18 වැනි දා උදේ පාන්දර 4.00 ට එලාම් එක වදින්න ගත්තා. මම ආසම නැහැ පාන්දර නැගිටින්න :( ඒත් මොනා කරන්නද  මම පුංචි කාලේ ඉදන්ම යන්න ආසාවෙන් හිටපු ගමනක් යන්න හදන වෙලාවේ අකමැත්ත පැත්තක තියලා නැගිට්ටා.

උදේ 6.00 වෙද්දි උදේ කෑමට පාන් ටෝස්ටර් කරලා දවල් කෑමට ෆරයිඩ් රයිසුත් හදලා ඉවරයි. පිරිමි පරාණ ටික ඇහැරවලා  ලෑස්ති කරගෙන එළියට බහිද්දි 7.00 පහු වුනා. අපිට වඩා දැන් හැඩ වෙන්නේ පිරිමිනේ……;)  කොහොම හරි ඔන්න කෑමබිස්කට්බීම සහ ලොකු වතුර බෝතලයකුයි පටවගෙන කට්ටියම අපේ වෑන් එකට නැගලා විල්පත්තු ජාතික වනෝද්‍යානය බලා පිටත් වුනා......(ආහ්!! කියන්න බැරි වුණානෙ. මේ සෆාරිය යන්න මගේ අනාගත අයිතිකාරයගෙන් අවසර ගත්තේ ලොකු ගේමක් දීලා :D හැබැයි ඉතිං එහෙම ගමනක් යනව කියපු වෙලෙ ඉඳන් හැම විස්තරයක්ම හොයල උදව් කරෙත් එයාම තමයි :), දීපානි  අක්කවත් මට සම්බන්ද කරලා දුන්නා වැඩි විස්තර දැන ගන්න, අක්කගෙන් ලැබුණු විස්තර නිසා අපිට ගමන හුඟාක් පහසු වුනා)

අපේ මුල් අදහස වුනේනම් මේ සෆාරි එක යන්න ජිප් රථයක් කුලියට ගන්න. පුත්තලම පාරෙන් විල්පත්තුවට හරවන පාර ළඟම තිබුණු ජිප් රථයෙන් අපි දවසකට කුලිය ඇහුවාම එයාලා කිව්වා රු8000 ක් කියලාමම එවෙලෙම අපේ දීපානි අක්කට කෝල් එකක් දාලා ඇහුවා “අක්කේදවසකට විල්පත්තු ගිහින් එන්න සාමාන්‍යෙයන් ජිප් එකක කුලිය කීයක් විතර ගන්නවද” කියලාඅක්කගේ පිළිතුර වුනේ “ සාමාන්‍යෙයෙන්  රු: 3000 ක් වගේ තමා….වාඩිම උනොත් රු: 3500 ක් වෙයි.” කියලාඅක්කට ස්තුති කරලා මේ විස්තරේ අපේ කට්ටියටම අහෙන්න කිව්වාහි...හි... රු8000 ජිප් එකට ටටා කියලා අපි කෙලින්ම ගියා විල්පත්තු රක්ෂිත වනාත්තරයේ කාර්යාලයටමේ ස්ථානයට එන්න අපිට පැය දෙකක් විතර ගත වුනා. එම  ස්ථානයේ හිටපු නිළධාරියෙකුගෙ මගපෙන්වීම නිසා අපිට ජිප් රථයක් ගන්න හම්බ වුනා අක්ක කිව්ව ගානටම.

ඔය නමත් ගහලම තියෙන්නෙ
අපේ අයියලා ඒ ගැන කතා කරගන්න අතරෙ මම එතනම තිබුණු කෞතුකාගාරෙ පැත්තට පොඩ්ඩක් ඔලුව දාල බැලුවා. මේ එහිදී  මම ගත්තු පින්තූර කීපයක්. මලිතිට තාම ලස්සනට පින්තූර ගන්නනම් තේරෙන්නෙ නැහැ.

බට්ටිච්චො බිත්තරයක්

කුරුලු බිත්තර

අපොයි මෙන්න මකුලුවෙක්

එක එක ජාතියෙ බිත්තර



මේක කාගෙද දන්නෙ නෑ..

මෙයාගෙ පැටියනෙ මෙයාට මැණිකක් කියන්නෙ...

ඒක බලල එලියට එද්දිම ඔන්න ජිප් එක සූදානම්අයියලා කෑම බීම වතුර අවශ්‍ය හැම දේම ඒකට දාලත් ඉවරයි. ඔන්න අපි කැලේ මැදට යන්නයි සූදානම…………:D

පළමු පේලිය වමේ සිට - පොඩි අයියා,එයාගේ බිරිඳ සහ ළමයි දෙන්නා,මම
දෙවන පේලිය වමේ සිට - ලොකු අයියා,එයාගේ බිරිඳ,අපේ අම්මා
තෙවන පේලිය වමේ සිට - අක්කගේ ස්වාමියා,අක්කා
ඔන්න කැලේට ඇතුල් වෙලා මිනිත්තු 5ක් විතර යනකොට පුංචි වතුර වලක් හම්බවුනා. එතනට වතුර බොන්න ආපු තනි අලියෙක් ටිකක් විතර දුරින් දැකගන්න ලැබුණාඅලි දැකලා නෑ වගේ කට්ටිය කෑ ගහන්න ගත්තාඒ සද්දෙට අලියා බැලුවා හරිලා…..අම්මෝ මාව හීතල වෙලා ගියා….:( එතකොටම ජිප් එකේ ආපු මගපෙන්වන්නා කිව්වා සද්ද කරන්න එපා කියලාඊට පස්සේ තමා කටිටිය කටවල් ටික වහගෙන බලා හිටියේ. රියදුරු මහත්තයා ජිප් රථය  නවත්තලා ක්‍රියා විරහිත කළා.

මෙයා තමා අපිව බය කරේ

ටිකක් වෙලා බලලා එයා පොඩ්ඩක් එහාට මෙහාට වුනාම අපි ගමන පටන් ගත්තා. ඊට පස්සේ අපිට හමුවුනේ උකුස්සෙක්…. කැමරාවට පැහැදිලි පින්තූරයක් ගන්න බැරිවුනා මොකද කැලේ අස්සේ ගස් වලට වැහිලා තමා හිටියේ.  ඔහොම ටික දුරක් කැලේ මැදින් යනකොට මෙන්න බොලේ පාරෙ දකුණු පැත්තේ තඩි වලහෙක්……ඒක දැකපු අපේ අයියා “අන්න අන්න……” කියලා කැ ගැහුවාඒ සද්දෙට වලහා දුවනවා විතරයි අපිට බලා ගන්න ලැබුනේ. 
 කොහොමහරි අපි ටිකක් නැවතිලා බලන් ඉන්නකොට ඊට ටිකක් ඉස්සරහින් ආපහු වලහා කැලේ අතරින් මතුවෙනවා දැක්කාජිප් රථය හිමීට ඉදිරියට ඇදුනාවලහා ගස් අතරින් මතු වෙනකොටම ක්‍රියාවිරහිත කළා. හැමෝම වලහා දිහාට ඇස් විතරක් නෙමේ කටවලුත් ඇරන් බලා ඉන්නවා. අපේ කැමරාවත් වලහා දිහාට යොමු වෙලයි තිබුණේ. වීඩියෝ කරමින් හිටපු මම වලහා අපි ගමන් කරපු පාර හරහා පනින්න යන්නේ කියලා මගේ පුංචි මොලේට තේරුම් යද්දි, පින්තුරයක් ගන්න හිතාගෙන වීඩියෝ මොඩ් එකෙන් මාරු කරද්දිම ඌ පාර හරහා අනෙක් පැත්තට දිව්වා. අපරාදෙ. :(

ඔය ඉන්නෙ වලස් තඩියා කලු ගෙඩියක් වගේ
නැවතත් අපි ඉදිරියට ඇදුනාපාර දෙපසම කටු සහිත ගස් වලින් පිරිලා, කටු අතු අපේ ඇගේ වදින තරම්


ඒ කැලැව පසු කරමින් අපි පිවිසුනා වතුර පිරුනු වැවකට.


ඒ වැවේ අලංකාරය විදිමින් අපේ ජිප් රථයට ඉදිරියට ඇදෙන්න අපහසුතාවයක් ඇතිවුනා. බැලුවාම රෝදේ එක තැන කැරකෙනවා ඒ පොලවේ ඉතා සියුම් සුදු පැහැති වැලි වලින් පිරිලා…..



ඒ වැල්ලට රෝදේ එක තැනම කැරකෙනවාබොරු කියන්න ඕනේ නෑනේ මටනම් එවෙලේ බය හිතුනා අලියෙක් හරි දිවියෙක් හරි ආවොත් මොනා කරන්නද කියලා.:/ කොහොමහරි අමාරුවෙන් වාහනේ ඉදිරියට හෙමින් ඇදුනා වැලි අතරේ එරෙමින්. ටික දුරක් එහෙම යනකොට එරෙන ගතිය අඩු වුනාඒත් එක්කම පුංචි සතුටක් දැනුනා මගේ හිතට ….:) 
හම්…..ඔන්න ඔය අතරේදී ලස්සන කොක්කු වගයක් මාලුන්ව අල්ලගන්න ඇවිත් ඉන්නවා දැක ගන්න ලැබුණා.


මේ විදියට විල හරහා ඇවිත් ආයෙමත් අපි කැලයට පිවිසුනාමේ වෙනකොට හවස 2.00 ට විතර ඇතිඅපි නැවතත් වනාන්තරයට ඇතුලු වුනේ දිවා ආහාර ගන්න සකස් කරලා තියෙන නවාතැන්පලට යන්නයිඒ යන අතර මගදී අපිට තිත් මුවන් රැනක් දැකගන්න අවස්ථාව ලැබුණාතව වලි කුකුලා මෙනරා වගේ පක්ෂියෝ දෙපාරක් තුකපාරකට වඩා අපිට දකින්න ලැබුණා.

මේ ආධුනික නලුවෙක්. කැමරාවට බයේ හැංගුණා

මහ ආඩම්බරකාරයෝ
ඔන්න අපි ටික වෙලාවකින් කැම ගන්නම සකස් කරලා තිබුණ නවාතැනට ළගා වුනා. එම ස්ථානයේම  බොහෝමයක් ගස් වලින් වට වුනු වතුර වලක් ද තිබුණාඅපි මේ ස්ථානය ආරකෂිතයි කියලා කිව්වට මම බයවෙලා හිටියේඇයි අනේ කොයි වෙ‍ලේ මොකෙක් කඩා පනීද කියලා කවුද දන්නේ…….:)

කෑම කන්න කියලා

 අපි ඉතින් කට්ටියම කෑමටික කෑවාමේ රසවත් ආහාර පිළියෙල කළේ මමයි, ලොකු අයියාගේ නෝනා සහ අපේ අක්කන්ඩි එකතු වෙලා……;) ම්ම්ම්……. කොහොමද වැඩ……

අපේ දවල් කෑම
කිසිම අපහසුවකින් තොරව කට්ටිය ඔක්කොම කැම ටික කෑවා.....කාලා ඉවර වෙලා කට්ටියත් එක්කම ගියා ඒ අසලම තිබුණු වතුර වල බලන්න කියලාකාෂ්ටක අව්වේ සංචාරයේ යෙදුනු අපේ ඇස් වලට ඇත්තටම ඒ වටපිටාව හරිම සිසිලක් ගෙන දෙන තැනක් වුනා. මේ ස්ථානයේ අපි මිනිත්තු 30 ක් විතර විවේකයෙන් ගත කළා.

තාම වැඩි පිරිසක් ඇවිල්ල නැති නිසා මේ තැන් තාම සුන්දරයි
නැවතත් අපි 3.00 ට ආසන්නව ගමන ආරම්භ කළාදවල් කාලයේ සතුන් එළිමහනේ ගැවසෙන්නේ ඉතා කලාතුරකින් කියලා දැන ගන්න ලැබුණා අපිත් එක්කම ආපු සගයන් දෙදෙනාගෙන්දිවියා දැක ගන්න තිබුණු මගේ සිහිනය බොද වෙයිදෝ කියලා මට සිතුනා:( ඒ වෙනකොටත් දිවියන් ගැවසෙන ප්‍රදේශය අපි පහු කරලයි හිටියේ.  ඒත්  ගමන අවසාන වෙන්න කලින් මට දිවියෙක් බලා ගන්න පුලුවන් කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා.
මේ අතරෙදී අපිට තවත් පුංචි දිය කඩිති කීපයකම හමුවුනාඒ හැම එකකම ගොඩබිම් ප්‍රදේශයේ මුලින් සඳහන් කලා වගේ වැලි සහිත පොළවක් තිබුණේමේ විදියට අපි එක වතුර කඩිත්තකට ඇතුලු වෙනවාත් එක්කම පිපාසය නිවාගන්න විලට ආපු තිත් මුවෝ රෑනක් රථයේ ශබ්දයට අපි යන මාර්ගය හරහා කැලයට දිව්වා. 


ඔය ඈතින් දුවන්නෙ එයාල තමයි
උන් කැලයට රිංගපු ස්ථානයේ රථය නවත්තලත් අපි ටික වෙලාවක් හිටියා පැහැදිලි පින්තුරයක් ගන්න හිතාගෙනපුංචි පදුරු අතරින් තමා දැක්කේ.ඒ යන අතර තුරදි අපිට හිවලුන් දෙදෙනෙක්ද දැක ගන්න අවස්ථාව ලැබුණා.
කපටි රජාලා

විල් සේරම පහුකරගෙන ඇවිත් නැවතත් අපි ගමනාන්තය බලා යන්න සුදානමින්  එනකොට…..තවත් සතෙක් දැක්කාඒ තමා වැලි මුවා…. :) මම මීට කලින් දැකලා තිබුණේ නම් නැහැ වැලි මුවාව.

වැලි මුවා
තවත් ගමනාන්තයේ ඉදිරියට එන අතර මගදී අපි දැක්කා වතුර හිදුනු පොකුණක්, ඒක හරියට මඩ වලක් වගේවතුර උඩ ලී කොටයක් පා වෙනවා වගේ දැක්කාඅයියා තමා කිව්වේ කිඹුලෙක් කියලාඅපි ටිකක් නවත්තල බලන් හිටියා ඌ උඩට මතු වෙනකම්ඌ නෙමේ එළියට ආවේඇස් දෙක විතරක් එලියට දාගෙන අපි දිහා බලනවාඑහාට කැරකෙනවා මෙහාට කැරකෙනවා. වතුර යටම හිටපු නිසා පින්තුරයක් නම් ගන්න බැරි වුනාමෙහෙම තමා ගත්තේ :/


දැන් එතනත් පහු කරගෙන අපි එනකොට දැන් කට්ටියටම ඇවිද්දා මදි වගේ අපේ පොඩි අයියට හොඳටම තද වෙලා.”තාම වෙලා 4 ටවත් නෑමේක ඒ මදිවට පුදුම වේගෙකින් යන්නේ…. X-(”  වෙලාවට කාටවත් ඇහුනෙ නෑ අපිත් එක්ක ආපු සඟයෝ දෙන්නාම ඉස්සරහ හිටියේඅපි කියන ඒවා අහෙන්නේ නැහැ :D මට ඔක්කෝටම වඩා හිතට හරිනැහැඇයි අනේ මට දිවියෙක් බලන්න බැරි වුනානේ……:’(

දැන් අපි ගමන ආරම්භ කරපු ස්ථානයටම අපේ ගමන අවසන් කරන්න කියලා ආවාඒ වෙනකොට වෙලාව 3.45ට විතර ඇතිපුංචි දුකකුත් හිතේ හිරකරගෙනම අපි ජිප් එකෙන් බැස්ස ගමන් නැග්ගා වෑන් එකටමට ඒ ගමන අවසාන කරපු අවස්ථාවේ පින්තූරයක්වත් ගන්න හිතක් තිබුණෙ නැහැඅනේ දිවියා…….:/

ඒත් හැමෝටම පුංචි හරි සතුටක් තිබුණා මොකද අපි වලහව හිත පිරෙන්න බලා ගත්තනේ…. අපිත් එක්ක ආපු නිළදාරීන් නම් කිව්වේ සාමාන්‍යෙයන් ඒ වෙලාවට සත්තු අඩු නිසා අපේ වෙලාවටලු වලහව හරි දැක්කෙ කියලාවෙනදා නම්  දවල් වෙලාවට වලහව දකින්න ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින් කියලා තමා ඒ කට්ටිය කිවවේ.

කොහොම හරි ඔන්න අපි ගෙදරට ළං වුනාගෙදරට එනකම්ම මමනම් හොඳට නිදාගෙන ආවේඅව්ව සැර නිසාද මන්දා මහන්සියක් දැනුනාගෙදර ළගදී ගේට් එකට හරවද්දිම මට ඇයි දන්නේ නෑ එක පාරටම ඇහැරුනා.


ඇස් දෙක ඇරලා විනාඩියක් වත් ගියේ නෑ ඩෝං……” ගාලා සද්දයක් ඇහුනාඒත් එක්කම මම හිටපු තැන ගැස්සුනාමම හිටියේ වෑන් එකේ වම් පැත්තේ පිටිපස්සෙ සීට් එකේඒ සද්දෙත් එක්කම මගේ ඇහැ ගියේ ජනේලයෙන් එළියටමට දැක ගන්න ලැබුනේ මිනිස්සු දෙනනෙක් පදවගෙන ආපු බයික් එකක් පාරෙන් ඉවතට විසි වෙනවාඒත් එක්කම මට හයියෙන් කෑ ගැහුනාඊට පස්සේ තමා අනිත් අය දැක්කේ මේ සිද්දියගෙදරට හරවලා ගේට් එක ඇතුලට දාන්න ඔන්න මෙන්න තිබුණු වැන් එක නවත්තලා ඔක්කොම බැස්සාපිටි පස්සෙන් ආපු තවත් මිනිස්සු කිපදෙනෙක් අනතුරට පත් වුනු මිනිස්සු දෙන්නාට බැන බැන යනවා පුදුම වේගෙකින් ආවේ…..” කියලා.

බයික් එක පැදගෙන ආපු කෙනා වැටිලා සිහි නැතිව වගේ ඉන්නවාඅනිත් කෙනා නැගිටලා සිහිය නැති කෙනාව හිමීට කොන්ද කෙලින් කරද්දිම මම දැක්කා වම් පැත්තේ ඇහැ උඩ නලළ ලොකු මස් කැල්ලක් කැඩිලා එල්ලෙනවාලේ බේරෙනවාඅපිට හිතා ගන්න බැරි වුනා මොකද කරන්නේ කියලාඅයියලා බයික් එක ඇග උඩින් අයින් කළාමේ දෙන්නාටම හෙල්මට් නෑලයිසන් නෑඒ මදිවට හොඳටම බීලා. පිටිපස්සේ ඉදගෙන ආපු කෙනාට කිසිම තුවලයක් නැහැ.


අනිත් මනුස්සයගේ ඇඟ උඩින් බයික් එක අයන් කළාම තමා මම දැක්කේ පැදගෙන ආපු මනුස්සයගේ දකුණු කකුලේ ඇගිලි වලට සම්බන්ද ඇට කටුවක් එළියට ඇවිත්කකුල හම ගිහින්. ඇහැ ගාවින් හොඳටම ලේත් යනවා.

දැන් අපිට ඕනේ වුනේ මෙතට පොලීසිය ගේනවට වඩා මේ මනුස්සයව ඉස්පිරිතාලෙට ගෙනියන්න. ලේ ගිහින් මැරුනොත්……එතන නවත්තලා තිබුණු වෑන් එකක අයිති කාරයෙක් ඇවිත් කියනවා,”ඔයාලගේ වෑන් එකේනේ හැප්පුනේ ඔයාලම ගෙනියන්න” කියලාඔන්න මිනිස්සුඒ වැන් එකේ ලේ ගෑවෙයි කියලා බයට එහෙම කියනව.


අපේ අයියත් මනුස්සය බේරගන්න ඕනෙ නිසා තවත් කට්ටියගේ උදව්වෙන් මේ මනුස්සයාව වෑන් එකට දාගත්තාමමයි පොඩි අයියයි ඉක්මනට ගඩොලක් අරගෙන වෑන් එක අනතුරට පසුව තිබුණු විදිය රෝද  හතර ළකුණු කළාලොකු අයියයි අපේ තව අයියා කෙනෙකුයි ඉස්පිරිතාලෙට ගියා මේ ලෙඩාවත් අරගෙන.


අපි බයිසිකලේ ආපු අනිත් මනුස්සයත් එක්ක කතා කළාඒ මනුස්සයම අපිට කියනවා “ අපේ තමා සම්පුර්ණ වැරුද්ද …….මම එයාට කිව්වා හිමින් යමු කියලා.” ඒ මදිවට මේ මනුස්සයා කියනවා සාක්කුවේ අරක්කු බොතලයක් තියෙනවා අරන් තියන්න පුලුවන්ද අහනවා පොලිසිය දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලාඅනේ අම්මපා ….. බීලා බීලා තව සාක්කුවෙත් බෝතලයක් දාගෙන.

ටික වෙලාවකින් පොලිසිය ඇවිත් සිද්ධියට අදාල අයගෙන් කටඋත්තර අරගෙන වාහාන දෙකම පොලිසියට ගේන්න කිව්වා  ලෙඩාට ටිකක් බර පතල නිසාපොලිස් නිළදාරියෙක් බයිසිකලය අරගෙන ගියාවැන් එක අයියා අරගෙන ගියා.

අපේ කිසිම වැරද්දක් නැති නිසා, අපේ අයියා පොලිසියට ගියාම ඉහළ පොලිස් නිළදාරියෙක් කිව්වලු ලෙඩාව ඉස්පිරිතාලේට අරගෙනන ගියේ මේ වාහනේමනේ……මෙයාව යවන්න.” කියලාඊට පස්සේ අයියා ගෙදර ආවා වාහනෙත් එක්කම.


මදැයි…. සෆාරි ගිහින් අන්තිමේටම පොලිසියටත් ගිහින් තමා නැවතුනේ.


ඒ මනුස්සයා හෙල්මට් එකවත් දාගෙන හිටියනම් මේ අනතුර මේතරම් බරපතල වෙන්නේ නැහැනේබීමත්ව රිය පදවන්නත් එපා කියන්නේ කට කහනවට නෙමේනේ. ඒ මනුස්සය මේසන් බාස් කෙනෙක් කියලා තමා අනිත් පුදගලයා කිව්වේඉතින් බලන්න ඒ මනුස්සය බීමත්ව හිටපු නිසා සිදු වුන අනතුර නිසා ඒ පවුලේ අනිත් අයට ජීවත් වෙන්න තිබුණු එකම ආදයම් මාර්ගය සදහටම හෝ තාවකාලිකව නැති වුනා නේද.


මිනිසුන් රිය පදවන හැම වෙලාවෙම සියලුම මාර්ග නීති වලට අවනත වෙනවනම් සිදුවන අනතුරු වළක්වාගන්න පුලුවන් නේද......

    දවසකට අපි ආහාරයට ගන්න සීනි සහිත කෑම ගැන පොඩ්ඩක් අවධානය යොමු කලොත්.... 
  • උදේ නැගිට්ට ගමන්ම සීනි මේස හැන්දක් දාපු කිරි පිටි හැන්දක් දාපු කිරි කෝප්පයක්, 
  • ආයිමත් උදේ 10 ට විතර ඒ වගේම කිරි කෝප්පයක් පැණි රස බිස්කට් 4 ක් 5 ක් එක්කම, 
  • දවල්ට බත් කාලා අයිස් ක්‍රීම් හෝ පුඩිං, 
  • හවස 4 ට විතර කලින් වගේම හොඳ කිරි කෝප්පයක් බිස්කට් එක්කම, 
  • රැට කෑම කාලා මොනවාම හරි කනවා පැණි රස දෙයක්. 
     70% ක් විතරම මම හිතන්නේ මේ විදියට තමා කටයුතු කරන්නේ.  
 දැන් අපි හරියටම බැලුවොත්;
උදේ සීනි හැඳි 1 + උදේ 10 ට  සීනි හැඳි 3 +  කෑමෙන් පසු  සීනි හැඳි 2 + හවස  සීනි හැඳි 3 + රෑ කෑමෙන් පසු  සීනි හැඳි 2 =  සීනි හැඳි 11 
කොහොමද කෑම :D

දියවැඩියාව 
         දියවැඩියාව රෝගය ගැන පොඩි හැදින්වීමක් කලොත්, මෙහිදි රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය නියමිත මට්ටමට වඩා අඩු හෝ වැඩි වීමක් සිද්ධ වෙනවා. පුද්ගලයෙකුගේ රුධිරයේ සාමාන්‍යයෙන්  (ඩෙසිලීටරයට මිලිග්රැම්) 64.8 - 104.4 mg/dl ක ග්ලූකෝස් ප්‍රමාණයක් තියෙනවා. උදය කාලයේදී තමා අපේ රුධිරයේ අඩු ග්ලූකෝස් ප්‍රමාණයක් තියෙන්නේ. උදේ ඉදන් හවස් වෙනකම් අපි ගන්න අහාර ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ....එතකොට වෙනදේ ඔයාලට තේරෙනවනේ.....දෙයියනේ කියලා අග්න්‍යාශයෙන් නිපදවෙන ඉන්සියුලින් ස්‍රාවය, අපේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්න උදව් වෙනවා. ඒත් එම ක්‍රියාවලියත් සිද්ධවෙන සීමාවක් තියෙනවා.

        පුද්ගලයෙක්ට දියවැඩියාව නිශ්චිතවම වැළදිලාද කියලා හොයා ගන්න නම්, සම්පූර්ණ මිශ්‍රිත ශිරාගත රුධිර සාම්පල පරීක්ෂා කරන්න ඕන. එහිදී ආහාර ගැනීමට පෙර එම සාම්පලයේ ග්ලූකෝස් ලීටරයට මිලි මවුල 6 ට වඩා අඩු අගයක් තියෙනවනම් මෙම රෝගය වැළදිලා නැති බවත්, අහාර ගැනීමෙන් පසු ලීටරයට මිලි මවුල 8 ට වඩා වැඩි අගයක් තියෙනවනම් මෙම රෝගය නිශ්චිතවම වැළදිලා කියලා නිගමනය කරන්න පුලුවන්.

හැදෙන්නෙ කොහොමද?
        දියවැඩියා රෝගය හුඟාක් වෙලාවට වැළදෙන්නේ අපේ ජීවන රටාවන් වෙනස් වීමෙන්. සීනි සහ පිෂ්ඨය අධික ආහාර ගැනී‍මෙන්, ව්‍යායාම නොකිරීම වගේම මානසික ආතතිය නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටමේ වැඩිවීමක් වෙනවා. 
        මීට අමතරව උසට ගැලපෙන බරට වඩා වැඩි බරක් තියෙනවනම් සහ පවුලේ දියවැඩියාව රෝගින් ඉන්නවනම් මේ රෝගයේ අවදානමක් තමන්ටත් තියෙන්න පුලුවන්. ගර්බනී කාලයේදී රුධිරයේ ග්ලූකෝස් වැඩිවීමෙන් දියවැඩියා තත්වයක් ඇතිවෙනවා. ඒත් එය කෙටි කාලීන රෝගී තත්වයක් විදියට තමා සලකන්නේ. එච්චර බයවෙන්න දෙයක් නැහැ කියලා තමා වෛද්‍යවරුනම් කියන්නේ.

        සීනි සහිත ආහාර වර්ග අපි දවසකට කොයිතරම් ආහාරයට ගන්නවද, සාමාන්‍ය සීනි(දවසකට තේ කෝප්ප තුනක),හකුරු සහ පැණි වර්ග මේවා ඉක්මනින්ම ග්ලුකෝස් බවට පත්වෙලා රුධිරයේ ග්ලුකෝස් මට්ටම එහෙම නැත්නම් සීනි ප්‍රමාණය වැඩිවෙනවා. 

වළකිමු!
දැන් අපි බලමු දියවැඩියා රෝගියෙක් අහාරයට ගනීමට සුදුසු දේවල් සහ නුසුදුසු දේවල් මොනාද කියලා

  • ආහාරයට ගැනීමට සුදුසු දේවල් 
පලතුරු නියත ප්‍රමාණයක්
එළවළු නියත  ප්‍රමාණයක්
මේදය රහිත කිරි
රතු කැකුළු 
කඩල
උළුඳු පිටි සහිත ආහාර
කුරක්කන් සහිත ආහාර
මුං ඇට
කොලෙස්ටරෝල් රහිත මාගරින්
බිත්තර සුදු මද 
  • ආහාරයට ගැනීමට නුසුදුසු දේවල්
මධ්‍යසාර වර්ග
පුඩින්
චොක්ලට්
කේක්
පැණි බීම වර්ග
පැණි හකුරු
රට ඉඳි
සාමාන්‍ය සීනි සහිත ආහාර
සම්පූර්ණ යොදය සහිත කිරි
චීස්
බටර්
බිත්තර කහමද
        මීට අමතරව දිනපතා ව්‍යායාම කළොත්  ඉන්සියුලින්  ස්‍රාවය වීම ක්‍රියාශිලි වෙන නිසා  රුධිරයේ සීනි මට්ටම පාලනය වීමක් සිදුවෙනවා. මෙම ක්‍රියාවලිය සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි. ව්‍යායාම කිරීමේදි මස්පිඩු ක්‍රියාකාරී වෙනවා, ක්‍රියාකාරී මස්පිඩු වලට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ රුධිරයේ තියෙන සීනි වලින්.මස්පිඩු වල ග්ලූකෝස් විදියට ගබඩා වෙනවා. ඒ ගබඩා කරගත්තු ග්ලූකෝස් දහනය වූනාට පස්සේ අමතර ග්ලූකෝස් රුධිරය හරහා අක්මාවේ සිට මස්පිඩු වලට ගමන් කරනවා. මාංශපේශී වලට ගමන් කරන ග්ලූකෝස් ප්‍රමාණය අක්මාවේ සිට රුධිරය හරහා ගමන් කරන ප්‍රමාණයට වඩා අඩු වුනොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වීමක් සිදු වෙනවා. 

        ව්‍යායාම කරද්දි පාලනයකින් යුතුව සිදු කරන්නත් වගබලාගන්න ඕනේ....නැත්නම් වෙනත් රෝග වලට මූණ දෙන්න වේවි. මේ ආකාරයට ආහාර පාලනයෙන් සහ ව්‍යායාම වල යෙදුනොත් මෙය සුව කරන්න බැරි රෝගයක් වුනත් සාමාන්‍ය ආකාරයට එදිනෙදා ජීවිතයේ කටයුතු කරගන්න පුලුවන් අපහසුවකින් තොරව.

        ඉතින් මේ හැමදේටම වඩා ලේසියි..... ක්‍රමනුකුලව විධිමත්ව සහ පාලනයකින් යුතුව  ආහාර ගන්න පුරුදු වුනානම්. එතකොට මේ වගේ ලෙඩ වලින් මිදිලා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුලුවන්. ඒ වගේම තමා මෙම රෝගයෙන් පෙළෙන රෝගින්ව මානසික ආතතියෙන් තොරව ජීවත් කරවන්න වගබලා ගන්න එක අපෙන් වෙන්න ඕනේ යුතුකමක්.




හදිසියේම ඇස ගැටුනු පුංචි සිදුවීමක්......


මේ පහු වුණු කාලේ හුඟාක් වැඩ තිබුණු කාලයක් අනේ....අද තමා ගෙදර ආවේ. මේ වැඩ අතරේ පුංචි හදිසි වැඩකට අපේ කැම්පස් එකට යන පාරේ දුවගෙන යන ගමන් මගේ යාළුවෙක්ව මුණගැහුණා එයාගේ බොයියා එක්ක :) 


දෙන්නා එක්කම හිනාවක් දැම්මා මම, කෙල්ල හිනා වුණා කොල්ලත් හිනා වෙනවා ලාවට ඒත් මාත් එක්කනම් නෙමේ කියලා මට තේරුනා. මම නිකමට පිටිපස්ස හැරිලා බැලුවා කවුද ඉන්නේ කියාලා. "කෙල්ලෙක්" ...... මීට කලින්නම් දැකලා නැහැ. මේ කොල්ලගේ බලපු බැල්මට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ :(



කොල්ලෙක් තමනගේ කෙල්ල ළඟ ඉද්දිම..... වෙන කෙල්ලෙක් දිහා  මද සිනහවකින් ඇස් දෙක පුංචි කරලා ඇස් පිල්ලම් ගහලා බලන්නේ ඇයි????? 


*ඒක දැකපු මටනම් ඒ කොල්ලා ගැන කලකිරීමක් ඇති වුණා. (මට හිතුන දේ  )


මොකද හිතන්නේ ??????


(අදහස් දැන ගන්න කැමති , මට හිතුන දේ වැරදිද දන්නේ නෑ :D )