ප්‍රේමවන්තයින් ආදරේ කරන කාලයේ  නිතරම හමුවීමට හෝ නිතර කතා කිරීමට ප්‍රිය කරනවා. මෙහිදී ඔවුන් එකිනෙකා ‍තේරුම් ගැනීමක් සිදු කරනවා. මේ විදියට ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන විවාහ දිවියට එළඹෙන පෙම්වතුන්ට හැමදාමත් ‍ප්‍රේමවන්තයන් වෙලා ඉන්න බැරිද??? අවුරුදු කීපයක් ආදරය කරලා විවාහ වෙලා ටික කාලයකින් දෙදෙනාගෙම සිනාසුනු නෙත් වෙනුවට කඳුළින් පිරි ජීවිතයක් ගතකරන්න වුනොත් කොයිතරම් අවාසනාවන්තද….

          දෙදෙනෙක් අතර බැඳීම් ශක්තිමත් වෙන්නේ එකිනෙකාගේ අදහස් හුවමාරුව මත සහ අදහස් අවබෝධ කර ගැනීම මතයි. වර්ථමානයේ සැමියා රූපවාහිනිය බලමින් හෝ අන්තරජාලයේ නිකරුනේ කාලය ගත කරනව නම්, බිරිඳ උදේ පටන් රාත්‍රී වනතුරුම නිවසේ වැඩ සියල්ලම තනිවම කිරීමටත් සිදු වෙනව නම්, අඹු සැමි සබඳතාවය එකිනෙකාට දුරස් වීමක් සිදුවෙනවා

           දවසේ වැඩ සියල්ලම අවසානයේ සැමියා සමඟ බිරිඳ නිදහසේ පරිසරයේ සිසිල විදිමින් ඇවිදිමින් හෝ තමන්ට හිතට නිදහසක් ගෙන දෙන ඕනෑම ස්ථානයක දෙදෙනා එකතුවී එදිනෙදා සිදුවීම්, හෙට දවස ගැන සතුටින් කතා කිරී‍ම දෙදෙනා අතර තියෙන බැඳීම් ශක්තිමත් වීමට උදව් වෙනවා. විවිධ සැක සහිත සිතුවිලි වගේම අවබෝධය අඩු කමින් ඇති වන ගැටලු බොහෝමයක් ඇති වෙන්නේ පිළිසඳරක් නොමැතිව ජීවත් වන විට බව මතක තබා ගන්න.
          දෙදෙනුකුගේ ආදරයට බලපාන තවත් දෙයක් තමා, කෙනෙක් අනිකාට කතා කරන විලාසය. ප්‍රිය මනාපව එකිනෙකාට ගෞරවයෙන් කතා කිරීමෙන් එම පුද්ගලයා කෙරෙහි ගෞරවයක්, ආදරයක් ඇති වෙනවා. කෙනෙක් ගෞරවයෙන්, හැගීමෙන් කතා නොකිරීම නිසා අනෙක් පුද්ගලයාට ද පීඩාවක් ඇති කරන අතරම අප්‍රසන්න ලෙස ජීවත් වීමට සිදු වෙනවා. ඒ වගේම තමයි ප්‍රිය වචන වලින් සුහදව හැගීමෙන් කතා කරන්න නිරවුල් මනසක් අවශ්‍ය වෙනවා. ප්‍රේමවන්තයින් හෝ අඹුසැමියන් මෙය දියුණු කරගත යුතු ලක්ෂණයක්.

          සහයෝගීතාවය ගැන කතා කලොත්, බොහෝ කාන්තාවන් විශාල කාර්‍ය්‍යක් නිවසේ සිදු කරනවා. ඒ වගේම රැකියාවක් කරන කාන්තාවකට වගකීමක් සමඟ නිවසේ සියලු දේ තනිවම හැමදාම සිදු කිරීමෙන් ඔවුන් මානසික පීඩනයකට ලක් වෙනවා. උදේ පටන් රාත්‍රී වනතුරුම නිවසේ වැඩ කටයුතු, සැමියාගේ වගේම ළමයින්ගේ සියලු දෑ තනිවම කරන අතර තුරදී සැමියා නිවසට පැමිණීමෙන් පසුව ඔහු නිකරුනේ කාලය ගතකරනවා නම්, ඔවුන් අතර සහයෝගීතාවයක් නොමැතිකම නිසා අසමගියක්  මෙන්ම සබඳතාවන් දුර්වල වීම සිදු වෙනවා.

          ඒ නිසා සැමියෙක්, තම බිරිඳ සමඟ පුලුවන් හැම විටකම සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් ඔවුන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට වග බලාගත යුතුයි.

          අපි හැමෝටම ජීවත් වෙන්න ආදරය කරුණාව අවශ්‍යයි, ඒත් ඒ ආදරය දැනෙන්න ආදරේ කරනව නම් තමා ජිවිතේ, ආදරේ රස විදින්න පුලුවන්. තමාන්ගේ ආදරය තමන් ආදරය කරන කෙනාට දැනෙන්න නම් ඔහුව/ඇයව ඒ ඒ අවස්ථාවන් වලදී අගය කළයුතුයි, ඒ ඒ අවස්ථාවන් වලදී ඔහුට/ඇයට කෘතවේදීතාවයක් දැක්විය යුතුයි. තමන්ගේ කැපවීම් ආදරවන්තයා/සැමියා අගය නොකිරීමෙන්‍ හිත් රිඳවීම් සිදුවෙනවා.(ආදරවන්තිය/බිරිඳ විසින් ද මෙවැනි දෑ සිදුවෙනවා.) ඔහු/ඇය ව අගය කිරීමේදී හදවතින්ම හදවතට දැනෙන වචන කතා කළ යුතුයි.


          ඕනැම යුවලක් අතර ගැටුමක් ඇති වෙන්න පුලුවන් තවත් එක් කරුණක් තමා සැකය කියන්නේ. මෙවැනි  ජීවිත වලට ආදරය දැනෙන්නේ නැහැ. සැකයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ දෙදෙනාට දෙදෙනා විවෘත නොවීමයි. විවෘත ජීවිතයක් ගත නොකිරීමෙන් දෙදෙනා අතර දුරස්ථ බවක් ඇති කිරීමට හේතුවක් වෙනවා. ආදරේ කිරීමට හෝ විවාහ දිවියට එළඹුනු දෙදෙනෙක්  මම යන වචනය වෙනුවට අපි යන්න භාවිතා කිරීමෙන් ඔවුන් අතර ශක්තිමත් බැඳීම් ගොඩනැගෙනවා.

          තව දෙයක් තමා අපි බොහෝ අවස්ථාවලදී සිත තුල ඇති වෙන ආවේගී හැඟීම් තවත් කෙනෙකු පිට යවනවා, ඒ පුද්ගලයා ආදරවන්තිය/ආදරවන්තයා හෝ බිරිඳ/සැමියා වෙන්න  පුලුවන්. මෙවන් අවස්ථා වලදී ආදරවන්තයා/ සැමියා  නිකරුනේ දෝෂාරෝපණයන් එල්ල කරනවානම්, ආදරවන්තිය/ බිරිඳ හිත පාලනය කරගනිමින් නිශ්ශබ්දව සිටීම නුවණට හුරුය. ඔහුට ආවේගය පිට කරන්න ඉඩ දිය යුතුයි. (ආදරවන්තයා/ සැමියා ටත් මේක වලංගුයි) පසුව දෙදෙනා නිදහසේ සිටින විටක ඒ කාරණය ගැන හෙමින් සීරුවේ සාකච්චා මාර්ගයෙන් විසදගන්නවා නම් ගැටුම් ඇති වීම වලක්වා ගන්න පුලුවන් වේවි.

තවද යුවලක් අතර ගැටලු ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වන කරුණු කීපයක් සලකා බලමු.


·       විද්්‍යුත් මාධ්‍යය වලට වගේම අන්තර් ජාලයට(ෆේස් බුක් වැනි) අනවශ්‍ය ආකාරයට ඇබ්බැහි වීමෙන් වැළකිය යුතුයි.

·       ලද දෙයින් සතුටු වීමෙන් තමන්ට හැකි පමණින් කටයුතු කළ යුතුයි, තමන්ට නැති දේවල් ගැන සිත්තැවුලෙන් කාලය ගත කිරීමෙන් වළකින්න.

·       දරදඬු අදහස් හා තීරණ යහපතක් නොව අයහපතක් සිදු කරයි.

·       තමන්ගේ සහකරු සහකාරිය අව ප්‍රමාණ නොකළ යුතුයි.

·       අතීතයේ සිදු කළ වැරදි සිදු වු සියල්ල, අතීතයේ කසල සියල්ලම පුළුස්සා දමන්න.

·       තමන් වාසය කරන ස්ථානය වගේම තමන් ද පිරිසිදුව ජීවත් විය යුතුයි.

·       ගමන් යැමේදී ඒ පිළිබඳව දෙදෙනාම දැනුවත් විය යුතු අතර, හැකි සෑම විටම දෙදෙනාම එකට ගමන් බිමන් යන්න.

·       එකිනෙකාගේ සතුට සඳහා එකිනෙකා කෙරේ සුහදශීලීව කටයුතු කිරීම අවශ්‍යයි

·       එකිනෙකාට ගෞරව කිරීමට පුරුදු විය යුතුයි. ගෞරව ලැබීමට නම් අනෙකාට ගෞරව කළ යුතුයි.

·       තමා අතින් වරදක් සිදු වුයේ නම් එය පිළිගැනීමට තරම් නිහතමානී වීම.

·       දියුණු විය හැක්කේ මට නොවේ අපි දෙදෙනාට යැයි සිතීම, මමත්වය නැති කළ යුතුයි.

·       රහස් තබා ගැනීමෙන් සැකය උපදින්න මාවත සලසා දෙයි. හැම විටම තමන් ආදරය කරන කෙනාට විවෘතව කතා කරන්න. එවිට විශ්වාසයන් ගොඩ නැගේ.

          ආදරයේ සැබැ රසය විඳින්න, අර්ථාන්විත ජීවිතයක් ගත කරන්න, ආදරය තමන් ආදරය කරන කෙනාට දැනෙන්න දෙන්න….. එවිට සාර්ථක දිවියක් ගත කරන්න පුලුවන් වේවි. අද පටන් සතුට ජීවිතයට ළං කරගන්න ආදරය දැනෙන්න ආදරය කරන්න










 


කාන්තා පිරිමි කුඩා ළමයින් අපි හැමෝම වගේ ගමනක් යන්න පිටත් වෙද්දි පාවහන් යුගලක් පලඳින්න අමතක කරන්නේ නම් නැහැ නේද???? ඉතින් මේ පාවහන් පලඳින නිසා අපි නොදැනම අපිට හානිකර දෙයක් වෙනවා කියලා කිවිවොත් :D බය වුනා නේද??? ඔව් අනිවාර්යෙන්ම බය වෙන්න ඕනේ මෙන්න මේ වගේ වර්ගයේ පාවහන් භාවිතා කරන කාන්තාවන්…..අනික තමා මේවා භාවිතා කරන ගැහැණු ළමයි අයිතිකාර පිරිමි ළමයි J

මෙන්න මේකයි කතන්දරේ…..හුඟාක් කාන්තාවන් නවීන විලාසිතා කරන්න හුරු වෙලා තියෙනවා. ඒක හොඳයි, නමුත් විලාසිතා කරන්නෙ අපේ සෞඛ්‍ය තත්වය ගැන නොහිතානම්, ඒක ටිකක් බරපතලයි


දැන් බොහෝ කාන්තාවන්ගේ විලාසිතාවක් තමා අඩි උස පාවහන් පැළදීම. මේ නිසා තමන්ගේ ශරීරයට වෙන හානිය ගැන දැන ගන්න එක හොඳයි නේද????



මේ පින්තූර දෙකේ පෙන්නුම් කරන්නේ අඩි උස පැලඳ විට සහ නොමැති විට පිටින් පෙනෙන ආකාරය.

පැතලි අඩි පාවහන් යුගල

උස අඩි පාවහන් යුගල

මේ විදියට සිරුර ඉදිරියට නැමෙන නිසා කොඳුනාරටියේ කශේරුකාවේ ස්නායුවලට තෙරපුමක් ඇති වෙනවා. මේ නිසා තමයි අපේ කාන්තවන්ට වැඩි පුරම කොන්දේ අමාරු හැදෙන්න හේතුව.

උස අඩි නිසා දණහිස් වලට අසාමාන්‍ය තෙරපුමක් , පීඩනයක් ඇතිවෙනවා. මේ නිසා සාමාන්‍ය පීඩනයට වඩා 26% කින් පීඩනය වැඩිවීමක් සිද්ද වෙනවා. ඒ වගේ මේ පවහන් වලින් ඇති වෙන ආනතිය නිසා කකුලේ ගැස්ට්‍රොක්නිමියස් පේශිය(GASTROCNEMIUS MUSCLE) සංකෝචනයක් සිදුවෙනවා. එවිට ගැස්ට්‍රොක්නිමියස් මාංශ පේශිය කොට වෙනවා වගේම තද වීමක් වෙනවා.

ගැස්ට්‍රොක්නිමියස් පේශිය(GASTROCNEMIUS MUSCLE) 


ගැස්ට්‍රොක්නිමියස් පේශි‍යේ වෙනස් වීම


අනිත් බලපෑම සිද්ධ වෙන්නේ කකුලේ බල නහරයටයි(Tendon). කකුලේ ඉදිරිපස කොටස පහතට තල්ලු වෙනවා විලුෙඹ් සම්බන්ධයත් ඒක්කම. ඒනිසා  බල නහරය තද වීමක් හෝ  තෙරපීමකට ලක්වෙනවා. මේ නිසා විලුඹ කැක්කුම, කකුලේ අමාරුව ඇතිවෙනවා.

බල නහරය(Achilles Tendon)

ඒ විතරක් නම් මදැයි, මොළයට සම්බන්ධ රුධිර නාලවලටත් ස්නායුවලටත් හානි වීමෙන් මානසික සෞඛ්‍යයටද බලපෑම් ඇතිවෙනවා.

හැබැයි සම්පූර්ණයෙන් අඩි නැති පාවහන් තෝරා ගැනීමත් ඒ තරම්ම සුදුසු නැහැ. අඟල් එකහමාරක් හෝ අඟලයි තුන්කාලක් උස පාවහන් බාවිතයට ගන්නවානම් වඩාත් සුදුසුයි.

අඩි උස පාවහන්වලින් බාවිතය,  ශරීර සෞඛ්‍යයට හානි වීම නිසා අපේ එදිනෙදා කටයුතු අඩාල වෙනවා වගේම දීර්ඝ කාලීන රෝග රැසකට අත වැනීමක් නේද......  විලාසිතා කරාට කමක් නැහැ, ඒත් මේ වගේ අහිත කර දේවල් බාවිතයෙන් ප්‍රවේසම් වෙන්න අමතක කරන්න එපා.......



ගිගිරුම් දිදි වහින්නේ මහ වැසි,
වැහි වළාකුලේ හිරු කිරණ අහිමිද මහ පොළවට.....

උණුසුමෙන් පොළව ඉරිතලමින්,
හිරු රැස් නපුරු ඇයි මහපොළවට.....
කෙලෙස දරන්නද අහසේ නපුරුකම්.....

වැහිබිංදු සමඟින් හිරු රශ්මිය ඇත්නම් එකලෙස,
සරු ඵල නෙලා ගතහැක පොලෝ තල‍යේ උතුරන ස්නේහයෙන්....



අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා කොහේ හරි ගමනක් යනකොට වතුර බෝතලයක් අරගෙන යන්න, එහෙම නේද??? අපි ගෙනියන මේ වතුර බෝතලය ගැන පොඩ්ඩක් හිතල බලමුද. ම්....විවිධ ආකාරයේ බෝතල් වලට නේද අපි වතුර පුරවගෙන යන්නේ. වෙළදපොලේ තියෙන නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරලා තිබුණු බොහෝමයක් ප්ලාස්ටික් බෝතල් අපි විසිනොකර නැවත නැවත පාවිච්චි කරන්නවා නේද ලේසියටයි පහසුවටයි.

මේ බෝතල් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වර්ගය අනුව තමයි අපිට ඒවා නැවත පරිබෝජනයට සුදුසුද නැද්ද කියලා තීරණය වෙන්නේ. අපි කොහොමද ඉතින් දැනගන්නේ නේද??? 




මෙන්න මෙහෙමයි ඔය බෝතල් වල පතුල පොඩ්ඩක් බලන්න....ඔයාලාට දකින්න පුලුවන් මේ පහතින් තියෙන රූපයේ වගේ ලාංජනයක්....... තියෙනවද????



අන්න ඒකේ මේ වගේම ත්‍රිකෝණය ඇතුලේ අංකයක් ඇති. මේ අංකය     
භාවිතයෙන් තමා ඒවා ප්‍රතිචක්‍රීකරනයේදී ප්ලාස්ටික් වර්ග වෙන් කරලා අඳුන ගන්නෙ. 


ඊට අමතරව මේ අංකයෙන් අපිට තීරණය කරන්න පුලුවන් නැවත භාවිතයට සුදුසුද නැද්ද යන වගත්. ඒ අංකය 1 නම්....... දැන්මම ඔය බෝතලය දුවලා දුවලා ගිහින් කුණු ගොඩට දාන එක ඇඟට ගුණයි....:) හෝව් පොඩ්ඩක්....පරිසරයට හානියක් නොවෙන විදියට ඉවත දාන්නත් අමතක කරන්න එපා.....මොකද දන්නවද  අංකය 1 සඳහන් බෝතල් එක් වතාවයි පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන්නේ. අංකය 5 සඳහන් කරලා තියෙන බෝතල් තමා  නැවත භාවිතයට සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙන්නේ.

බොහෝමයක් පානීය ජලය සහ බීම ඇසුරුම් සහිත බෝතල් වල අංක  1 තමා සදහන් වෙලා තියෙන්නේ. මේවා එක් වරකට වඩා භාවිතයෙන්, එම බෝතල් හිරු එළියට නිරවරණය වීමේන් ජලය සමඟ එම ප්ලාස්ටික් වර්ගය නිපදවලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා විවිධ විෂ වර්ග එම බෝතලය ඇතුලේ තියෙන ජලයට මිශ්‍ර වෙනවා. 

වැදගත්ම දේ තමා, අංකය ඉහළ අගයක් තිබුණත් මේවා භාවිතා කිරීමේදී බෝතලය සීරීම, හිරු එළියට නිරාවරණය වීම වගේම උණු වතුර රස්නෙන් බෝතලයට දැමීම වගේ හේතු නිසා මේ විෂ නිපදවීමේ සීඝ්‍රතාවය වැඩිවෙනවා. මේ නිපදෙවෙන විෂ, පිළිකා කාරකයක් බව අනාවරණය වෙලා තියෙනවා.

හැබැයි පුංචි ළමයින් නම් මම හිතන්නේ මේ බෝතල් භාවිතයෙන් තොරයි. මොකද කිව්වොත් එයාලට කුක්කු බෝතල් වගේ සූප්පුවක් තියෙන බෝතලයක් ඕනෙමනේ.....ඒ වුනාට අපි ඒ වගේ බෝතල් වුනත් මිලදි ගන්න අවස්ථා වලදී අංකය බලලා තමයි ගන්න ඕනේ.....පුංචි අයට විතරක් නෙමේ අපි වගේ ලොකු පොඩ්ඩන්ටත් වතුර බොන්න බෝතල් වෙනම මිලදී ගන්න පුලුවන් (සූප්පු රහිත ඒවා  ;)  )

පුංචි පොඩ්ඩන්ට(කැමතිනම් ලොකු පොඩ්ඩන්ටත් භාවිතා කළ හැක ;) )

 ලොකු පොඩ්ඩන්ට


අද ඉදන් ඔයාලා මාස ගනන් පාවිච්චි කරපු වතුර බෝතලේ වගේම, ගෙදර ගොඩ ගහගෙන ඉන්න බෝතල් වල අංකය බලලා ඒක තවදුරටත් භාවිතයට සුදුසුද නැද්ද කියලා තීරණය කරලා,  නුසුදුසු ඒවා ඔක්කෝම ටික එකතු කරලා පරිසරයට හානියක් සිදු නොවෙන විදියට ක්‍රමවත් ලෙස භාවිතයෙන්  ඉවත් කරන එක අපි හැමෝගේම වගකීමක් බවත් හොඳින් මතකයේ තියාගන්න.....  








18 වැනි දා උදේ පාන්දර 4.00 ට එලාම් එක වදින්න ගත්තා. මම ආසම නැහැ පාන්දර නැගිටින්න :( ඒත් මොනා කරන්නද  මම පුංචි කාලේ ඉදන්ම යන්න ආසාවෙන් හිටපු ගමනක් යන්න හදන වෙලාවේ අකමැත්ත පැත්තක තියලා නැගිට්ටා.

උදේ 6.00 වෙද්දි උදේ කෑමට පාන් ටෝස්ටර් කරලා දවල් කෑමට ෆරයිඩ් රයිසුත් හදලා ඉවරයි. පිරිමි පරාණ ටික ඇහැරවලා  ලෑස්ති කරගෙන එළියට බහිද්දි 7.00 පහු වුනා. අපිට වඩා දැන් හැඩ වෙන්නේ පිරිමිනේ……;)  කොහොම හරි ඔන්න කෑමබිස්කට්බීම සහ ලොකු වතුර බෝතලයකුයි පටවගෙන කට්ටියම අපේ වෑන් එකට නැගලා විල්පත්තු ජාතික වනෝද්‍යානය බලා පිටත් වුනා......(ආහ්!! කියන්න බැරි වුණානෙ. මේ සෆාරිය යන්න මගේ අනාගත අයිතිකාරයගෙන් අවසර ගත්තේ ලොකු ගේමක් දීලා :D හැබැයි ඉතිං එහෙම ගමනක් යනව කියපු වෙලෙ ඉඳන් හැම විස්තරයක්ම හොයල උදව් කරෙත් එයාම තමයි :), දීපානි  අක්කවත් මට සම්බන්ද කරලා දුන්නා වැඩි විස්තර දැන ගන්න, අක්කගෙන් ලැබුණු විස්තර නිසා අපිට ගමන හුඟාක් පහසු වුනා)

අපේ මුල් අදහස වුනේනම් මේ සෆාරි එක යන්න ජිප් රථයක් කුලියට ගන්න. පුත්තලම පාරෙන් විල්පත්තුවට හරවන පාර ළඟම තිබුණු ජිප් රථයෙන් අපි දවසකට කුලිය ඇහුවාම එයාලා කිව්වා රු8000 ක් කියලාමම එවෙලෙම අපේ දීපානි අක්කට කෝල් එකක් දාලා ඇහුවා “අක්කේදවසකට විල්පත්තු ගිහින් එන්න සාමාන්‍යෙයන් ජිප් එකක කුලිය කීයක් විතර ගන්නවද” කියලාඅක්කගේ පිළිතුර වුනේ “ සාමාන්‍යෙයෙන්  රු: 3000 ක් වගේ තමා….වාඩිම උනොත් රු: 3500 ක් වෙයි.” කියලාඅක්කට ස්තුති කරලා මේ විස්තරේ අපේ කට්ටියටම අහෙන්න කිව්වාහි...හි... රු8000 ජිප් එකට ටටා කියලා අපි කෙලින්ම ගියා විල්පත්තු රක්ෂිත වනාත්තරයේ කාර්යාලයටමේ ස්ථානයට එන්න අපිට පැය දෙකක් විතර ගත වුනා. එම  ස්ථානයේ හිටපු නිළධාරියෙකුගෙ මගපෙන්වීම නිසා අපිට ජිප් රථයක් ගන්න හම්බ වුනා අක්ක කිව්ව ගානටම.

ඔය නමත් ගහලම තියෙන්නෙ
අපේ අයියලා ඒ ගැන කතා කරගන්න අතරෙ මම එතනම තිබුණු කෞතුකාගාරෙ පැත්තට පොඩ්ඩක් ඔලුව දාල බැලුවා. මේ එහිදී  මම ගත්තු පින්තූර කීපයක්. මලිතිට තාම ලස්සනට පින්තූර ගන්නනම් තේරෙන්නෙ නැහැ.

බට්ටිච්චො බිත්තරයක්

කුරුලු බිත්තර

අපොයි මෙන්න මකුලුවෙක්

එක එක ජාතියෙ බිත්තර



මේක කාගෙද දන්නෙ නෑ..

මෙයාගෙ පැටියනෙ මෙයාට මැණිකක් කියන්නෙ...

ඒක බලල එලියට එද්දිම ඔන්න ජිප් එක සූදානම්අයියලා කෑම බීම වතුර අවශ්‍ය හැම දේම ඒකට දාලත් ඉවරයි. ඔන්න අපි කැලේ මැදට යන්නයි සූදානම…………:D

පළමු පේලිය වමේ සිට - පොඩි අයියා,එයාගේ බිරිඳ සහ ළමයි දෙන්නා,මම
දෙවන පේලිය වමේ සිට - ලොකු අයියා,එයාගේ බිරිඳ,අපේ අම්මා
තෙවන පේලිය වමේ සිට - අක්කගේ ස්වාමියා,අක්කා
ඔන්න කැලේට ඇතුල් වෙලා මිනිත්තු 5ක් විතර යනකොට පුංචි වතුර වලක් හම්බවුනා. එතනට වතුර බොන්න ආපු තනි අලියෙක් ටිකක් විතර දුරින් දැකගන්න ලැබුණාඅලි දැකලා නෑ වගේ කට්ටිය කෑ ගහන්න ගත්තාඒ සද්දෙට අලියා බැලුවා හරිලා…..අම්මෝ මාව හීතල වෙලා ගියා….:( එතකොටම ජිප් එකේ ආපු මගපෙන්වන්නා කිව්වා සද්ද කරන්න එපා කියලාඊට පස්සේ තමා කටිටිය කටවල් ටික වහගෙන බලා හිටියේ. රියදුරු මහත්තයා ජිප් රථය  නවත්තලා ක්‍රියා විරහිත කළා.

මෙයා තමා අපිව බය කරේ

ටිකක් වෙලා බලලා එයා පොඩ්ඩක් එහාට මෙහාට වුනාම අපි ගමන පටන් ගත්තා. ඊට පස්සේ අපිට හමුවුනේ උකුස්සෙක්…. කැමරාවට පැහැදිලි පින්තූරයක් ගන්න බැරිවුනා මොකද කැලේ අස්සේ ගස් වලට වැහිලා තමා හිටියේ.  ඔහොම ටික දුරක් කැලේ මැදින් යනකොට මෙන්න බොලේ පාරෙ දකුණු පැත්තේ තඩි වලහෙක්……ඒක දැකපු අපේ අයියා “අන්න අන්න……” කියලා කැ ගැහුවාඒ සද්දෙට වලහා දුවනවා විතරයි අපිට බලා ගන්න ලැබුනේ. 
 කොහොමහරි අපි ටිකක් නැවතිලා බලන් ඉන්නකොට ඊට ටිකක් ඉස්සරහින් ආපහු වලහා කැලේ අතරින් මතුවෙනවා දැක්කාජිප් රථය හිමීට ඉදිරියට ඇදුනාවලහා ගස් අතරින් මතු වෙනකොටම ක්‍රියාවිරහිත කළා. හැමෝම වලහා දිහාට ඇස් විතරක් නෙමේ කටවලුත් ඇරන් බලා ඉන්නවා. අපේ කැමරාවත් වලහා දිහාට යොමු වෙලයි තිබුණේ. වීඩියෝ කරමින් හිටපු මම වලහා අපි ගමන් කරපු පාර හරහා පනින්න යන්නේ කියලා මගේ පුංචි මොලේට තේරුම් යද්දි, පින්තුරයක් ගන්න හිතාගෙන වීඩියෝ මොඩ් එකෙන් මාරු කරද්දිම ඌ පාර හරහා අනෙක් පැත්තට දිව්වා. අපරාදෙ. :(

ඔය ඉන්නෙ වලස් තඩියා කලු ගෙඩියක් වගේ
නැවතත් අපි ඉදිරියට ඇදුනාපාර දෙපසම කටු සහිත ගස් වලින් පිරිලා, කටු අතු අපේ ඇගේ වදින තරම්


ඒ කැලැව පසු කරමින් අපි පිවිසුනා වතුර පිරුනු වැවකට.


ඒ වැවේ අලංකාරය විදිමින් අපේ ජිප් රථයට ඉදිරියට ඇදෙන්න අපහසුතාවයක් ඇතිවුනා. බැලුවාම රෝදේ එක තැන කැරකෙනවා ඒ පොලවේ ඉතා සියුම් සුදු පැහැති වැලි වලින් පිරිලා…..



ඒ වැල්ලට රෝදේ එක තැනම කැරකෙනවාබොරු කියන්න ඕනේ නෑනේ මටනම් එවෙලේ බය හිතුනා අලියෙක් හරි දිවියෙක් හරි ආවොත් මොනා කරන්නද කියලා.:/ කොහොමහරි අමාරුවෙන් වාහනේ ඉදිරියට හෙමින් ඇදුනා වැලි අතරේ එරෙමින්. ටික දුරක් එහෙම යනකොට එරෙන ගතිය අඩු වුනාඒත් එක්කම පුංචි සතුටක් දැනුනා මගේ හිතට ….:) 
හම්…..ඔන්න ඔය අතරේදී ලස්සන කොක්කු වගයක් මාලුන්ව අල්ලගන්න ඇවිත් ඉන්නවා දැක ගන්න ලැබුණා.


මේ විදියට විල හරහා ඇවිත් ආයෙමත් අපි කැලයට පිවිසුනාමේ වෙනකොට හවස 2.00 ට විතර ඇතිඅපි නැවතත් වනාන්තරයට ඇතුලු වුනේ දිවා ආහාර ගන්න සකස් කරලා තියෙන නවාතැන්පලට යන්නයිඒ යන අතර මගදී අපිට තිත් මුවන් රැනක් දැකගන්න අවස්ථාව ලැබුණාතව වලි කුකුලා මෙනරා වගේ පක්ෂියෝ දෙපාරක් තුකපාරකට වඩා අපිට දකින්න ලැබුණා.

මේ ආධුනික නලුවෙක්. කැමරාවට බයේ හැංගුණා

මහ ආඩම්බරකාරයෝ
ඔන්න අපි ටික වෙලාවකින් කැම ගන්නම සකස් කරලා තිබුණ නවාතැනට ළගා වුනා. එම ස්ථානයේම  බොහෝමයක් ගස් වලින් වට වුනු වතුර වලක් ද තිබුණාඅපි මේ ස්ථානය ආරකෂිතයි කියලා කිව්වට මම බයවෙලා හිටියේඇයි අනේ කොයි වෙ‍ලේ මොකෙක් කඩා පනීද කියලා කවුද දන්නේ…….:)

කෑම කන්න කියලා

 අපි ඉතින් කට්ටියම කෑමටික කෑවාමේ රසවත් ආහාර පිළියෙල කළේ මමයි, ලොකු අයියාගේ නෝනා සහ අපේ අක්කන්ඩි එකතු වෙලා……;) ම්ම්ම්……. කොහොමද වැඩ……

අපේ දවල් කෑම
කිසිම අපහසුවකින් තොරව කට්ටිය ඔක්කොම කැම ටික කෑවා.....කාලා ඉවර වෙලා කට්ටියත් එක්කම ගියා ඒ අසලම තිබුණු වතුර වල බලන්න කියලාකාෂ්ටක අව්වේ සංචාරයේ යෙදුනු අපේ ඇස් වලට ඇත්තටම ඒ වටපිටාව හරිම සිසිලක් ගෙන දෙන තැනක් වුනා. මේ ස්ථානයේ අපි මිනිත්තු 30 ක් විතර විවේකයෙන් ගත කළා.

තාම වැඩි පිරිසක් ඇවිල්ල නැති නිසා මේ තැන් තාම සුන්දරයි
නැවතත් අපි 3.00 ට ආසන්නව ගමන ආරම්භ කළාදවල් කාලයේ සතුන් එළිමහනේ ගැවසෙන්නේ ඉතා කලාතුරකින් කියලා දැන ගන්න ලැබුණා අපිත් එක්කම ආපු සගයන් දෙදෙනාගෙන්දිවියා දැක ගන්න තිබුණු මගේ සිහිනය බොද වෙයිදෝ කියලා මට සිතුනා:( ඒ වෙනකොටත් දිවියන් ගැවසෙන ප්‍රදේශය අපි පහු කරලයි හිටියේ.  ඒත්  ගමන අවසාන වෙන්න කලින් මට දිවියෙක් බලා ගන්න පුලුවන් කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා.
මේ අතරෙදී අපිට තවත් පුංචි දිය කඩිති කීපයකම හමුවුනාඒ හැම එකකම ගොඩබිම් ප්‍රදේශයේ මුලින් සඳහන් කලා වගේ වැලි සහිත පොළවක් තිබුණේමේ විදියට අපි එක වතුර කඩිත්තකට ඇතුලු වෙනවාත් එක්කම පිපාසය නිවාගන්න විලට ආපු තිත් මුවෝ රෑනක් රථයේ ශබ්දයට අපි යන මාර්ගය හරහා කැලයට දිව්වා. 


ඔය ඈතින් දුවන්නෙ එයාල තමයි
උන් කැලයට රිංගපු ස්ථානයේ රථය නවත්තලත් අපි ටික වෙලාවක් හිටියා පැහැදිලි පින්තුරයක් ගන්න හිතාගෙනපුංචි පදුරු අතරින් තමා දැක්කේ.ඒ යන අතර තුරදි අපිට හිවලුන් දෙදෙනෙක්ද දැක ගන්න අවස්ථාව ලැබුණා.
කපටි රජාලා

විල් සේරම පහුකරගෙන ඇවිත් නැවතත් අපි ගමනාන්තය බලා යන්න සුදානමින්  එනකොට…..තවත් සතෙක් දැක්කාඒ තමා වැලි මුවා…. :) මම මීට කලින් දැකලා තිබුණේ නම් නැහැ වැලි මුවාව.

වැලි මුවා
තවත් ගමනාන්තයේ ඉදිරියට එන අතර මගදී අපි දැක්කා වතුර හිදුනු පොකුණක්, ඒක හරියට මඩ වලක් වගේවතුර උඩ ලී කොටයක් පා වෙනවා වගේ දැක්කාඅයියා තමා කිව්වේ කිඹුලෙක් කියලාඅපි ටිකක් නවත්තල බලන් හිටියා ඌ උඩට මතු වෙනකම්ඌ නෙමේ එළියට ආවේඇස් දෙක විතරක් එලියට දාගෙන අපි දිහා බලනවාඑහාට කැරකෙනවා මෙහාට කැරකෙනවා. වතුර යටම හිටපු නිසා පින්තුරයක් නම් ගන්න බැරි වුනාමෙහෙම තමා ගත්තේ :/


දැන් එතනත් පහු කරගෙන අපි එනකොට දැන් කට්ටියටම ඇවිද්දා මදි වගේ අපේ පොඩි අයියට හොඳටම තද වෙලා.”තාම වෙලා 4 ටවත් නෑමේක ඒ මදිවට පුදුම වේගෙකින් යන්නේ…. X-(”  වෙලාවට කාටවත් ඇහුනෙ නෑ අපිත් එක්ක ආපු සඟයෝ දෙන්නාම ඉස්සරහ හිටියේඅපි කියන ඒවා අහෙන්නේ නැහැ :D මට ඔක්කෝටම වඩා හිතට හරිනැහැඇයි අනේ මට දිවියෙක් බලන්න බැරි වුනානේ……:’(

දැන් අපි ගමන ආරම්භ කරපු ස්ථානයටම අපේ ගමන අවසන් කරන්න කියලා ආවාඒ වෙනකොට වෙලාව 3.45ට විතර ඇතිපුංචි දුකකුත් හිතේ හිරකරගෙනම අපි ජිප් එකෙන් බැස්ස ගමන් නැග්ගා වෑන් එකටමට ඒ ගමන අවසාන කරපු අවස්ථාවේ පින්තූරයක්වත් ගන්න හිතක් තිබුණෙ නැහැඅනේ දිවියා…….:/

ඒත් හැමෝටම පුංචි හරි සතුටක් තිබුණා මොකද අපි වලහව හිත පිරෙන්න බලා ගත්තනේ…. අපිත් එක්ක ආපු නිළදාරීන් නම් කිව්වේ සාමාන්‍යෙයන් ඒ වෙලාවට සත්තු අඩු නිසා අපේ වෙලාවටලු වලහව හරි දැක්කෙ කියලාවෙනදා නම්  දවල් වෙලාවට වලහව දකින්න ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින් කියලා තමා ඒ කට්ටිය කිවවේ.

කොහොම හරි ඔන්න අපි ගෙදරට ළං වුනාගෙදරට එනකම්ම මමනම් හොඳට නිදාගෙන ආවේඅව්ව සැර නිසාද මන්දා මහන්සියක් දැනුනාගෙදර ළගදී ගේට් එකට හරවද්දිම මට ඇයි දන්නේ නෑ එක පාරටම ඇහැරුනා.


ඇස් දෙක ඇරලා විනාඩියක් වත් ගියේ නෑ ඩෝං……” ගාලා සද්දයක් ඇහුනාඒත් එක්කම මම හිටපු තැන ගැස්සුනාමම හිටියේ වෑන් එකේ වම් පැත්තේ පිටිපස්සෙ සීට් එකේඒ සද්දෙත් එක්කම මගේ ඇහැ ගියේ ජනේලයෙන් එළියටමට දැක ගන්න ලැබුනේ මිනිස්සු දෙනනෙක් පදවගෙන ආපු බයික් එකක් පාරෙන් ඉවතට විසි වෙනවාඒත් එක්කම මට හයියෙන් කෑ ගැහුනාඊට පස්සේ තමා අනිත් අය දැක්කේ මේ සිද්දියගෙදරට හරවලා ගේට් එක ඇතුලට දාන්න ඔන්න මෙන්න තිබුණු වැන් එක නවත්තලා ඔක්කොම බැස්සාපිටි පස්සෙන් ආපු තවත් මිනිස්සු කිපදෙනෙක් අනතුරට පත් වුනු මිනිස්සු දෙන්නාට බැන බැන යනවා පුදුම වේගෙකින් ආවේ…..” කියලා.

බයික් එක පැදගෙන ආපු කෙනා වැටිලා සිහි නැතිව වගේ ඉන්නවාඅනිත් කෙනා නැගිටලා සිහිය නැති කෙනාව හිමීට කොන්ද කෙලින් කරද්දිම මම දැක්කා වම් පැත්තේ ඇහැ උඩ නලළ ලොකු මස් කැල්ලක් කැඩිලා එල්ලෙනවාලේ බේරෙනවාඅපිට හිතා ගන්න බැරි වුනා මොකද කරන්නේ කියලාඅයියලා බයික් එක ඇග උඩින් අයින් කළාමේ දෙන්නාටම හෙල්මට් නෑලයිසන් නෑඒ මදිවට හොඳටම බීලා. පිටිපස්සේ ඉදගෙන ආපු කෙනාට කිසිම තුවලයක් නැහැ.


අනිත් මනුස්සයගේ ඇඟ උඩින් බයික් එක අයන් කළාම තමා මම දැක්කේ පැදගෙන ආපු මනුස්සයගේ දකුණු කකුලේ ඇගිලි වලට සම්බන්ද ඇට කටුවක් එළියට ඇවිත්කකුල හම ගිහින්. ඇහැ ගාවින් හොඳටම ලේත් යනවා.

දැන් අපිට ඕනේ වුනේ මෙතට පොලීසිය ගේනවට වඩා මේ මනුස්සයව ඉස්පිරිතාලෙට ගෙනියන්න. ලේ ගිහින් මැරුනොත්……එතන නවත්තලා තිබුණු වෑන් එකක අයිති කාරයෙක් ඇවිත් කියනවා,”ඔයාලගේ වෑන් එකේනේ හැප්පුනේ ඔයාලම ගෙනියන්න” කියලාඔන්න මිනිස්සුඒ වැන් එකේ ලේ ගෑවෙයි කියලා බයට එහෙම කියනව.


අපේ අයියත් මනුස්සය බේරගන්න ඕනෙ නිසා තවත් කට්ටියගේ උදව්වෙන් මේ මනුස්සයාව වෑන් එකට දාගත්තාමමයි පොඩි අයියයි ඉක්මනට ගඩොලක් අරගෙන වෑන් එක අනතුරට පසුව තිබුණු විදිය රෝද  හතර ළකුණු කළාලොකු අයියයි අපේ තව අයියා කෙනෙකුයි ඉස්පිරිතාලෙට ගියා මේ ලෙඩාවත් අරගෙන.


අපි බයිසිකලේ ආපු අනිත් මනුස්සයත් එක්ක කතා කළාඒ මනුස්සයම අපිට කියනවා “ අපේ තමා සම්පුර්ණ වැරුද්ද …….මම එයාට කිව්වා හිමින් යමු කියලා.” ඒ මදිවට මේ මනුස්සයා කියනවා සාක්කුවේ අරක්කු බොතලයක් තියෙනවා අරන් තියන්න පුලුවන්ද අහනවා පොලිසිය දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලාඅනේ අම්මපා ….. බීලා බීලා තව සාක්කුවෙත් බෝතලයක් දාගෙන.

ටික වෙලාවකින් පොලිසිය ඇවිත් සිද්ධියට අදාල අයගෙන් කටඋත්තර අරගෙන වාහාන දෙකම පොලිසියට ගේන්න කිව්වා  ලෙඩාට ටිකක් බර පතල නිසාපොලිස් නිළදාරියෙක් බයිසිකලය අරගෙන ගියාවැන් එක අයියා අරගෙන ගියා.

අපේ කිසිම වැරද්දක් නැති නිසා, අපේ අයියා පොලිසියට ගියාම ඉහළ පොලිස් නිළදාරියෙක් කිව්වලු ලෙඩාව ඉස්පිරිතාලේට අරගෙනන ගියේ මේ වාහනේමනේ……මෙයාව යවන්න.” කියලාඊට පස්සේ අයියා ගෙදර ආවා වාහනෙත් එක්කම.


මදැයි…. සෆාරි ගිහින් අන්තිමේටම පොලිසියටත් ගිහින් තමා නැවතුනේ.


ඒ මනුස්සයා හෙල්මට් එකවත් දාගෙන හිටියනම් මේ අනතුර මේතරම් බරපතල වෙන්නේ නැහැනේබීමත්ව රිය පදවන්නත් එපා කියන්නේ කට කහනවට නෙමේනේ. ඒ මනුස්සය මේසන් බාස් කෙනෙක් කියලා තමා අනිත් පුදගලයා කිව්වේඉතින් බලන්න ඒ මනුස්සය බීමත්ව හිටපු නිසා සිදු වුන අනතුර නිසා ඒ පවුලේ අනිත් අයට ජීවත් වෙන්න තිබුණු එකම ආදයම් මාර්ගය සදහටම හෝ තාවකාලිකව නැති වුනා නේද.


මිනිසුන් රිය පදවන හැම වෙලාවෙම සියලුම මාර්ග නීති වලට අවනත වෙනවනම් සිදුවන අනතුරු වළක්වාගන්න පුලුවන් නේද......