ම්...හැමදාමත් වගේ උදේම ගෙදරින් එළියට බැස්සා.හෙමින් හෙමින් ටවුමට කිට්ටු කළා....උදේම නිසා කඩවල් සේරම වගේ වහලා.
ම්ම්..... කවුද මේ කඩේ දොරකඩ සීතලට ගුලි වෙලා නිදාගෙන ඉන්නේ, මම යන ගමන්ම ඇහැ දාගෙන ගියා.
පව් අහිංසක ගෑණු කෙනෙකුයි පොඩි ළමයෙකුයි කඩේ ඉස්සරහා වැටිලා නිදි. හුඟාක් අසරණ වෙලා.

තමන්ට කියලා ගෙයක්, අපිට වගේ දවස ගානේ අන්දින්න ඇන්දුම්, අඩුම ගානේ අපේ අම්මලා අපිට හදලා දෙනවා වගේ කිරි කෝප්පයක් ඒ පොඩි දරුවා වෙනුවෙන් ඒ දුප්පත් අම්මට කරන්න බැරි තරමට අසරණ වෙලා .අම්මා කෙනෙක්ට බඩගින්නේ ඉන්න පුලුවන් වුනාට කවදාවත් තමන්ගේ දරුව බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න බෑ කිසිම අම්මා කෙනෙකුට. හිඟමන් යැදලා හරි කීයක් හරි හොයාගෙන ඒ දරුවගේ බඩගින්න නිවන්නය උත්සහ කරන්නේ.

දුප්පත්කම නිසා මිනිස්සු ගොඩාක් අසරණ වෙනවා, මේ ලෝකේ හැමදේම රැන්දිලා තියෙන්නේ මුදල් මත නිසා.සමහරු තමන්ගේ මෝඩ වැඩ නිසා තමන්ගේ හැම දේම නැති කරගෙන දුප්පත් වෙනවා. තවත් සමහරු උපතින්ම දුප්පත් කම අරන් එනවා , හරියට මම දැකපු ගෑණු කෙනයි ළමයයි වගේ.

මුදල් මත විතරක් රැදුනු මේ ලෝකයේ අඟහිඟ කම්  වලින් පිරුනු මිනිසුන්ටට ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න වෙනවා. මේවා කෙසේ වෙතත් දුප්පත් පවුල් වල ළමයින්ට වැඩිපුර දුක දැනෙනවා ඒ වගේම අඟහිඟ කම් දැනෙනවා ඒ නිසා  බහුතරයක් ඒ වගේ ළමයින් හැම සැප සම්පතක්ම ලැබෙන දරුවනට වඩා ඉගෙනීමෙන් ඉදිරියට ඇවිත් මේ සමාජයේම උසස් නිළ දරන අවස්ථා බාහෝමයි. ඒ නිසා කෙනෙකුගේ ජිවිතය සාර්ථක කරගන්න ඒ කෙනාගේ දුප්පත් බව හෝ පොසත් බව බලපාන්නේ නැහැ.වටින්නේ තමන්ගේ උත්සහය පමණයි.

මේ පුංචි ළමයවත් ඉස්කෝලෙකට යැව්වනම් කවදා හරි ඒ දරුවගේ උපතින් ගෙනාපු දුප්පත්කම නැති කරන්න පුලුවන් වේවි.
ඉතින් , ඒ වගේ ළමයෙක්ට එයාගේ හීනේ සැබෑ කරගන්න කාට හරි උදව් කරන්න පුලුවන්නම් කොයිතරම් ලොකු පිනක්ද....



8 අදහස්:

හා පැටික්කි (MS) said...

ඔය කතාව ඇත්ත අක්කි. ඒත් සමාජයේම මේ වගේ අය කරන රගපෑම නිසා කවුරුවත් පුංචි උදව්වක් කරන්නවත් ඉදිරිපත් වෙන්නැහැ. මොකද අපි ඔහොම හිතුවට දරුවව පෙන්නලා හම්බකරන් කන උදවිය තමා දැන් වැඩි හරියක් ඉන්නේ. ඇත්තටම මුදලාලිලාගේ උවමනාවට හිඟාකන එකත් රස්සාවක් කර ගත්තු අය තමා දැන් වැඩි පුරම ඉන්නේ......

අනේ මංදා...... ඇත්ත බොරුව බේර ගන්න දැන් අපිට බැ.....

මලිති said...

ඒ කථාවත් ඇත්ත තමා,ඒවගේ මුදලාලිලාට හම්බකරලා දෙන්නෙත් එයාලගේ අසරණකමටනේ....පව් ඉතින්.

Kavindya said...

ඔයා කතාකරන මාතෘකාවනම් සංවේදියි මලිති ඒත් දුරට කල් පනා කරද්දි අපිට පුළුවන් එක්කෙනෙක්ට දෙන්නෙක්ට උදව් කරන්න පුවවන් හාවි නගා කියනවා වගේ සමහර අයි බෙන්ස් වලින් ඇවිත් අසරණ කම පෙන්නන්නේ.. ඔයා කියන මේ දෙන්නනම් ඇත්තටම අසරණයි වගේ.. පාරේම ඉන්න නිසා

හසී said...

මෙයාලා මෙහෙම පාරේ නැති දවසක් මේ ආත්මේ එයිද දන්නේ නෑ :(

මලිති said...

සලම් ඩෝග් මිලියනයා චිත්‍රටියෙන් හොඳින් පෙන්නුම් කරනවා මේ වගේ අහිංසක ළමයින්ට වෙන දේ හාවි නගා කිව්වා වගේ.

Ishan Yapa said...

මම නම් ඔයවගේ කෙනෙක් දැක්කොත් අතේ තියෙන කීයක් හරි දීලා යනවා...... අපි වගේම මිනිස්සුනේ...... නමුත් මොනව කරන්නද ලබා උපන් හැටිනෙ !

මලිති said...

අනිවාර්යෙන්ම, අපිට කරන්න පුලුවන් උදව්ව ඒක තමා ...

ටී.බී. හේරත් said...

කිරි කඳුල...

Post a Comment