ගිගිරුම් දිදි වහින්නේ මහ වැසි,
වැහි වළාකුලේ හිරු කිරණ අහිමිද මහ පොළවට.....

උණුසුමෙන් පොළව ඉරිතලමින්,
හිරු රැස් නපුරු ඇයි මහපොළවට.....
කෙලෙස දරන්නද අහසේ නපුරුකම්.....

වැහිබිංදු සමඟින් හිරු රශ්මිය ඇත්නම් එකලෙස,
සරු ඵල නෙලා ගතහැක පොලෝ තල‍යේ උතුරන ස්නේහයෙන්....

12 අදහස්:

සංකල්ප said...

ඔය සේරම රැවුම් ගෙරවුම් එක වැස්සකින් කම්මුතුයි නෙව.
වැස්ස වලාහක දෙවි
දිවැස් හෙලනු මැන !!!!


ලස්සන කවි සිතුවිල්ලක් මලිති !!!

Dinesh said...

ඇයි අකීකරු අහස මේ තරම්ම
පොළව අසවී කෑගසා දිනයක
එදාට පිළිතුරු තිබුනොතින් අහසට
උදා කරාවී වසන්තය පොළොවට...

~ChAnDiKa~ said...

අසනි වැසි වැටුනු දා වස්සානයේ
උයන් බිම තෙමා
ගලා යනු ඇත දිය
කෙම් බිම නිවාලමින්....

මලිති said...

@මධුරංග
හම්....
ස්තුතියි අයියේ :)

@Dinesh
වසන්තය හැමදාම පවතීනම් එක ලෙස
පොළවට සතුට දරාගන්නට නොහැකිව
හඩා වැටෙයි නිසැකවම...:)

මලිති said...

@..ChAnDiKa..
ඔබෙන් ලැබෙන
එක දිය පොදකින්
එක හිරු කිරණකින්
සනසෙයි මහ පොළව
ඒ ඔබ නිසාම පමණයි....

දේව් ගේ අඩවිය said...

වැස්ස වලාහක දෙවියනේ වඩිනු මැන මේ පොලෝ තලේ වෙත

වැසි දැරිය - The Rain Girl said...

ලස්සනයි..

සිත් අහස said...

හරිම ලස්සනයි මලිති..

මලිති said...

@දේවා ගේ අඩවිය
:) වහින්නේ වස්සානේ....

@වර්ෂා..
ස්තුතියි වර්ෂා,,,,:)

@ප්‍රාර්ථනා
ස්තුතියි ප්‍රාර්ථනා...:)

Sanjaya සිතුවිලි said...

මේ දවස්‌ වල නම් හිරු කුරිරුයි තමයි ....

ටී.බී. හේරත් said...

වැහි බින්දක් නොදෙන වැහි වලාවට
හොඳවැන් දෙකක් කියමි ගහගෙන වලාපට!

මලිති said...

@ Sanjaya සිතුවිලි
හි හි ඒකනේනම්...

@ ටී.බී. හේරත්
:) එහෙමවත් කරලා බලමුකෝ...

Post a Comment