සවිය ඔබයි මැණියනි.....



මිනිසත් බව ලබා මෙලොවට මා වැදු මගේ අම්මා නුඹයි,
ලේ කිරි කැටි වලින් කුස සනහා මා හැදු  මගේ අම්මා නුඹයි,
අකුරු කියවා පසල් දිවිය ජය ගතිමි මා නුඹ නිසා,
අත් වැලක් විය ජය ගන්න ජීවිතය ඔබේ ඔවදන් නිසා,
බොහෝ දුර ඇත තවත් ඇවිද යන්නට ජීවිත ගමනේ,
සදාකල් රැදෙන්න මගේ සෙවනැල්ල මෙන් මා අසල,
ඔබේ ආදරය මහ මෙරක් විය මගේ දිවියට,
ගෙවන්නට බෑ නුඹේ ණය මට මේ ආත්මයේ,
මගේ බුදුන් ඔබ නිසා.....
අවසර දෙන්න නමදින්න ඔබේ දෙපා.....






4 අදහස්:

~ChAnDiKa~ said...

අම්ම ගැන කියල ඉවර කරන්න මේ මුලු සංසාරෙම ගත කලත් මදි...

නෙරංජි සුලක්ඛනා said...

අනේ ලස්සන කවිපොඩ්ඩ ....තව ලියන්න...අම්මා කියන්නෙ..පුදුමයක්

සෝරෝ said...

මිනිසෙක් ලෙසින් මෙලොවට මා, වැදු අම්මා
ලේ කිරි කර පොවා ආරයෙන් මා, හැදු අම්මා
ලොව ජය ගන්නට අත්වැල වී සවි දුන් අම්මා
අම්මා විඳි දුක තේරෙයි ඔබ වූදා අම්මා..

Kanishka said...

ලස්සනයි...
පුංචි ටෙක්නිකල් උපදෙසක් දෙන්න ඕනා.. ඔයා දාලා තියෙන "මෙන්න ආපු අය" කියන විජට් එකෙන් ඇඩ් තියෙන pop-up windows open ‍වෙනවා.. ඇඩ් නොදාන එකක් හොයලා දාගත්තොත් බ්ලොග් එක බලන අයට පහසු වේවි.. :)

Post a Comment