පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රියම, රසවත් බෙදා හදගෙන කන්න පුලුවන් (සමහරු බදාගෙන තනියමත් කනවා...:D) අහාරයක් තමා චොක්ලට් කියන්නේ. වයස් බේදයක් නැතුවම ආසවෙන් කන්න පුලුවන් පෝෂ්‍යදායි ආහාරයක් කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. අපි ඒ ගැන පසුව කතා කරන්න තියලා මේ චොක්ලට් කොහෙන්ද එන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලමු.

 ම්.............

කොකෝවා ගසේ ඵලයේ ඇටවලින් තමා මේ චොක්ලට් නිපදවන්නේ. මේ නිසා එය ශාකමය ආහාරයක් විදියට තමා සලකන්නේ.


මුලු ලෝකෙම තියෙන චොක්ලට් වර්ග ගැන කථාකලොත්, චොක්ලට් වර්ග 10ක් විතර තියෙනවා.
ඩාර්ක් චොක්ලට්(Dark chocolate)



වයිට් චොක්ලට්(White chocolate)



මිල්ක් චොක්ලට්(Milk chocolate)



ස්විස් චොක්ලට්(Swiss chocolate)



නටි චොක්ලට්(Nutty chocolate)



ඔරේන්ජ් චොක්ලට්(Orange chocolate)



මින්ට් චොක්ලට්(Mint chocolate)



බෙරි චොක්ලට්(Berry chocolate)



හෝල්සම් චොක්ලට්(Wholesome chocolate)



බේකින් චොක්ලට්(Baking chocolate)




බොහෝ රටවල්, චොක්ලට් වලින් විවිධ අදුම්, පාවහන්, අත් බෑග් වැනි      දේවල් නිශ්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, පසුගියදා ආමේනියා‍වේ ග්‍රෑන්ඩ් කැන්ඩි කර්මාන්තශාලාව විසින් ලොව විශාලතම චොක්ලට් කුට්ටිය  නිපදවා එය ගිනස් වාර්ථාවට එක්කරලා තියෙනවා. එහි බර 4410 kg ක්, 5.5 m කට වඩා වැඩි, 2.7 m කින් පළලකින් සහ එහි ඝනකම 25cm ක් පමණ වෙනවා. කොහොමද සයිස් එක...............2007 වාර්ථාව කැලේ  :)



මම මුලින් කිව්වනේ චොක්ලට් කියන්නේ පෝෂ්‍යදායි ආහාරයක් කියලා. මම එහෙම කිවවේ හෘද රෝග, පිළිකා වැනි රෝග වළකන ප්‍රති - ඔක්සිකාරක ගුණ මේ චොක්ලට් වල අඩංගු වෙලා තියෙනවා කියලා විද්‍යාඥයන් ඔප්පු කරලා තියෙනවා. සමහරු මේදය බහුල නිසා චොක්ලට් ආහාරයට ගන්න පුංචි බයක් ඇතිකරගෙන තියෙනවා. කොකෝවා වල මේදය සතෘප්තව තිබුණද මෙහි ස්ටියරික් අම්ලය තියෙන නිසා කිසිසේත්ම කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමක් සිදුවන්නේ නැහැ. තව  දෙයක් තමා රැධිරය කැටි ගැසීමේ හැකියාවයක් තියෙන නිසා, එම ක්‍රියාවන් නිසි ආකාරයට සිදුකිරීමට උපකාරී වෙනවා. ඒත් හැබැයි සීමාවක් නැතුව චොක්ලට් කෑවොත් ශරීරය තරබාරැ වීම තමන්ටම පාලනය කරන්න බැරි වේවි. චොක්ලට් කෑල්ලක් දෙකක් වගේ කෑවොත්නම්, එහි පෝෂණයන් ඒ ආකාරයෙන්ම හිතකර ලෙස විදින්න පුලුවන් :) කොයි දේත් පමණට වඩා බාවිතයෙන් අයහපත් ප්‍රතිඵල ලැබෙනවානේ ඉතින්........

දැන් ඉතින් චොක්ලට් කන්න ආසාවෙන් ඉදලා....... බයට නොකාපු අයට, බයෙන් සැකෙන් තොරව චොක්ලට් කෑල්ලක රස බලන්න පුලුවන්....... :D




         
          මුළු රටපුරාම විසිර සිටින සියලුම බෞද්ධ ජනතාව සාමකාමීව ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් පසු ගිය 16 වැනි දින 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවා. තොරන් දන්සල් වෙසක් කූඩු හරි හරියට ගමපුරාම තිබුණා. ඒ වගේද පන්සලකට ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ සු….. ගාලා සෙනග.

          අපිත් ඉතින් වෙසක් උත්සවය සමරන ජනතාවනේ…..වෙසක් කූඩු හදන්නත් ඕනේ නිසා වෙසක් පෝයට කලින් දවසේ කූඩු හදන්න අවශ්‍ය කරන කලමනා ටික අරන් එන්න පොඩි වෙසක්  කඩේකට ගියා. මේක ඇතුලට ගියපු ගමන් මගේ ඇස් දෙකනම් ගියේ වෙසක් කාඩ් පැත්තටයි. ම්…..ලස්සන ඒවා තිබුණා අනේ :-D ඒවා අල්ලලා දාලා ආපු වැඩේ කරගෙන යන්න එපැයි.

          පාට හතරක සව්කොළ දොලහකුයි , බල්බ් වැලකුයි තෝර තෝර ඉන්න අතරේ……ඉටි කොළයක් ඇතුලේ ප්ලාස්ටික් කෑලි වගයක් පැක් කරලා තිබුනා. ඒකට ආපු මිනිස්සු වැඩි පිරිසක් ඒවා තමා ගත්තේ. මමත් පොඩ්ඩක් බැලුව ඒවා මටත් ඕන වෙන දෙයක්ද කියලා. ෂා……ප්ලාස්ටික් කැලි එකතු කරලා හදන්න අටපට්ටමක් :-D ඒත් මටනම් ඒවා අරගෙන ගිහින් කූඩු හදන්න හිතුනේ නෑ L මම නම් කැමති මගේ අතින්ම මගේ මහන්සියෙන්ම එක කූඩුවක් හරි හදලා වෙසක් දවසට එල්ලලා ඒකේ ලස්සන බලන්නයි. මේ වගේ දවසක් අපිට එන්නේ අවුරුද්දට එකපාරයිනේ, ඒ දවසෙත් අපේ මිනිස්සු ලේසියට බිල්ඩින් බ්ලොක්ස් හදනවා වගේ වෙසක් කූඩු හදන්න පුරුදු වෙලා. ඇයි මේ වගේ දවසකවත් ගෙදර කට්ටිය එකතු වෙලා ළමයි එක්ක එක වෙසක් කූඩුවක් හදන්න බැරි. මේ වගේ දේවල් නිසා අපේ අනාගත ළමා පරපුර අටපට්ටමක් හදන විදිය නොදන්න, නොදැකපු පිරිසක් බවට පත්වෙනවා. මේ නිසා ඒ ළමයින්ට වෙසක් අසිරිය හරි ආකාරයෙන්ම වින්දන්න ලැබෙන්නෙනම් නැහැ. අවුරුද්දට එක වරක් පමණක් ලබන්නා වු මේ පින්බර වෙසක් මංගල්යේදි තමන්ගේ ගෙදර කට්ටිය එකතුවෙලා හදපු වෙසක් කූඩුවක් එල්ලුවනම් නියම වෙසක් අසිරිය විදින්න පුලුවන් වේවි.


          ම්……ඉතින් ඔන්න මමත් එදා හවසම ඇවිල්ලා රෑ වෙද්දි අටපට්ටම්  කූඩු හතරක්ම හැදුවා ගෙදර කට්ටියත් එක්ක එකතුවෙලා :-D මෙන්න මෙහෙම තමා මගේ කූඩු ටික වෙසක් පොහෝ දින තිබුණේ J

සැබෑ නොවු පැතුමක්......


කවදාවත් අප මිතුරන් සේ හමු නොවුනත්
දැනුනා ඔබේ වේදනාවන් විදවපු
දැසට කදුළු ඉනුවා ඔබ ගැන කියවු විට
පැතුමක් එක්කලා සිතින් සුවපත් වෙන්න කියා
ඒ දැනුනු නිසා ඔබ මිතුරෙක් අපේ කියා


ලැබුණු විට අසන්නට ඒ පැතුම් සුළගට පාවි ගිය බවක්
දැනුනා මිතුරෙක් අප අත්හැර දැමු ලෙසින්
ඉතිරිව ඇත්තේ දැන් එක පැතුමකි පතන්නට
උපදින ආත්මයකදී මෙවන් දුකක් නොවී ඔබ හට
එන්න අප අතරට හැඬවු අප සනසන්නට


ජීවිත ගමනේ අතරමංව බලා සිටියදී....
මිතුරන් විය අප දෙදෙනා නොසිතු ලෙස....
සිනා සිසී කල් ගෙව්වා සඟවාගෙන නෙතු පියන් යට කඳුලු කැට,
නොසිතු ලෙස ඔබ සිත පියමන් කළා මගේ හද කුටිය වෙත,
සැගෙව්වද ආදරය දැනුනි මහ මෙරක් බරට,
දරාගත නොහැකි විය සිත පුරා ආදරය.....
හෙලි කළා සිතේහි හැඟුමන්, 
රැ අහසේ පෑයු තනි තරැවක් මෙන්
දිදුලමින්.....
දිස්වුනි ඔබේ සිත තුල හිර කළ තිබු ආදරයේ 
පෙම් සමරුව,
පැවසුවා ආදරය ඔබේ මුවින් පිනි කඳුලු සමගින් මෙවන් 
ආදරණීය මොහොතක........



     මාසයක් නිදිමරාගෙන පාඩම් කරලා දෙයියනේ කියලා විභාගෙ නම් ගොඩ දාගත්තා.  ප්‍රතිඵලේ දෙයියන්ටම බාරයි. දැන් ඉතින් කටු ගැහිලා ඉන්නේ. මේ දවස් වල පාරේ යන්නත් බයයි, ධාරානිපාත වැසි ඇද හැලෙනවනේ. බැරි වෙලාවත් වැස්සත් එක්ක එන හුළගකට මාව ගහගෙන ගියොත් කෑල්ලක්වත් හොයාගන්නම් හම්බවෙන්නෙ නැනේ :-D කොහොම වුනත් විභාගය අපිව ඉවර කරලා මේ දවස් වල පොඩ්ඩක් නිදහසේ ඉන්නවා :)           

   ඉතින් ඔහොම ඉන්න අතරේ එක දවසක් මම මගේ සහයට ඩැනියෙල් ෂැගී එක්ක වත්ත පහළට බැහැලා පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඉතින් වෙන කරන්න දෙයකුත් නෑනේ :-D ඇවිදින ගමන් වත්තෙ තිබුණපොල් කටුවකට පයින් පාරක් ගහගෙනම ගිහින් එතන ඉස්සරහ තිබුණු බංකුවෙ පොඩි වාඩියක් දැම්මා. එතකොට තමයි දැක්කෙ එතන බිම මදුරු කීටයෝ බිම වැටිලා දඟලනවා. අර පොල් කට්ටේ ඉඳලා තියෙන්නේ :(

   ඒක දැක්කාම  මට මගේ අතීතයේ පොඩි සිදුවීමක් මතක් උනා.2004 දෙසැම්බර් මාසේ  අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයත් කට උඩ තියෙද්දී මට හොඳටම උණ හැදුණා. සුපුරුදු පරිදි දොස්තර කෙනෙක් ගාවට ගියා බෙහෙත් ටිකක් ගන්න. මට තියෙන ලෙඩ ටික අහලා එයා කිව්වනේ ලේ චෙක් කරන්න කියලා. (එයාටනම් මොකද මටනේ රිදෙන්නේ :( ඊට කලින් ලේ අරන් තිබුණේ නෑ මම). ඉතින් ටිකක් බයෙන් තමයි ගියේ ලේ ගන්න කාමරය ඇතුලට. නර්ස් අක්කා මගේ අතේ තිබුණු ‍කොළේ අරගෙන මගේ ඇඟිල්ල අරන් කට්ටකින් විද්දා....දවල් තරුත් දැක්කා වගේ පොඩි මතකයක් තියෙනවා :-D නර්ස් එක්ක මට තද වෙලා හිටියේ x-(

කොහොම හරි ලේ වාර්ථාව අරගෙන ගියා ආපහු දොස්තර ගාවට. වාර්තාව බලපු දොස්තර එකපාරටම කිවුවනේ මට ඩෙංගු හැදිලා කියලා :'(  හත්දෙයියනේ එක ඇහුනාම මම හොඳටම බය උනා. මම බයවුණා කියල දැකල ඩොක් කියනව "හැබැයි බර පතල නෑ". දෙන බෙහෙත් ටික හරියට බීලා ගෙදරට වෙලා හොඳට විවේක ගන්න" කියලා. වාසනාවකට වගේ මට විභාගයට කලින් හොඳටම සනීප උනා :)

   මේ ඩෙංගු රෝගය පැතිරෙන්නේ  ඊඩ්ප්ස් ඊජිප්ට්යිස්, ඊඩ්ප්ස් ඇල්බොපික්ටස් හා ඊඩිප්ස් පොලිනේසියන් යන මදුරු වර්ගයන් මඟින්. ඩෙංගු රෝගියෙකුගෙන් ලේ රුධිරය සමඟම ඩෙංගු වයිරසය ඇතුළු වෙනවා. ඒ මදුරුවා තවත් නීරෝගි පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට වයිරසය කේඨය සමඟ සිරුරට ඇතුලු වෙලා ඩෙංගු රෝගය වැළදෙනවා. ඩෙංගු මදුරුවා දිවා කාලයේ තමා දෂ්ඨ කරන්නේ.

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඩෙංගු වයිරසය සිරුරට ඇතුළු වෙලා දින 2 - 8ට පසුවයි. ඇස් වේදනාව, උණ , හිසරදය, වමනය, ඇඟ පත වේදනාව, බඩ රිදීම, දඳ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. දින කීපයකින් රෝග ලක්ෂණ උග්‍ර වෙලා ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වෙන්න පුලුවන්. ඩෙංගු රක්තපාත තත්ත්වය තවත්  උග්‍රවීමෙන් කිසිසේත්ම සුවකළ නොහැකි ඩෙංගු කම්පන ලක්ෂණ ඇතිවෙනවා. කම්පනයත් සමග සමේ තෙත් සහිත ස්වභාවයක් ඇති වීමෙන් නාඩි වැටීම අඩු වෙලා රෝගියා පැය24 - 48  කාලයක් තුල මිය යාමට ඇති හැකියාව වැඩියි.

   පසු ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද තුල ඩෙංගු රෝගයේ ව්‍යාප්තියේ වැඩි වීමක් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාෂයක් නිකුත් කරලා තියෙනවා. ජනවාරි මාසය තුල රෝගීන් 893 ක්‌, මේ මාසයේ 20 දාට රෝගීන් 352 ක් හදුනාගෙන තියෙනවා.
මෙම මාරාන්තික ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් මර්ධනය කරන්න නම් මැලතියන් වැනි කෘමි නාශක මදුරුවන් ගැවසෙන තැන් වලට ඉසින්න ඕනේ. ඒ විතරක් මදි මදුරුවන්ට බිත්තර දාන්න පුලුවන් ස්ථාන සියල්ලම විනාශ කරලා පරිසරය පිරිසිදුව තියාගන්නත් ඕනේ. සතියට එක දවසක් වැය කරල තමන්ගෙ වටපිටාව සුද්ද කරගත්තොන් ඒකෙ වාසිය තමන්මයි. මොකද කියනවනං මේ මදුරුවාගේ ක්‍රියාකාරී ප්‍රදේශය සාමාන්‍යෙයන් අඩුයි.

   ඩෙංගු මාරයාගෙන් බේරෙන්න නම් අපි හැමෝම එකතු වෙලා උන්ට ඉන්න හිටින්න තැනක් නැති කරමු. තමන්ගේ වත්ත තම තමන් පිරිසිදු කර ගත්තනම් මේ පුංචි ශ්‍රී ලංකාව ඇතුලේ ඩෙංගු මාරයට ඉන්න තැනක් නැති වේවි :)