපු මටනම් ඒ කොල්ලා ගැන කලකිරීමක් ඇති වුණා. (මට හිතුන දේ )
මොකද හිතන්නේ ??????
(අදහස් දැන ගන්න කැමති , මට හිතුන දේ වැරදිද දන්නේ නෑ :D )
22 අදහස්:
ඇත්ත තමයි එහෙම කරන්න ඕනි නෑනෙ තමන්ගෙ කෙල්ල ලග ඉන්න කොට
කෙල්ලෙක් ලඟ ඉද්දි තව කෙල්ලෙක් දිහා බලන්නේ ඇයි ? එක්කෝ ඒ කෙල්ල තමන්ට ආදරේ නෑ. හැමවෙලාවෙම බනිනවා.
එහෙමත් නැත්නම්
කොල්ලා මහ වල් කොල්ලෙක්. ඒකා ඩබල් ගේම් කාරයෙක් !!!
ඔන්න මම කිව්වේ මට හිතෙන දේ. මාව කන්න නම් ලෑස්ති වෙන්න එපා !!!! :)
අමාරුවක් තියෙන එකක් වෙන්න ඇති. අනේ මන්දා කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි.
ෂුවර් එකට කෙල්ල ලඟ ඉන්නවා කියල අමතක වෙලා වෙන්න ඇති :P
yako dan kellek hitiya wena kellek dihaa balannath barida. ????
atta kiyanna oyage kolla neda oya wade kale ? :D
ම්ම්ම් සෑහෙන ප්‍රශ්ණයක්!!! හැබැයි ඉතින් එහෙම දෙයක් වෙනවනම් ඒකට හේතූව දැනගන්නෙ නැතුව එකපාරටම බනින්න බැහැනෙ. සමහරවිට ඒ කෙල්ල ඔය කියන කොල්ලගෙ හොඳ යාලුවෙක් වෙන්න පුලුවන්. එහෙම නේද?
ප.ලි.
@ 2nd Ano
කොල්ල එහෙම කරානම් එයා මේව බ්ලොග් වල දදා ඉන්නෙ නෑ නේද මලිතියෝ? :D
මතක තියාගන්ඩ කොල්ලො කියන්නෙ රහත් විච්ච උන් නෙවේ...උන්ටත් ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඒ පැත්තට ඇහැ යනව(ඒකට කෙල්ලො අදින පලදින විදියත් වග කියන්න ඕන)..එහෙම උනා කියල ඌ වල් කොල්ලෙක්වත් ඩබල් ගේම් කාරයෙක්වත් නෙමෙයි...ඒක එතනින් ඉවරයි..ඒත් කෙල්ලො පේන්න කොල්ලො දිහා බැලුවෙ නැතුවට උන්ගෙ ගේම් අපි දන්නවා
ඔයා කොල්ලෝ ගැන දරන්නේ ඔහොම අදහසක් වෙන්න ඇති. ඒකයි ඔයාට එහෙම පේන්නේ.. කෙල්ලා කියපු දේකට අහක බලාගෙන හිනා වෙන්න ඇති. ඕනම කෙනෙක් අවංකව සිනාසෙනකොට ඇස් චූටි වෙනවා.. ඒක ගැන දන්නේ නැත්නම් Body Language ගැන ඉගෙන ගන්න.
කෙල්ල ඉන්න වෙලාවට ඇහි පිල්ලම් ගහන්න හොඳ නැත්ද?
කෙල්ල ලඟ ඉන්නකොට ඇතිවෙන හැඟීම්, සතුට යන හේතු නිසා කොල්ලාගේ මුහුණේ රුධිර නාළ විශාල වෙනවා. ලේ ගමනා ගමනය සාමාන්‍ය තත්වයට වඩා වැඩි වෙනවා. එතකොට ඇස් වලත් එහෙමයි. ඒ වගේ හේතු නිසා කෙල්ල ලඟ ඉන්නකොට ඇහිපිල්ලම් ගහන එක වැඩි වෙනවා.. ඒ විතරක් නෙවෙයි මුහුණ, කණ වගේ සියුම් ස්ථාන රතු වෙනවා..
මම මේ කියන කථාවට කොල්ලෝ ඔක්කොම එකඟ වෙයි.
ඹ්නම කෙනෙක් තමන් දරණ අදහසට අනුව තමයි පරිසරයේ සිදුවෙන දේවල් තමන්ට පේන්නේ.. ඔයා කොල්ලො ගැන හිතන විදියට තමයි ඔයාට කොල්ලො පේන්නේ..
මගේ දැනුමේ හැටියට සිද්ධිය පැහැදුව..
මඳ සිනහව ගැන ඔයාලට පහදන්න මට පොත් ගනන් ලියන්න වෙයි. ඒ නිසා මඳ සිනහව (මදහස පෑම)ගැන මම මෙතන කෙටියෙන් වත් සඳහන් කරන්න කැමති නැහැ..
මඳහස ගැන මුලින්ම පරීක්ෂන කරේ 19 වන සියවසේ මුල් කොටසේදී ප්‍රංශ විද්‍යාඥ ගිලෝම් ඩුවෙන් ඩී බූලෝන් විසින්. (Guillaume Duchenne de Boulogne)
19 වන සියවසට යන්න ටිකක් අමාරු නිසා තමයි මම කියන්නේ නැත්තේ.. දුර වැඩියි ඒකයි
ම් ම් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා....හැමෝටම ස්තුතියි :)
@2nd Ano
අපෝ නෑ :)
@Nadun Dissanayake
කෙල්ල කියපු දෙයකට නෙමේ හිනා වුනේ, ඒ දෙන්නා කථා කර කර නෙමේ ආවේ.
ඔයාගේ කතාවට මම එකඟයි ඇත්තටම. තමන්ගේ කෙල්ලත් එක්ක එහෙම හිනා වෙනකොට ඒ කෙල්ලට හුඟාක් ආදරේ ඇති වෙනවා ඒ කොල්ලා ගැන.:)
මේක මාර වැඩක් නේ, දැන් කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක ඉද්දි තව කෙල්ලෙක් එක්ක හිනා වෙන්න බෑනේ. මාර නීති (කොල්ලගේ කෙල්ලටත් නැති අවුලක් නේ ඔයාට තියෙන්නේ);
@bckurera
මට එහෙම දෙයක් වුනානම් මට දුකයි.අනිත් අයගේ අදහස් දැන ගන්නයි ඕනේ වුනේ :) මම හිතන විදිය වැරදිද දන්නේ නෑනේ...
මේක කියවපුවහම මට කතාවක් මතක් උනා, මට හරියටම ඒ කතාව මතක නෑ. නමුත් කතාවෙ මූලික හරයට හානියක් නොවෙන විදියට ඒ කතාව කියන්න පුලුවන්,
දවසක් රහතන් වහන්සේ නමක් මහ මඟ වඩින අතර තුර ගංගාවක් තරනය කරන්න සිදූනා. ඉතින් මේ ගඟ අසල ඒ ගඟ තරනය කරන්න කාන්තාවකුත් සිටිය, ගඟේ වතුර පාර සැර නිසා ඇයට එගොඩ වෙන්න බැරුවයි හිටියෙ. ඉතින් ඒ බව දැනගත් මේ රහතන් වහන්සේ ඒ කාන්තාව කරතියාගෙන ගඟෙන් එගොඩ කලා. මේක දැකපු වෙන කෙනෙක් මේ සිද්දිය ගිහින් බුදුරජාණන් වහන්සේට කීව. ඉතින් බුදුරජාණන් වහන්සේ අර රහතන් වහන්සේ වත් කැඳවල ඇහුව මේ කතාව ඇත්තද කියල. ඒ රහතන් වහන්සේ කීව ඒ කතාව ඇත්ත, මම ඒ කාන්තාව එගොඩ කරල ගඟේ අනෙක් ඉවුරෙන් තියලයි ආවෙ නමුත් මේ ඇත්තා(අර බලාගෙන හිටපු කෙනා) නම් තාම ඒ කාන්තාව කරතියාගෙන ඉන්න කියල.
කොහොම නමුත් ඒ කොල්ලගෙ හිනාවට මලිතිගෙත් හිත ගිය හැඩයි...
අපෝ හීනෙන්වත් නෑ. අනිත් අයට අයිති දේවල් වලට ආස කරන්නේ නැ මම :) අනික ඒ කොල්ල තමන්ගේ කෙල්ලට ඒ හිනාව දුනන්නම්, ආදරෙන් ඉන්න දෙන්නෙක් කියලා මට සතුටු හිතෙනවා :D
අයියෝ! එයා බලලා තියෙන්නේ එයාගෙ උඩ කෑල්ල යට කෑල්ලට මැච් වෙනවද කියලා!හික්ස්! සාමාන්්‍යයෙන් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වෙන එක සාමන්්ය දෙයක්!හැබැයි තමන් දැනගන්න ඔන සීමාව කොතනද කියල!
කොල්ල සම්පූර්ණයෙන්ම වැරදී... ඌට බැරිවුනාද කෙල්ලො අහුවෙන්නෙ නැතුව කොල්ලො දිහා බලන විදිහට හොරෙන් බලන්න... ;)
මම නම් කෙල්ලො දිහා හොඳට බලනවා.. කෙල්ලොත් හරි කැමතියිනේ කොල්ලො බලනවට. ඒක නිසා තමයි අවධානය ගන්න නානාවිධ විච්චූරන ඇඳුම් ඇඳලා පාරේ යන්නේ..
කොල්ලනේ කොල්ලෙක් කියලා පේන්න කෙල්ලො දිහා බලපල්ලා.. හැබැයි පැණියෝ වගේ බලන්නේ නැතුව..
ඇයි යකෝ..
@ මලිති,
එහෙම කීවම මට තව කතාවක් මතක් උනා,
ඔන්න දවසක් ඇල්බ්ට් අයින්ස්ටයින් පන්තියෙ ඉන්න ගෑණු ළමයෙක් දිහා විටින් විට බලනවලු, ටික වෙලාවක් ගිහින් මේ ගෑණු ළමය පන්තියේ ගුරුතුමාට පැමිණිලි කලාලු අයින්ස්ටයින් තමා දිහා බලනව, එයාට ඒක කරදරයක් කියල. ගුරුතුමා අයින්ස්ටයින් ගෙන් ඇහුවලු ඇත්තද මේ කියන්නෙ? තමා මේ ළමය දිහා බැලුවද කියල. අයින්ස්ටයින් කීවලු, සර් මං එයා දිහා බලපු එක ඇත්ත, නමුත් එයත් මං දිහා බැලුව කීවලු. ගුරුතුමා අයින්ස්ටයින්ට කීවලු එහෙම කියන්නෙ කොහොමද? කියල. අයින්ස්ටයින් කීවලු ඇයි සර් ආලෝකය ගමන් කරන්නෙ සරළ රේඛීයව නෙ කියල...
ඔව්වා මොනවද අනේ මෙව්වා එක්ක බලද්දී
http://sudupoosa.blogspot.com/2011/01/blog-post_16.html
ඔතන ගොඩක් දේවල් වෙන්න පුලුවන්. කොල්ලාට කෙල්ල එපා වී සිටීම ගොඩක් වෙලාවට විය හැකියි. සමාන්‍යන් ඉතිං ලස්සන කෙල්ලෙක් දැක්කම කොල්ලෙක් බලනවා. කෙල්ලොත් එහෙමයි. ඒක පොදු දෙයක්. ඒක සමහර අයට අසාමාන්‍ය විදිහට පේන්නත් පුලුවන් (ඒ අක්කට නෙමේ කිව්වේ හොදේ ;) ඒත් ඉතින් ඕන දේක සීමාවක් තියෙනවානේ. අනිත් එක කොල්ලො විතරද බලන්නේ කෙල්ලෝ බලන්නේ නැද්ද? කෙල්ලෝ තමයි කොල්ලොන්ට වැඩිය බලන්නේ. මම ඕන තරම් ටියුෂන් ක්ලාස් වලදී දැකලා තියෙනවා.
අක්ක රජරට යුනියෙ ද? එහෙනම් අපේ ගෙවල් ගාව තමා.
Post a Comment