18 වැනි දා උදේ පාන්දර 4.00 ට එලාම් එක වදින්න ගත්තා. මම ආසම නැහැ පාන්දර නැගිටින්න :( ඒත් මොනා කරන්නද  මම පුංචි කාලේ ඉදන්ම යන්න ආසාවෙන් හිටපු ගමනක් යන්න හදන වෙලාවේ අකමැත්ත පැත්තක තියලා නැගිට්ටා.

උදේ 6.00 වෙද්දි උදේ කෑමට පාන් ටෝස්ටර් කරලා දවල් කෑමට ෆරයිඩ් රයිසුත් හදලා ඉවරයි. පිරිමි පරාණ ටික ඇහැරවලා  ලෑස්ති කරගෙන එළියට බහිද්දි 7.00 පහු වුනා. අපිට වඩා දැන් හැඩ වෙන්නේ පිරිමිනේ……;)  කොහොම හරි ඔන්න කෑමබිස්කට්බීම සහ ලොකු වතුර බෝතලයකුයි පටවගෙන කට්ටියම අපේ වෑන් එකට නැගලා විල්පත්තු ජාතික වනෝද්‍යානය බලා පිටත් වුනා......(ආහ්!! කියන්න බැරි වුණානෙ. මේ සෆාරිය යන්න මගේ අනාගත අයිතිකාරයගෙන් අවසර ගත්තේ ලොකු ගේමක් දීලා :D හැබැයි ඉතිං එහෙම ගමනක් යනව කියපු වෙලෙ ඉඳන් හැම විස්තරයක්ම හොයල උදව් කරෙත් එයාම තමයි :), දීපානි  අක්කවත් මට සම්බන්ද කරලා දුන්නා වැඩි විස්තර දැන ගන්න, අක්කගෙන් ලැබුණු විස්තර නිසා අපිට ගමන හුඟාක් පහසු වුනා)

අපේ මුල් අදහස වුනේනම් මේ සෆාරි එක යන්න ජිප් රථයක් කුලියට ගන්න. පුත්තලම පාරෙන් විල්පත්තුවට හරවන පාර ළඟම තිබුණු ජිප් රථයෙන් අපි දවසකට කුලිය ඇහුවාම එයාලා කිව්වා රු8000 ක් කියලාමම එවෙලෙම අපේ දීපානි අක්කට කෝල් එකක් දාලා ඇහුවා “අක්කේදවසකට විල්පත්තු ගිහින් එන්න සාමාන්‍යෙයන් ජිප් එකක කුලිය කීයක් විතර ගන්නවද” කියලාඅක්කගේ පිළිතුර වුනේ “ සාමාන්‍යෙයෙන්  රු: 3000 ක් වගේ තමා….වාඩිම උනොත් රු: 3500 ක් වෙයි.” කියලාඅක්කට ස්තුති කරලා මේ විස්තරේ අපේ කට්ටියටම අහෙන්න කිව්වාහි...හි... රු8000 ජිප් එකට ටටා කියලා අපි කෙලින්ම ගියා විල්පත්තු රක්ෂිත වනාත්තරයේ කාර්යාලයටමේ ස්ථානයට එන්න අපිට පැය දෙකක් විතර ගත වුනා. එම  ස්ථානයේ හිටපු නිළධාරියෙකුගෙ මගපෙන්වීම නිසා අපිට ජිප් රථයක් ගන්න හම්බ වුනා අක්ක කිව්ව ගානටම.

ඔය නමත් ගහලම තියෙන්නෙ
අපේ අයියලා ඒ ගැන කතා කරගන්න අතරෙ මම එතනම තිබුණු කෞතුකාගාරෙ පැත්තට පොඩ්ඩක් ඔලුව දාල බැලුවා. මේ එහිදී  මම ගත්තු පින්තූර කීපයක්. මලිතිට තාම ලස්සනට පින්තූර ගන්නනම් තේරෙන්නෙ නැහැ.

බට්ටිච්චො බිත්තරයක්

කුරුලු බිත්තර

අපොයි මෙන්න මකුලුවෙක්

එක එක ජාතියෙ බිත්තර



මේක කාගෙද දන්නෙ නෑ..

මෙයාගෙ පැටියනෙ මෙයාට මැණිකක් කියන්නෙ...

ඒක බලල එලියට එද්දිම ඔන්න ජිප් එක සූදානම්අයියලා කෑම බීම වතුර අවශ්‍ය හැම දේම ඒකට දාලත් ඉවරයි. ඔන්න අපි කැලේ මැදට යන්නයි සූදානම…………:D

පළමු පේලිය වමේ සිට - පොඩි අයියා,එයාගේ බිරිඳ සහ ළමයි දෙන්නා,මම
දෙවන පේලිය වමේ සිට - ලොකු අයියා,එයාගේ බිරිඳ,අපේ අම්මා
තෙවන පේලිය වමේ සිට - අක්කගේ ස්වාමියා,අක්කා
ඔන්න කැලේට ඇතුල් වෙලා මිනිත්තු 5ක් විතර යනකොට පුංචි වතුර වලක් හම්බවුනා. එතනට වතුර බොන්න ආපු තනි අලියෙක් ටිකක් විතර දුරින් දැකගන්න ලැබුණාඅලි දැකලා නෑ වගේ කට්ටිය කෑ ගහන්න ගත්තාඒ සද්දෙට අලියා බැලුවා හරිලා…..අම්මෝ මාව හීතල වෙලා ගියා….:( එතකොටම ජිප් එකේ ආපු මගපෙන්වන්නා කිව්වා සද්ද කරන්න එපා කියලාඊට පස්සේ තමා කටිටිය කටවල් ටික වහගෙන බලා හිටියේ. රියදුරු මහත්තයා ජිප් රථය  නවත්තලා ක්‍රියා විරහිත කළා.

මෙයා තමා අපිව බය කරේ

ටිකක් වෙලා බලලා එයා පොඩ්ඩක් එහාට මෙහාට වුනාම අපි ගමන පටන් ගත්තා. ඊට පස්සේ අපිට හමුවුනේ උකුස්සෙක්…. කැමරාවට පැහැදිලි පින්තූරයක් ගන්න බැරිවුනා මොකද කැලේ අස්සේ ගස් වලට වැහිලා තමා හිටියේ.  ඔහොම ටික දුරක් කැලේ මැදින් යනකොට මෙන්න බොලේ පාරෙ දකුණු පැත්තේ තඩි වලහෙක්……ඒක දැකපු අපේ අයියා “අන්න අන්න……” කියලා කැ ගැහුවාඒ සද්දෙට වලහා දුවනවා විතරයි අපිට බලා ගන්න ලැබුනේ. 
 කොහොමහරි අපි ටිකක් නැවතිලා බලන් ඉන්නකොට ඊට ටිකක් ඉස්සරහින් ආපහු වලහා කැලේ අතරින් මතුවෙනවා දැක්කාජිප් රථය හිමීට ඉදිරියට ඇදුනාවලහා ගස් අතරින් මතු වෙනකොටම ක්‍රියාවිරහිත කළා. හැමෝම වලහා දිහාට ඇස් විතරක් නෙමේ කටවලුත් ඇරන් බලා ඉන්නවා. අපේ කැමරාවත් වලහා දිහාට යොමු වෙලයි තිබුණේ. වීඩියෝ කරමින් හිටපු මම වලහා අපි ගමන් කරපු පාර හරහා පනින්න යන්නේ කියලා මගේ පුංචි මොලේට තේරුම් යද්දි, පින්තුරයක් ගන්න හිතාගෙන වීඩියෝ මොඩ් එකෙන් මාරු කරද්දිම ඌ පාර හරහා අනෙක් පැත්තට දිව්වා. අපරාදෙ. :(

ඔය ඉන්නෙ වලස් තඩියා කලු ගෙඩියක් වගේ
නැවතත් අපි ඉදිරියට ඇදුනාපාර දෙපසම කටු සහිත ගස් වලින් පිරිලා, කටු අතු අපේ ඇගේ වදින තරම්


ඒ කැලැව පසු කරමින් අපි පිවිසුනා වතුර පිරුනු වැවකට.


ඒ වැවේ අලංකාරය විදිමින් අපේ ජිප් රථයට ඉදිරියට ඇදෙන්න අපහසුතාවයක් ඇතිවුනා. බැලුවාම රෝදේ එක තැන කැරකෙනවා ඒ පොලවේ ඉතා සියුම් සුදු පැහැති වැලි වලින් පිරිලා…..



ඒ වැල්ලට රෝදේ එක තැනම කැරකෙනවාබොරු කියන්න ඕනේ නෑනේ මටනම් එවෙලේ බය හිතුනා අලියෙක් හරි දිවියෙක් හරි ආවොත් මොනා කරන්නද කියලා.:/ කොහොමහරි අමාරුවෙන් වාහනේ ඉදිරියට හෙමින් ඇදුනා වැලි අතරේ එරෙමින්. ටික දුරක් එහෙම යනකොට එරෙන ගතිය අඩු වුනාඒත් එක්කම පුංචි සතුටක් දැනුනා මගේ හිතට ….:) 
හම්…..ඔන්න ඔය අතරේදී ලස්සන කොක්කු වගයක් මාලුන්ව අල්ලගන්න ඇවිත් ඉන්නවා දැක ගන්න ලැබුණා.


මේ විදියට විල හරහා ඇවිත් ආයෙමත් අපි කැලයට පිවිසුනාමේ වෙනකොට හවස 2.00 ට විතර ඇතිඅපි නැවතත් වනාන්තරයට ඇතුලු වුනේ දිවා ආහාර ගන්න සකස් කරලා තියෙන නවාතැන්පලට යන්නයිඒ යන අතර මගදී අපිට තිත් මුවන් රැනක් දැකගන්න අවස්ථාව ලැබුණාතව වලි කුකුලා මෙනරා වගේ පක්ෂියෝ දෙපාරක් තුකපාරකට වඩා අපිට දකින්න ලැබුණා.

මේ ආධුනික නලුවෙක්. කැමරාවට බයේ හැංගුණා

මහ ආඩම්බරකාරයෝ
ඔන්න අපි ටික වෙලාවකින් කැම ගන්නම සකස් කරලා තිබුණ නවාතැනට ළගා වුනා. එම ස්ථානයේම  බොහෝමයක් ගස් වලින් වට වුනු වතුර වලක් ද තිබුණාඅපි මේ ස්ථානය ආරකෂිතයි කියලා කිව්වට මම බයවෙලා හිටියේඇයි අනේ කොයි වෙ‍ලේ මොකෙක් කඩා පනීද කියලා කවුද දන්නේ…….:)

කෑම කන්න කියලා

 අපි ඉතින් කට්ටියම කෑමටික කෑවාමේ රසවත් ආහාර පිළියෙල කළේ මමයි, ලොකු අයියාගේ නෝනා සහ අපේ අක්කන්ඩි එකතු වෙලා……;) ම්ම්ම්……. කොහොමද වැඩ……

අපේ දවල් කෑම
කිසිම අපහසුවකින් තොරව කට්ටිය ඔක්කොම කැම ටික කෑවා.....කාලා ඉවර වෙලා කට්ටියත් එක්කම ගියා ඒ අසලම තිබුණු වතුර වල බලන්න කියලාකාෂ්ටක අව්වේ සංචාරයේ යෙදුනු අපේ ඇස් වලට ඇත්තටම ඒ වටපිටාව හරිම සිසිලක් ගෙන දෙන තැනක් වුනා. මේ ස්ථානයේ අපි මිනිත්තු 30 ක් විතර විවේකයෙන් ගත කළා.

තාම වැඩි පිරිසක් ඇවිල්ල නැති නිසා මේ තැන් තාම සුන්දරයි
නැවතත් අපි 3.00 ට ආසන්නව ගමන ආරම්භ කළාදවල් කාලයේ සතුන් එළිමහනේ ගැවසෙන්නේ ඉතා කලාතුරකින් කියලා දැන ගන්න ලැබුණා අපිත් එක්කම ආපු සගයන් දෙදෙනාගෙන්දිවියා දැක ගන්න තිබුණු මගේ සිහිනය බොද වෙයිදෝ කියලා මට සිතුනා:( ඒ වෙනකොටත් දිවියන් ගැවසෙන ප්‍රදේශය අපි පහු කරලයි හිටියේ.  ඒත්  ගමන අවසාන වෙන්න කලින් මට දිවියෙක් බලා ගන්න පුලුවන් කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා.
මේ අතරෙදී අපිට තවත් පුංචි දිය කඩිති කීපයකම හමුවුනාඒ හැම එකකම ගොඩබිම් ප්‍රදේශයේ මුලින් සඳහන් කලා වගේ වැලි සහිත පොළවක් තිබුණේමේ විදියට අපි එක වතුර කඩිත්තකට ඇතුලු වෙනවාත් එක්කම පිපාසය නිවාගන්න විලට ආපු තිත් මුවෝ රෑනක් රථයේ ශබ්දයට අපි යන මාර්ගය හරහා කැලයට දිව්වා. 


ඔය ඈතින් දුවන්නෙ එයාල තමයි
උන් කැලයට රිංගපු ස්ථානයේ රථය නවත්තලත් අපි ටික වෙලාවක් හිටියා පැහැදිලි පින්තුරයක් ගන්න හිතාගෙනපුංචි පදුරු අතරින් තමා දැක්කේ.ඒ යන අතර තුරදි අපිට හිවලුන් දෙදෙනෙක්ද දැක ගන්න අවස්ථාව ලැබුණා.
කපටි රජාලා

විල් සේරම පහුකරගෙන ඇවිත් නැවතත් අපි ගමනාන්තය බලා යන්න සුදානමින්  එනකොට…..තවත් සතෙක් දැක්කාඒ තමා වැලි මුවා…. :) මම මීට කලින් දැකලා තිබුණේ නම් නැහැ වැලි මුවාව.

වැලි මුවා
තවත් ගමනාන්තයේ ඉදිරියට එන අතර මගදී අපි දැක්කා වතුර හිදුනු පොකුණක්, ඒක හරියට මඩ වලක් වගේවතුර උඩ ලී කොටයක් පා වෙනවා වගේ දැක්කාඅයියා තමා කිව්වේ කිඹුලෙක් කියලාඅපි ටිකක් නවත්තල බලන් හිටියා ඌ උඩට මතු වෙනකම්ඌ නෙමේ එළියට ආවේඇස් දෙක විතරක් එලියට දාගෙන අපි දිහා බලනවාඑහාට කැරකෙනවා මෙහාට කැරකෙනවා. වතුර යටම හිටපු නිසා පින්තුරයක් නම් ගන්න බැරි වුනාමෙහෙම තමා ගත්තේ :/


දැන් එතනත් පහු කරගෙන අපි එනකොට දැන් කට්ටියටම ඇවිද්දා මදි වගේ අපේ පොඩි අයියට හොඳටම තද වෙලා.”තාම වෙලා 4 ටවත් නෑමේක ඒ මදිවට පුදුම වේගෙකින් යන්නේ…. X-(”  වෙලාවට කාටවත් ඇහුනෙ නෑ අපිත් එක්ක ආපු සඟයෝ දෙන්නාම ඉස්සරහ හිටියේඅපි කියන ඒවා අහෙන්නේ නැහැ :D මට ඔක්කෝටම වඩා හිතට හරිනැහැඇයි අනේ මට දිවියෙක් බලන්න බැරි වුනානේ……:’(

දැන් අපි ගමන ආරම්භ කරපු ස්ථානයටම අපේ ගමන අවසන් කරන්න කියලා ආවාඒ වෙනකොට වෙලාව 3.45ට විතර ඇතිපුංචි දුකකුත් හිතේ හිරකරගෙනම අපි ජිප් එකෙන් බැස්ස ගමන් නැග්ගා වෑන් එකටමට ඒ ගමන අවසාන කරපු අවස්ථාවේ පින්තූරයක්වත් ගන්න හිතක් තිබුණෙ නැහැඅනේ දිවියා…….:/

ඒත් හැමෝටම පුංචි හරි සතුටක් තිබුණා මොකද අපි වලහව හිත පිරෙන්න බලා ගත්තනේ…. අපිත් එක්ක ආපු නිළදාරීන් නම් කිව්වේ සාමාන්‍යෙයන් ඒ වෙලාවට සත්තු අඩු නිසා අපේ වෙලාවටලු වලහව හරි දැක්කෙ කියලාවෙනදා නම්  දවල් වෙලාවට වලහව දකින්න ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින් කියලා තමා ඒ කට්ටිය කිවවේ.

කොහොම හරි ඔන්න අපි ගෙදරට ළං වුනාගෙදරට එනකම්ම මමනම් හොඳට නිදාගෙන ආවේඅව්ව සැර නිසාද මන්දා මහන්සියක් දැනුනාගෙදර ළගදී ගේට් එකට හරවද්දිම මට ඇයි දන්නේ නෑ එක පාරටම ඇහැරුනා.


ඇස් දෙක ඇරලා විනාඩියක් වත් ගියේ නෑ ඩෝං……” ගාලා සද්දයක් ඇහුනාඒත් එක්කම මම හිටපු තැන ගැස්සුනාමම හිටියේ වෑන් එකේ වම් පැත්තේ පිටිපස්සෙ සීට් එකේඒ සද්දෙත් එක්කම මගේ ඇහැ ගියේ ජනේලයෙන් එළියටමට දැක ගන්න ලැබුනේ මිනිස්සු දෙනනෙක් පදවගෙන ආපු බයික් එකක් පාරෙන් ඉවතට විසි වෙනවාඒත් එක්කම මට හයියෙන් කෑ ගැහුනාඊට පස්සේ තමා අනිත් අය දැක්කේ මේ සිද්දියගෙදරට හරවලා ගේට් එක ඇතුලට දාන්න ඔන්න මෙන්න තිබුණු වැන් එක නවත්තලා ඔක්කොම බැස්සාපිටි පස්සෙන් ආපු තවත් මිනිස්සු කිපදෙනෙක් අනතුරට පත් වුනු මිනිස්සු දෙන්නාට බැන බැන යනවා පුදුම වේගෙකින් ආවේ…..” කියලා.

බයික් එක පැදගෙන ආපු කෙනා වැටිලා සිහි නැතිව වගේ ඉන්නවාඅනිත් කෙනා නැගිටලා සිහිය නැති කෙනාව හිමීට කොන්ද කෙලින් කරද්දිම මම දැක්කා වම් පැත්තේ ඇහැ උඩ නලළ ලොකු මස් කැල්ලක් කැඩිලා එල්ලෙනවාලේ බේරෙනවාඅපිට හිතා ගන්න බැරි වුනා මොකද කරන්නේ කියලාඅයියලා බයික් එක ඇග උඩින් අයින් කළාමේ දෙන්නාටම හෙල්මට් නෑලයිසන් නෑඒ මදිවට හොඳටම බීලා. පිටිපස්සේ ඉදගෙන ආපු කෙනාට කිසිම තුවලයක් නැහැ.


අනිත් මනුස්සයගේ ඇඟ උඩින් බයික් එක අයන් කළාම තමා මම දැක්කේ පැදගෙන ආපු මනුස්සයගේ දකුණු කකුලේ ඇගිලි වලට සම්බන්ද ඇට කටුවක් එළියට ඇවිත්කකුල හම ගිහින්. ඇහැ ගාවින් හොඳටම ලේත් යනවා.

දැන් අපිට ඕනේ වුනේ මෙතට පොලීසිය ගේනවට වඩා මේ මනුස්සයව ඉස්පිරිතාලෙට ගෙනියන්න. ලේ ගිහින් මැරුනොත්……එතන නවත්තලා තිබුණු වෑන් එකක අයිති කාරයෙක් ඇවිත් කියනවා,”ඔයාලගේ වෑන් එකේනේ හැප්පුනේ ඔයාලම ගෙනියන්න” කියලාඔන්න මිනිස්සුඒ වැන් එකේ ලේ ගෑවෙයි කියලා බයට එහෙම කියනව.


අපේ අයියත් මනුස්සය බේරගන්න ඕනෙ නිසා තවත් කට්ටියගේ උදව්වෙන් මේ මනුස්සයාව වෑන් එකට දාගත්තාමමයි පොඩි අයියයි ඉක්මනට ගඩොලක් අරගෙන වෑන් එක අනතුරට පසුව තිබුණු විදිය රෝද  හතර ළකුණු කළාලොකු අයියයි අපේ තව අයියා කෙනෙකුයි ඉස්පිරිතාලෙට ගියා මේ ලෙඩාවත් අරගෙන.


අපි බයිසිකලේ ආපු අනිත් මනුස්සයත් එක්ක කතා කළාඒ මනුස්සයම අපිට කියනවා “ අපේ තමා සම්පුර්ණ වැරුද්ද …….මම එයාට කිව්වා හිමින් යමු කියලා.” ඒ මදිවට මේ මනුස්සයා කියනවා සාක්කුවේ අරක්කු බොතලයක් තියෙනවා අරන් තියන්න පුලුවන්ද අහනවා පොලිසිය දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලාඅනේ අම්මපා ….. බීලා බීලා තව සාක්කුවෙත් බෝතලයක් දාගෙන.

ටික වෙලාවකින් පොලිසිය ඇවිත් සිද්ධියට අදාල අයගෙන් කටඋත්තර අරගෙන වාහාන දෙකම පොලිසියට ගේන්න කිව්වා  ලෙඩාට ටිකක් බර පතල නිසාපොලිස් නිළදාරියෙක් බයිසිකලය අරගෙන ගියාවැන් එක අයියා අරගෙන ගියා.

අපේ කිසිම වැරද්දක් නැති නිසා, අපේ අයියා පොලිසියට ගියාම ඉහළ පොලිස් නිළදාරියෙක් කිව්වලු ලෙඩාව ඉස්පිරිතාලේට අරගෙනන ගියේ මේ වාහනේමනේ……මෙයාව යවන්න.” කියලාඊට පස්සේ අයියා ගෙදර ආවා වාහනෙත් එක්කම.


මදැයි…. සෆාරි ගිහින් අන්තිමේටම පොලිසියටත් ගිහින් තමා නැවතුනේ.


ඒ මනුස්සයා හෙල්මට් එකවත් දාගෙන හිටියනම් මේ අනතුර මේතරම් බරපතල වෙන්නේ නැහැනේබීමත්ව රිය පදවන්නත් එපා කියන්නේ කට කහනවට නෙමේනේ. ඒ මනුස්සය මේසන් බාස් කෙනෙක් කියලා තමා අනිත් පුදගලයා කිව්වේඉතින් බලන්න ඒ මනුස්සය බීමත්ව හිටපු නිසා සිදු වුන අනතුර නිසා ඒ පවුලේ අනිත් අයට ජීවත් වෙන්න තිබුණු එකම ආදයම් මාර්ගය සදහටම හෝ තාවකාලිකව නැති වුනා නේද.


මිනිසුන් රිය පදවන හැම වෙලාවෙම සියලුම මාර්ග නීති වලට අවනත වෙනවනම් සිදුවන අනතුරු වළක්වාගන්න පුලුවන් නේද......

15 අදහස්:

~ChAnDiKa~ said...

හ්ම්!! නියම ගමනක් වගේ. මමත් යන්න ඕන. :)

෴ හසියා ෴ said...

පෝස්ටුව එක හුස්මට ඇදලා දැම්මා.... චෝයි... අපි ලයිව් එතන හිටියා වගේ.... මං තාම ගිහින් නෑ.... (ලැජ්ජයි) යන්න ඕනි සෆාරියක් ළගදීම....

ජීවිතේ මල් said...

ආව්..... නියම ගමන්..... !!!! නේන්නම් !!!!! සා.... සෝයිම සෝයි නගා.....සෝයි එකට ලියලත් එක්ක....

මලිති said...

@..ChAnDiKa..
ඔව්...යන්නම ඕනේ ගමනක්, හවස් වරුවේ ගියානම් මීට වඩා සත්තු බලාගන්න පුලුවන් වෙයි.එහෙම නැත්නම් උදේ 6 ට වත් එහාට ගියානම් හරි. :)

@෴ හසියා ෴
යන්න යන්න ගිහින්ම රස විදින්න. දවස් දෙකක්ම ඉදලා මුළු විල්පත්තුවේම ඇවිදල එන්න. අපි එක දවසකටනේ ගියේ.

@ජීවිතේ මල්
ස්තුතියි අක්කා...:)

Anonymous said...

හ්ම්.... නියමයිනේ.... මලිති විල්පත්තු ගිහිං අපිට ගෙනාව තෑග්ගනම් මැක්සා...

මලිති said...

@prasanna86k
ස්තුතියි අයියේ,,,ඔයාලත් ගිහින්ම බලන්නකෝ :)

SL Tech Express said...

මලිති...
මේක දැක්කම අපිත් අපේ ඔපීසියෙන් උඩවලවෙ ගිය එක මතක් උනා...ඒත් ඉතින් උදේ යනව විතරයි මතක... ආපහු ගෙදර ආව වගෙත් මතකයි...

අපරාදෙ පික්ස් ගන්න එහෙම සෙට් වෙලා ගියේ... කොහෙද ඉතින් ස්ටෙලා වෙන්න උනානෙ.. අපරදෙ!!

@ගිහාන්: මචන්.. අර කෝච්චී පෝස්ට්ස් ටික මරු... කොමෙන්ට් දාන්න නම් බැරි උනා බන්..

Dee said...

හොඳයි, හොඳයි.. ඔය ගිහින් තියෙන්නෙ හැඩ ට්‍රිප් එකක්.. අපිට හැපි..!

මම විල්පත්තුවෙ වළහා දැකලා නෑ.. :-(

වැඩබැරිදාස said...

බීමත්ව රිය පැදවීම මෙන්ම විව්‍රත රථයක අභය භූමි සංචාරයද ඉතා අවධානම්ය.

මලිති said...

@'සුළඟ'
ඕ....අපරාදේ.

@Dee
:) අපිත් ලකී නිසා හම්බ වුනේ, නැත්නම් ඒ වෙලාවට නැහැලු.හවස ගියානම් තමා මරු.

@වැඩබැරිදාස
හම්...ඔව් ඒකනම් ඇත්ත තමා.අපි කිසිම ගානක් නැතුව ගිහින් ආවා. ආවට පස්සේ තමා තේරුනේ භයානක ගමනක් නේද කිසිම ගානකට ගන්නේ නැතුව ගිහින් ආවේ කියලා.

සංකල්ප said...

අම්මෝ දිග ලිපියක්. මම දෙපාරට කියවලා දැම්මා.
මම නම් ගිහින් නෑ. නමුත් මේක කියවනකොට නිකන් විල්පත්තු ගියා වගේ :)

මලිති said...

@මධුරංග
හි හි...ස්තුතියි මධුරංග අයියේ.

ටී.බී. හේරත් said...

මං මේ 'පරිස්සමින් රියපදවන්න' ලියල අත ගත්ත විතරයි,
අර මනුස්සය මැරුන නම් එහෙම අයියට දවස් දෙක තුනකට ගෙදර එන්න වෙන්නෙ නෑ :O
එක්කෙනෙක් මාර්ග නීති නොපිළිපැදීම නිසා ගොඩ දෙනෙක් අපහසුතාවයට පත්වෙනව...

Test said...
This comment has been removed by the author.
කොල්ලා said...

අත්දෑකීම් ගොඩක් ලබාගෙන තියනව නේද? ලස්සන පොස්ට් එකක් මලිති :) :)

Post a Comment