ජීවිත ගමනේ අතරමංව බලා සිටියදී....
මිතුරන් විය අප දෙදෙනා නොසිතු ලෙස....
සිනා සිසී කල් ගෙව්වා සඟවාගෙන නෙතු පියන් යට කඳුලු කැට,
නොසිතු ලෙස ඔබ සිත පියමන් කළා මගේ හද කුටිය වෙත,
සැගෙව්වද ආදරය දැනුනි මහ මෙරක් බරට,
දරාගත නොහැකි විය සිත පුරා ආදරය.....
හෙලි කළා සිතේහි හැඟුමන්, 
රැ අහසේ පෑයු තනි තරැවක් මෙන්
දිදුලමින්.....
දිස්වුනි ඔබේ සිත තුල හිර කළ තිබු ආදරයේ 
පෙම් සමරුව,
පැවසුවා ආදරය ඔබේ මුවින් පිනි කඳුලු සමගින් මෙවන් 
ආදරණීය මොහොතක........



13 අදහස්:

~ChAnDiKa~ said...

සොදුර,
කලක් තිස්සේ පෙරුම් පුරා හිමිකරගත් සෙනෙහස නුඹය...
නෙතු අයා බලා සිටින සොදුරු රුව නුඹය...
කදුළැල් සලා දරාගත් සුසුම නුඹය...
මුලු ලොවට හොරෙන් නෙතු අග තනිය මැකූ කදුලු බින්දුව නුඹය....
විඩාව නිවා සනහාලන පින්බර සිනහව නුඹය...
නිදිවරා බලා සිට අයදින උණුසුම නුඹය...
ආදරයේ මුදු පහස රැදි සුවය සතුට සමගින් මවෙත ගෙන එන්න...
ඔබ එන්න....

ටී.බී. හේරත් said...

පුද්ගලික කාරනාවක් නෙ, ඕං අපි ගියා.

මාරයාගේ හෝරාව said...

අප්පා..මෙතන එකම ප්‍රේමාලිංගනයක් නෙව...
හොඳා හොඳා..කරගෙන යං...

හසී said...

හොරෙන්ම ඇවිත් බලලා ගියා.. දෙන්න පෙම් කරන ඉසව්වේ ගැවසෙන්න නාකයි...... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. බුදුසරණයි!

මලිති said...

හි හි ....:-D

Anonymous said...

ලස්සනයි මලිති... නියමයි..

මලිති said...

@prasanna86k
ගොඩාක් ස්තුති :)

ජීවිතේ මල් said...

ආනේ... ස්වීට් ඈන්ඩ් සෝයි !
බුදු සරනයි දෙන්නටම !

ඔන්න අපි ඈස් වහ ගත්තා ! :)

මලිති said...

ස්තුතියි!!! හෝව්.... ඇයි මේ ඇස් වහගන්නනේ නරක දෙයක් වෙන්නේ තෑ නෙව මෙතන :(

සේලරු සින්බාද් said...

ෂොක්.

ටී.බී. හේරත් said...

-=වෙසක් සුභ පැතුම=-

Anonymous said...

..ChAnDiKa.. said...

සොදුර,
කලක් තිස්සේ පෙරුම් පුරා හිමිකරගත් සෙනෙහස නුඹය...

Sha maarai aiiya..oya e kale nam ohoma kiwwe wena kenekta kiyala thama apita aaranchi.Kohoma unath Apen Suba pathum..!

~ChAnDiKa~ said...

@ Anonymous
ඔයා දන්නෙ එක්කෙනෙක් ගැන විතරද? :D

Post a Comment